රුපියලේ අගය ඉහළ යාම සහ ප්‍රතිපත්තිවල සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අපනයනකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී

Share

Share

Share

Share

අපනයනකරුවන් නියෝජනය කරනු ලබන සාමූහික ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ වුව ද රැකියා සුරක්ෂිත කිරීම සහ ස්ථාවර විදේශ විනිමය රට තුළට ගෙන ඒම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ක් පමණ වන වෙළඳ භාණ්ඩ අපනයනවලින් බහුතරයක් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන අපනයනකරුවන් නියෝජනය කරනු ලබයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම, බැංකු අතර විදේශ මුදල් සංචලනය සීමා කිරීම සහ අපනයනවලින් උපයන ඉපැයීම් අනිවාර්යයෙන් රුපියල් බවට පරිවර්තනය කිරීම වැනි අපනයනකරුවන්ට එල්ල වී ඇති අභියෝගවලට විසඳුම් ලබා දෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

රුපියල ඉහළ යාමේ බලපෑම

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රුපියල ඉහළ යාමෙන් විවිධ ආකාරවලින් අපනයන ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමෙන් අපනයනය කරනු ලබන භාණ්ඩ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට මිල අධික තත්වයකට පත් වන අතර එය ගෝලීය වෙළඳපොළ තුළ වන තරගකාරීත්වයට සෘජුව බලපෑම් එල්ල කරන බව එම සංගමය පෙන්වා දෙයි. 2022 මැයි මාසයේදී ඇ.ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 364ක් ලෙස විනිමය අනුපාතිකය වෙනස් වීම හේතුවෙන් අපනයනකරුවන්ගේ මෙහෙයුම් වියදම් ද වැඩි විය. තව ද රටේ ඉහළ ගිය උද්ධමනයට අනුකූලව අපනයනවල පිරිවැය පදනම සකස් කිරීමට ද සිදු වූ බව අපනයනකරුවන් පවසයි. මේ අතර මාර්තු 19 වැනිදා සිට රුපියලේ අගය සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර සහ සේවකයින්ගේ ජීවනෝපාය අනතුරේ හෙළමින් ඔවුන්ව අසීරු තත්වයකට පත් කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වෙයි. රුපියලේ අගය ඉහළ ගිය ද ජීවන වියදම තවමත් ඉහළ මට්ටමක පවතින අතර එම නිසා සේවක වැටුප් මත ඇති පීඩනයේ වෙනසක් නොමැති බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමට හේතුව

ආර්ථිකය ස්ථාවර කිරීමේ අභියෝගාත්මක ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්ති අනුපාත ගැලපීම්, උද්ධමනය සහ බදු මෙන්ම ආනයන පාලනයන් සහ ණය සේවා අත්හිටුවීම් ඇතුළු සැලකිය යුතු ක්‍රියාමාර්ග ගෙන තිබුණි- මෙම ක්‍රියාමර්ගවල අරමුණ වුයේ ආර්ථික ක්‍රියාකාරකම් සීමා කිරීම සහ ආනයන ඉල්ලුම පාලනය කිරීමයි. එසේ තිබියදීත්, රජය, අපනයන අංශය, සංචාරක කර්මාන්තය සහ ප්‍රේෂණ යන අංශවල ඒකාබද්ධ ක්‍රියාමාර්ග රට තුළට විදේශ විනිමය ගෙන ඒම සහ විදේශ සංචිත ප්‍රමාණය ඉහල යාමට හේතු වී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ රටේ ණය ගෙවීම තාවකාලිකව නතර වී ඇති අවස්ථාවක මෙය සිදු වීමයි.

අර්බුදයේ උච්චතම අවස්ථාවේදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයනකරුවන් විදේශ විනිමය මගින් උපයන ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ප්‍රතිපත්තියක් (2021 ඔක්තෝබර් 28 දිනැති ගැසට් අංක 2251/42) හඳුන්වා දෙන ලදී. මෙම ප්‍රතිපත්තියට අනුව අපනයනකරුවන් විසින් යම් යම් නිදහස් ගෙවීම් හැර, නිශ්චිත කාල සීමාවක් තුළ විදේශ විනිමය ලැබීම් රුපියල් බවට පරිවර්තනය කළ යුතුය. කෙසේ වෙතත්, ඔවුන්ගේ විදේශ මුදල් ඉපැයීම් අපනයනකරුවන්ට ඔවුන්ගේ මුදල් ප්‍රවාහ අවශ්‍යතා හෝ ඔවුන් කැමති බැංකුව මත පදනම්ව රුපියල් බවට පත් කළ යුත්තේ කවදාද කොතැනට ද යන්න තෝරා ගැනීමට නොහැකි වූ නිසා ඔවුන්ගේ අපනයන මෙහෙයුම් මත පීඩනයක් ඇති කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ-

නව ආර්ථික පරිසරයක ප්‍රතිපත්ති නැවත සලකා බැලීම

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ඔවුන්ගේ විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බවත් දැනට ප්‍රමාණවත් විදේශ මුදල් සංචිත පවතින බැවින් අනිවාර්ය පරිවර්තන ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵලදායක නොවන බවත්ය. මෙය අපනයනකරුවන්ට වෙළඳපොලේ අවාසි තත්වයක් ඇති කරයි- අත්‍යවශ්‍ය අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සහ අනාගත ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීමට අපනයනය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බව එම සංගමය පෙන්වා දෙයි.

ප්‍රතිපත්ති පිළිබඳ නැවත සලකා බැලීම

මෙම කරුණු සහ වෙනස් වන ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන ඉහත සඳහන් කර ඇති ගැසට් පත්‍රය නැවත සලකා බලා අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය මහ බැංකුවෙන් ඉල්ලා සිටී. මෙම ඉල්ලීම මගින් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ අරමුණු කරන්නේ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනයට හා තරඟකාරීත්වයට පහසුකම් සලසන මෙන්ම දිරිගන්වන පසුබිමක් නිර්මාණය කිරීමයි. මෙම ප්‍රතිපත්තිමය ගැටලු විසඳුම් ලබා දීමෙන්, තිරසාර ආර්ථික වර්ධනයක්, ජනතාවගේ රැකියා සුරක්ෂිත කිරීම සහ රටේ දියුණුව සහතික කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ හැකි බව එම සංගමය පවසයි.

මෙම අරමුණු කරා යාමට නිසි පියවර ගැනීමට අප හා එක්වන ලෙස ශ්‍රී ලංකා රජයට අපනයනකරුවන්ගේ සංගමය ආරාධනා කර සිටී. එක්ව, ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයට සහ සමස්තයක් ලෙස මෙරට ආර්ථිකයට වඩා දීප්තිමත්, ශක්තිමත් අනාගතයක් කරා පියනැගිය හැකි බව එම සංගමය විශ්වාසය පළ කරයි.

 

 

 

 

 

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...