රටේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපනික ණය ලබා දීමට HNB සහ ESOFT Uni අත්වැල් බැඳ ගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ESOFT Uni Pvt Ltd සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. එහි අරමුණ වූයේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් වෙත අධ්‍යාපනික ණය ලබා දීමයි.

මෙම හවුල්කාරීත්වය යටතේ ESOFT හි ලියාපදිංචි වන සිසු සිසුවියන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවන්හිදී මූල්‍ය පීඩනය අවම කිරීම සහ ඉගෙනුම් අත්දැකීම් ඉහළ නංවා ගැනීම සඳහා HNB හි අධ්‍යාපනික ණය සමඟින් විශේෂ දීමනා රැසක් හිමිකර ගත හැකිය. එහිදී බි්‍රතාන්‍ය උපාධි පාඨමාලාවන් සඳහා සම්බන්ධ වන අයට Dell Vostro 3530 ලැප්ටොප් පරිගණකයක් හෝ රු. 100,000ක උපකාරක පන්ති ගාස්තු අඩු කිරීමක් හිමි කර ගත හැකි අතර HND, Top-Up, MBA හෝ MSc උපාධි පාඨමාලාවන් සඳහා ඇතුලත් වන සිසු සිසුවියන්ට ී්පිමබට ත්‍16 5ඨ ස්මාර්ට් ජංගම දුරකතන හෝ උපකාරක පන්ති ගාස්තුවෙන් රු. 50,000ක මුදලක් අඩු කර ගැනීමටද අවස්ථාව සලසා දී ඇත.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ණය ආපසු ගෙවීම සඳහා දිගු ණය සහන කාලයක් ලබා දීමටද HNB කටයුතු කර තිබීමයි. එහිදී අධ්‍යයන කටයුතු ආරම්භක කාලයේදී ණය පොලී කොටස පමණක් ගෙවීමට අවස්ථාව ලබා දීම හේතුවෙන් සිසු සිසුවියන්ට බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී/ජ්‍යෙෂ්ඨ උප සභාපති කාංචන කරුණාගම මහතා සඳහන් කළේ “අධ්‍යාපනය යනු තම අනාගය වෙනුවෙන් පුද්ගලයකුට කළ හැකි හොඳම ආයෝජනය බව HNB සැමවිටම විශ්වාස කරනවා. ESOFT Uni සමඟ ඇති කර ගනු ලැබූ මෙම හවුල්කාරීත්වයෙහි අරමුණ වන්නේ සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපනය සඳහා පිවිසෙමින් ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීමයි. බොහෝ තරුණ තරුණියන්ට හැකියාවන් සහ බලාපොරොත්තු රැසක් තිබුණද මූල්‍යමය බාධාවන් නිසා ඒවා සැබෑ කර ගැනීමට හැකි නොවන බව අපි අවබෝධ කරගෙන සිටිනවා. එබැවින් මෙම හවුල්කාරීත්වය හරහා එම බාධාවන් ඉවත් කරමින් ඔවුන්ගේ අධ්‍යාපන ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමටත් ඔවුන්ටත් රටටත් වඩා හොඳ හෙට දවසක් උදා කර දීමටත් අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

ESOFT Uni සමඟ වන මෙම සහයෝගීතාවය තුලින් සිසු සිසුවියන්ට ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවස්ථාවන් ලබා දීම කෙරෙහි HNB හි කැපවීම මනාව පිළිබිඹු කරයි. එමෙන්ම ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය ඉලක්ක 4 සහ අසමානතාවයන් අවම කිරීම පිළිබඳ ඉලක්කයන් 10 ඉටු කිරීම සඳහා බැංකුවේ සහයෝගයද මේ තුලින් අවධාරණය කරයි.

இலங்கை நுரையீரல் நிபுணர்கள் கல்லூரியின் ‘RESPIRE...
Lina මැනුෆැක්චරින්,ශ්‍රී ලංකා ශ්වසන රෝග...
2026 சர்வதேச மகளிர் தினத்தை ஒட்டி...
Lina Manufacturing supports SL College...
Sampath Bank and Apartner Bring...
How Samsung’s Hospitality TV Series...
HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
How Samsung’s Hospitality TV Series...
HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...