පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැවිලි සේවකයින්ට ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ වතු ආශ්‍රිතව ජීවත් වන සෙසු ප්‍රජාවට ඇති වූ බලපෑම පිලිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය දැඩි අවධානය යොමු කර ඇත. මෙරට වැවිලි ක්ෂේත්‍රය පාරිසරික වශයෙන් සංවේදී සහ ස්වභාවික ව්‍යසනයන්ට නතු වන ප්‍රදේශවල සිය ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙන බැවින් මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ඒම ප්‍රදේශවල ජීවත් වෙමින් ඊට සහාය වන වතු සේවකයින් සහ ඔවුනගේ පවුල්වල සමාජිකයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය , තම තම ප්‍රමුඛතම වගකීම බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.
සුළි කුණාටුව සහ ගංවතුර තත්වයෙන් අනතුරුව කලාපීය වැවිලි සමාගම් ඉතා ඉක්මනින් සිය හදිසි අපදා ප්‍රතිචාර ආරක්ෂණ පිලිවෙත් යාන්ත්‍රණය විපතට පත් ප්‍රදේශයන් හි ක්‍රියාවට නංවන ලදි. වතු කළමණාකාරීත්ව කණ්ඩායම් ප්‍රදේශීය පාලනාධිකාරිය සමග සම්බන්ධ වෙමින් නායයෑම් සහ ජල ගැලීම් වලට නතු වූ අධි අවදානම් ප්‍රදේශ හඳුනා ගන්නා ලදි. මෙබඳු අවදානම් සහගත ස්ථානයන්හි තවදුරටත් පදිංචිව සිටි පවුල් පාසල්, ආගමික මධ්‍යස්තාන, සහ ප්‍රජා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කරමින් ඔවුන්ගේ ජීවිත අවදානම අවම කිරීමට සහ කඩිනම් ආරක්ෂාවක් ඔවුන් වෙත සැපයීම සහතික කරන ලදි.
මීට සමගාමීය ගනු ලැබූ පියවරයන් අතර වතු ක්ෂේත්‍රයේ මෙහෙයුම් කටයුතු යලි යථාවත් කිරීම සහ ඔවුන්ට සමාන්‍ය පරිදි ජීවත් වීමට අදාල පරිසරය තහවුරු කෙරිණ. ගංවතුර සහ නාය යෑමෙන් ගොඩ ගැසුනු සුන්බුන් ඉවත් කිරීම, සේවක නිවාස සහ වතුවල පිහිටි යටිතල පහසුකම් වලට සිදු වූ හානිය තක්සේරු කිරීම සහ වතු සඳහා තිබු ප්‍රවේශ මාර් ග හැකි පමණ පිලිසකර කරන ලදි. වතු ආශ්‍රිතව කටයුතු කරන වෛද්‍ය කණ්ඩායම් සහ සුබසාධන නිලධාරීන් අදාල ප්‍රදේශ වෙත අනුයුක්ත කර ඒම ප්‍රදේශවල ජීවත් වන වතු සේවක ප්‍රජාවගේ සෞඛ්‍ය තත්වය, පිලිබඳව පසුවිපරම් සිදු කිරීම සහ සුලි කුණාටුවෙන් අනතුරුව වඩාත් ඉක්මනින් ඒම තත්වයන් පිලිබඳව වතු ආශ්‍රිතව ක්‍රියාත්මක වූ සන්නිවේදන යාන්ත්‍රණය හරහා මෙම ස්වභාවික ව්‍යසනය පිලිබඳව වතු සේවක ප්‍රජාව දැනුවත් කිරීමද සිදු කෙරිණ.
වර්තමානයේදී කලාපීය වැවිලි සමාගම් විසින් මෙම ව්‍යසනයට ගොදුරු වූ වතු සේවකයින් සහ ඒ ආශ්‍රිත ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර සැපයූ අතර තාවකාලික නවාතැන්, සහ බෙහෙත් සපයන ලදි. අවදානම් කණ්ඩායම් වන දරුවන්, වැඩිහිටි ප්‍රජාව, සහ යම් සෞඛ්‍ය තත්වයන්ගේ සිටි පුද්ගලයින් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම කෙරෙහි බාධා මතු වූ ස්ථානයන් වෙත අතුරු සහන සලසමින් අත්‍යවශ්‍ය සේව අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් විනාශ වූ යටිතල පහසුකම් ස්ථාවර යලි ගොඩ නැංවීමේ දිගු කාලීන සැලසුම් ක්‍රියාවට නැංවීම ආරම්භ කර ඇත.
මෙම ව්‍යසනයෙන් සැලකියි යුතු හානියක් සිදු වූ පුද්ගලයින් සහ නිවාස හඳුනා ගැනීමේ කටයුතු දැනටමත් අරඹා ඇති අතර මේ සඳහා වතු කළමනාකාරීත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අදාල රජ්‍ය ආයතන සමග සමීපව කටයුතු කරමින් සිටී.
ප්‍රදේශීය ලේකම් කාර්යාල සමග සමීපව කටයුතු කරමින් වතු සේවකයින්ගේ ඒදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහා වතු කළමනාකාරීත්ව කටයුතු කරන අතර සහනාධාර බෙදාහැරීම, සහ විනාශ වූ මංමාවත් යලි පිලිසකර කරමින් ගමනාගමන සබඳතා යලි ඇරඹීම සඳහා අවශ්‍ය සහාය අඛණ්ඩව ලබා දෙමින් සිටී. කලාපීය වැවිලි සමාගම් රාජ්‍ය ආයතනයන් සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කරමින් සහන සේවා විධිමත් සහ අඛණ්ඩව පැවත්වාගෙන යෑම සහතික කර ඇත.
සිදුවී සමස්ත හානිය පිලිබඳව කෙරෙන පූර් ණ තක්සේරු වාර් තාව සකස් කර නිමවෙන තුරු වතු යටිතල පහසුකම්, වතු නිවාස සහ භෝගවලට සිදු වූ හානිය පිලිබඳව ආරම්භක තක්සේරුවක් වැවිලි මානව සංවර් ධන භාරයේ සහ රාජ්‍ය ආයතනයන්හි සහාය ඇතිව සිදු කෙරෙමින් පවති. මෙම ඇගයුම් මගින් කඩිනමින් යථාවත් කල යුතු අංශයන් සහ දිගු කාලීනව පුනරුත්ථාපනය කල යුතු අංශයන් පිලිබඳව විද්‍යානුකුල සැලසුමක් ලබා දෙනු ඇත. එබැවින් මෙම තත්වය තුල වතු ක්ෂේත්‍රයට සිදුව ඇති සමස්ත හානිය පිලිබඳව පුර් ණ වාර්තාව අවසන් ව නොමැත. වතු ආශ්‍රිතව කටයුතු කරන සෞඛ්‍ය කාර් ය මණ්ඩලය මෙම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව පැමිණිය හැකි සෞඛ්‍ය උවදුරු නිදසුනක් ලෙස ජලය මගින් බෝවිය හැකි රෝග, ආදිය පිලිබඳව වඩාත් සෝදිසියකින් සිටින අතර මේ පිලිබඳව රජයේ සෞඛ්‍ය බලධාරීන් සමග සමීපව කටයුතු කරයි.
ප්‍රවේශ මාර් ග පියවරෙන් පියවර යථාවත් වෙමින් පවතින අතර වතු වැඩි සංඛ්‍යාවක් සඳහා ප්‍රවේශ වන මාර් ගයන්හි පැවති ගැටලු මේ වන විට නිරාකරණය වී ඇත. තවමත් ඇතැම් වතුයායන් ආශ්‍රිතව ඇතිවන විදුලිය සහ ජල සම්පාදනයෙහි විසන්ධි වීම් යලි යථාවත් කෙරෙමින් පවතින අතර දැනට පවතින කාළගුණික තත්වය ඒම ක්‍රියාවලිය සඳහා යම් බාධාවන් ඒල්ල කර ඇත.
ඉදිරියේදී ඇති වන වැසි තත්වයන් වලදී ඇති විය හැකි ස්වභාවික ව්‍යසන හා ආපදාවන්ට මුහුණ දීම සඳහා වැවිලි ක්ෂේත්‍රය පෙර සූදානමකින් කටයුතු කරන අතර මෙම යාන්ත්‍රණය සවිමත් කර ඇත. ප්‍රාදේශ ලේකම් කාර් යාල, වැවිලි මානව සංවර් ධන භාරයේ මග පෙන්වීම යටතේ කලාපීය වැවිලි සමාගම් විසින් අවදානම් සහගත ස්ථාන හඳුනාගැනීම, ස්වභාවික විපත් අනතුරු හැඟවීම මගින් පුද්ගලයින් ඒම ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රඳවා තැබීමට හැකි වනු ඇත.
පසුගිය කාලයේදී ඇති වූ මෙවැනි ස්වභාවික හා වෙනත් උවදුරු හමුවේ වැවිලි ක්ෂේත්‍රය විසින් පෙන්නුම් කල ඔරොත්තු දීමේ හැකියාව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය විසින් ඇගයීමට ලක් කරන අතර විශේෂයෙන් කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ කලාපීය වැවිලි සමාගම් අනෙකුත් පාර් ෂවයන් සමග සම්බන්ධ වෙමින් කටයුතු කල ආකාරයටම මෙම ජාතික ආපදා තත්වය තුල වඩාත් වගකීම් සහගතව කටයුතු කරනු ඇති පවසා සිටී. වතු ආශ්‍රිත ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කරමින් ඔවුන් යලිත් සාමාන්‍ය දිවි පෙතට පත් කර ලීම වෙනුවෙන් සිය ආයතනය කැපවන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී.





