විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, UNIMO Enterprises සමඟ අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

නව්‍ය මූල්‍ය සේවා සඳහා කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා UNIMO Enterprises සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මඟින් DFSK Glory i-AUTO, JMC Vigus Pro, JMC N700 ට්‍රක්රථ, Seres 3, Perodua Axia, Perodua Bezza සහ Perodua Aruz වැනි මාදිලි ඇතුළු විවිධ පරාසයක වාහන සඳහා දැරිය හැකි සහ නම්‍යශීලී ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත.

මෙම හවුල්කාරිත්වය යටතේ HNB විසින් පුද්ගල සහ ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති ආකර්ෂණීය පොලී අනුපාත සහ ආපසු ගෙවීමේ විකල්ප සමඟින් එක් එක් පාරිභෝගික අවශ්‍යතා අනුව විශේෂයෙන් සැලසුම් කරන ලද ලීසිං පැකේජ ලබා දෙනු ඇත. යුනයිටඩ් මෝටර්ස් ලංකා හි අනුබද්ධිත ආයතනයක් වන UNIMO Enterprises ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වාහන සන්නාම රැසක් පිරිනමනු ලබන අතර පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ වාහන ලබාදීම සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් තුළින් විශ්වසනීය සේවාවක් සහතික කරයි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB හි ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “UNIMO Enterprises සමඟ අපගේ හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට වාහන ලීසිං කිරීම සඳහා නව සහ පහසු ක්‍රම ලබා දීම සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරනවා. පුළුල් පරාසයක වාහන සඳහා මෙම තරඟකාරී ලීසිං සැලසුම් සමඟින්, පාරිභෝගිකයින්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සහාය වීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙනි.

තවද මෙම හවුල්කාරිත්වය වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට දැරිය හැකි සහ නම්‍යශීලී මූල්‍ය විකල්ප ලබා දීමෙන් පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට අපට උපකාරී වනවා. UNIMO සමඟ එක්ව, අපි වාහන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ව්‍යාපාර වර්ධනය කිරීමට සහ විශිෂ්ට සේවාවක් සැපයීමට අපේක්ෂා කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

දිවයින පුරා පිහිටි ඕනෑම HNB ශාඛාවකින් පාරිභෝගිකයින්ට මෙම ලීසිං විකල්ප වෙත ප්‍රවේශ විය හැකිය. තවද පාරිභෝගිකයින් සෑහීමකට පත්වන බව සහ ඔවුන්ගේ වාහන දිගු කල් පවතින බව සහතික කිරීම සඳහා UNIMO Enterprises නඩත්තු සේවා සහ නියම අමතර කොටස් ඇතුළුව අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් අඛණ්ඩව ලබා දෙනු ඇත.

தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...
ලෝක කුසලාන ක්‍රිකට් උන්මාදය ප්‍රේක්ෂකයා...
දකුණු ආසියාවේ සිය කුළුඳුල් ප්‍රවේශය...
The Selvern Trust unlocks new...
Fortune GP Farms Strengthens Poultry...
Janashakthi Life 2025 වසරේ රු....
Selvern භාරය වෙතින් SELVE app:...
Fortune GP Farms Strengthens Poultry...
Janashakthi Life 2025 වසරේ රු....
Selvern භාරය වෙතින් SELVE app:...
உற்பத்தியின் தரம் மற்றும் விநியோகத் திறனை...