මධ්‍යම පළාතට සුවපහසු මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) සිය සේවාවන් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමේ පියවරෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් පසුගියදා ගම්පොල නවතම ශාඛාව පිහිටුවනු ලැබීය. MIFL හි 37 වන ශාඛාව ලෙස විවෘත වූ එම ශාඛාව තුළින් ගම්පොල ප්‍රදේශයේ මෙන්ම මධ්‍යම පළාතේ ජනතාවට පහසු හා කඩිනම් මූල්‍ය විසඳුම් සලසා දීමට MIFL සමත් වනු ඇත.

MIFL හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් රැසක් එක්ව සිටියහ. ප්‍රදේශයේ පුද්ගල හා ව්‍යාපාර දියුණුව වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීමේ අරමුණින් ආරම්භ කෙරුණු මෙම ශාඛාව තුලින් විවිධ වාහන වෙළෙඳ නාම සඳහා ලීසිං පහසුකම්, ව්‍යාපාර සහ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය, චක්‍රීය ණය, රන් ණය සහ ස්ථාවර තැන්පතු ඇතුලු පරිපූර්ණ මූල්‍ය විසඳුම් විශාල ප්‍රමාණයක් පහසුවෙන් සලසා ගැනීමට හැකියාව උදා කර දී ඇත.

මෙම අවස්ථාවට එක් වෙමින් Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා සඳහන් කර සිටියේ ‘’අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් ගැලපෙන, විශ්වාසදායී හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් ඔවුන් සමීපයට ගෙන යමින් පහසු මූල්‍ය සේවාවක් සලසා දීමේ අපගේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස මෙම නවතම ශාඛාව හඳුන්වා දිය හැකියි. සෑම ශ්‍රී ලාංකිකයකුටම තමන්ගේ අනාගත අභිවෘද්ධිය ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා වඩා හොඳ මූල්‍ය සේවාවක් සලසා ගැනීමේ අවස්ථාව උදා විය යුතු යැයි අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා.’’ යනුවෙනි.

දියුණුව කරා පියනගන සුවහසක් ශ්‍රී ලාංකිකයින් වෙත වගකිවයුතු සේවාවක් ලබා දෙමින් ඔවුන් තාක්ෂණික මූල්‍යකරණ අවබෝධය ඉහළ නැංවීම උදෙසා MIFL කැපවී කටයුතු කරයි. එම සේවාවන් ජනතාව අතරට ගෙන යාමට කැපවී සිටින සිය ශාඛා ජාලයේ නවතම සාමාජිකයා ලෙස ගම්පොල ශාඛාවද ඊට සුවිසල් ශක්තියක් එක් කරනු ඇත. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ගැලපෙන මූල්‍ය විසඳුම් හඳුන්වා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති MIFL අද වන විට වැඩි ඉල්ලුමක් පවතින ක්ෂුද්‍ර, සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ විවිධ වෙළෙඳ නාම සහිත රථ වාහන ආනයනකරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද මූල්‍ය විසඳුම් ඇතුලු නවතම හඳුන්වා දීම් රැසක් සිදු කර ඇත.

IASL launches revamped website to...
YOLO by Prime Lands நிர்மாணமானது...
Power World සහ Kings Hospital...
Atlas Makes Learning the Perfect...
මහනුවර සහ කුරුණෑගල නව ශාඛා...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන්...