වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා කිරුළ නැවතත් MAS Holdings දිනා ගනී

Share

Share

Share

Share

 

40 වැනි වාර්ෂික වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා දියගමදී නිමාව දුටු අතර එහි ජවන හා පිටිය ඉසව්වලදී සිය ආධිපත්‍ය පතුරුවමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට MAS Holdings සමත් විය. ආයතනික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමන් ප්‍රමුඛයින් බව නැවතත් සනාථ කරමින් මෙම සමස්ත තරගාවලියේදී තමන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය මැනවින් පෙන්නුම් කිරීමට MAS හට හැකි විය. මෙහිදී තරගාවලියේ සමස්ත ලකුණු 560 ක් දිනා ගනිමින් MAS සමස්ත ශූරතාවයට හිමිකම් කියද්දී ලකුණු 296 ක් ලබා ගත් SLT-MOBITEL එහි අනුශූරතාව දිනා ගත්තේය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික මලල ක්‍රීඩා තරගාවලීන් අතර ප්‍රධාන තැනක් ගනු ලබන මෙම 2025 වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය, ශ්‍රී ලංකා වෙළඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම තරගාවලිය වසර 40 ක් පුරාවට ආයතනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දක්ෂතා, මිත්‍රත්වය සහ ආයතන අතර කණ්ඩායම් හැඟීම සැමරූ අවස්ථාවක් විය. දින තුනක් පුරා ජවන හා පිටිය ඉසව් රැසක් සමඟින් දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සමාගම් 80 කට වැඩි සංඛ්‍යාවක් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වුණි.

මෙහිදී MAS කණ්ඩායම විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් කාණ්ඩ පහක් යටතේ ශූරතා පහක් දිනා ගනිමින් සමස්ත ශූරතාවට හිමිකම් කීමට සමත් විය.
• සමස්ත කාන්තා ශූරතාවය – ලකුණු 341
• සමස්ත පිරිමි ශූරතාවය – ලකුණු 214
• කාන්තා මාස්ටර් සමස්ත ශූරතාවය – ලකුණු 273
• පිරිමි මාස්ටර් සමස්ත ශූරතාවය – ලකුණු 188
• සමස්ත ශූරතාව – කාන්තා ආධුනික – ලකුණු 49
• 40 වැනි වාර්ෂික වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව – MAS Holdings – ලකුණු 560

– සමස්ත අනුශූරතාවය – SLT Mobitel – ලකුණු 264
– 3 වන ස්ථානය – ශ්‍රී ලංකන් ගුවන් සේවය – ලකුණු 193
– 4 වන ස්ථානය – සම්පත් බැංකුව – ලකුණු 185

MAS පසුගිය වසරේ එනම් 39 වැනි වාර්ෂික වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේදී ලබාගත් ජයග්‍රාහී පන්නරය එලෙසම පවත්වා ගනිමින් මෙම වසරේදීද පිරිමි, කාන්තා, කාන්තා මාස්ටර්, පිරිමි මාස්ටර් සහ කාන්තා ආධුනික යන ශූරතා පහම දිනා ගැනීම විශේෂයෙන් කැපී පෙනේ. ඔවුන් ලකුණු 585 ක් ලබා ගනිමින් සමස්ත ශූරයන් බවට පත් වූ අතර දෙවන ස්ථානයට පත් කණ්ඩායමට වඩා ලකුණු 281 ක් ඉදිරියෙන් සිටීම මෙහි තවත් විශේෂත්වයකි. මෙම තරගාවලියේදී සියලුම වයස් කාණ්ඩ සහ ඉසව් හරහා MAS ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රකට කළ අතිවිශිෂ්ට දස්කම් ක්‍රීඩාව සඳහා ඔවුන්ගේ අනුපමේය කැපවීම මැනවින් පෙන්නුම් කරයි.

ஆசியாவின் சிறந்த வளர்ந்துவரும் Podcast விருதை...
2026 FIFA உலகக் கிண்ணத்தின் முதல்...
2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය...
From Exam Tips to Career...
S&P Sri Lanka சுட்டெண்ணில் இணையும்...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
TikTok to bring FIFA World...