20 – 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය පසුගියදා අවසන් වූයේ ක්‍රිකට් ඉතිහාසයට බොහෝ දේ අලුතින් එකතු කරමිනි. ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ශ්‍රී ලංකාවේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා ආදරයෙන් වැළඳගත් ක්‍රීඩාවකි. ඒ නිසාම මෙවර තරඟාවලිය නැරඹීම සඳහා සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් එක් වූහ. එහිදී ක්‍රීඩා තරඟ නැරඹීමෙන් නොනැවතී ක්‍රිකට් ක්‍රීඩාවේ රස මුසු තැන් සමඟින් ඉදිරිපත් කළ විවිධ සංවාදයන්ට සවන් දීමට ඔවුන් පුරුදු වී ඇත්තේ ඒ තුලින් තරඟය නරඹනවාට වඩා වැඩි රසයක් විඳ ගැනීමට හැකි වන බැවිනි. එසේ විවිධ ක්‍රිකට් සංවාදයන් රස විඳීමට හොඳම වේදිකාව බවට TikTok පසුගිය කාල තුල වඩාත් ජනප්‍රිය විය.
TikTok වේදිකාව තුළ බොහෝ දෙනා ඉතා ආදරයෙන් වැළඳගත් ක්‍රිකට් සංවාදයන් අතරේ උදිත් එරෝෂ් සහ විදුරංග විලෝචන ගුණසේකරගේ සංවාදයන් ඉතා වැදගත් විය. විශේෂයෙන් මිතුරන් අතර සාකච්ඡාවක් බඳු වූ උදිත් එරෝෂ්ගේ ක්‍රිකට් සංවාදය තුලින් බොහෝ යටගියාවන් අවබෝධ කර ගැනීමට හැකි වූ අතර විදුරංග විලෝචනගේ ක්‍රික් විදූ තුලින් ක්‍රිකට් විශ්ලේෂණයන් හා දත්තයන් පිළිබඳ විග්‍රහයක් අත්විඳිය හැකි විය.
ඔවුන්ගේ මෙම ඉදිරිපත් කිරීම් නිසාම ක්‍රිකට් තරඟාවලිය පුරා දිනෙන් දින දැනුම අලුත් කර ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවකාශ උදා විය.
තරඟයේ උණුසුම සංවාදයක් බවට පත් කළ උදිත් එරෝෂ්
සෑම ප්‍රේක්ෂකයකුටම පහසුවෙන් අවබෝධ කරගත හැකි හුරු පුරුදු ආකාරයෙන් ඉදිරිපත් කරන සංවාද තුලින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන ඇති උදිත් එරෝෂ් එදිනෙදා ක්‍රිකට් පිළිබඳ අදහස් කණ්ඩායමක් සමඟ බෙදා ගැනීමේ ආකාරයෙන් TikTok හි වීඩියෝ ඉදිරිපත් කරනු ලබයි. ඔහුගේ වීඩියෝ කෙටි නමුත් විස්තරාත්මකය. ක්‍රිකට් තරඟයක් නැරඹීමෙන් ලබන අත්දැකීමටකට වඩා අත්දැකීමක් මේ සංවාදයන්ට සවන් දීම තුලින් ලබා ගත හැකි විය. එසේම තමන්ගේ අදහස් බෙදා ගැනීමට, තේරීම් ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට හොඳම අන්තර්ගත නිර්මාණශිල්පියකු ලෙස උදිත් තෝරා ගෙන ඇති ප්‍රේක්ෂකයින් ඔහු විචාරකයකුට වඩා සත්කාරකයකු ලෙස සලකනු ලබයි.
කිසිඳු රසිකයකුට ක්‍රිකට් පිළිබඳ ගැඹුරු අවබෝධයකින් හෝ තර්කන හැකියාවකින් තොරව මෙම සංවාදයන්ට ඇහුම්කම් දෙමින් එහි ඇති තොරතුරු හොඳින් අවබෝධ කර ගැනීමට හැකිවීමයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ තත්වය තේරුම් කර දෙන ක්‍රික් විදූ
සංවාදයට වඩා පැහැදිලි කිරීම ක්‍රික් විදූගේ විශේෂත්වයයි. ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ තොරතුරු මතකයේ තබා ගැනීමට නොහැකි වුවද හි TikTok ක්‍රික් විදූ ඒ සෑම තොරතුරක්ම ගෙන හැර දක්වමින් පැහැදිලි කරනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්වීම් ප්‍රේක්ෂකයා අතරට ගෙන යමිනි. මිනිත්තු 20ක් පුරා දිවෙන ක්‍රික් විදූගේ අනත්ර්ගතයන් සෑම විටම ක්‍රීඩාවේ උණුසුම දනවමින් සැබෑ විශ්ලේෂණයන් තුලින් ඉදිරිය පිළිබඳ අවබෝධයක් ලබා දීමට සමත් වේ.
පසුගිය ලෝක කුසලාන තරඟාවලිය පුරා විවිධ අර්ථකතනයන් තුලින් ක්‍රීඩාවේ අඩුපාඩු හා නව්‍යයත්වයත් ගෙන හැර දැක්වීමට සමත් වූ ක්‍රික් විදූ විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් තමන් වටා තබා ගනිමින් නිරන්තරයෙන් තරඟ පිළිබඳව විශ්ලේෂණයක් සිදු කරනු ලැබීය. එය ප්‍රේක්ෂකයන්ට තරඟ නැරඹීමේදී මනා අවබෝධයෙන් ඒවා නැරඹීමට කදිම අවස්ථාවක් විය.
මෙහිදී විශේෂයෙන් ක්‍රික් විදූ සිය අන්තර්ගතයන් තුලින් තරඟයට පෙර තරඟය පිළිබද විස්තරය, පළම ුඉනිම අවසානයේ සිදු කරන විස්තර කිරීම හා තරඟයෙන් පසු විචාරය ලෙස පැහැදිලි ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය. ඉනිම ආරම්භයේදී තරඟයේ වැදගත්ම, ක්‍රීඩකයන් යොදා ගැනීම, කණ්ඩයම් ස්වභාවය වැනි දේද, පළමු ඉනිමෙන් පසු එම ඉනිම තුල සිදුවූ විශේෂත්වය, වැදගත් දේ පිළිබඳවද තරඟය අවසානයේ එහි සමස්තය පිළිබඳවද ක්‍රික් විදූ සංවාදයට යොදා ගනු ලැබීය.
TikTok යනු හුදු විනෝදාස්වාදය සඳහා යොදා ගන්නා සමාජ මාධ්‍ය අවකාශයක් නොවන බව දැන් බොහෝ දෙනා දනිති. එවන් අවකාශයක් තුළ ක්‍රීඩාවේ චමත්කාරය ප්‍රේක්ෂකයා අතරට ගෙන යාමට සමත්ව සිටින උදිත් සහ ක්‍රික් විදූ ක්‍රීඩාව පිළිබඳව සිය දැනුම හා උනන්දුව තනිර්මාණකරණය සඳහා යොදා ගැනීමට කටයුතු කර ඇත්තේ සියලු දෙනාට වැදගත් අවස්ථාවක් නිර්මාණය කරමිනි.
සරල ඉදිරිපත් කිරීමකින් නොව විශ්ල්ෂණය තුලින් හරවත් කියවීමක් සමඟින් ඉදිරිපත් කරන අන්තර්ගතයන් දත්තයන් හා සිදුවීම් තුලින් තව තවත් සනාථ කරමින් ක්‍රීඩාවේ සැබෑ ස්වභාවය ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නට TikTok වේදිකාව කරගත් ඔවුන් ක්‍රිකට් පිළිබඳ ඔබ නොදත් තවත් බොහෝ දේ පිළිබඳව දැනුවත් කරනු ඇත.



