ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා 5.42%ක වාර්තාගත කාර්යසාධනයක් අත්පත් කර ගනී

Share

Share

Share

Share

2025 වසරේ පළමු මාස 11 තුල වාර්තාගත කාර්යසාධනයක් වාර්තා කිරීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සමත් විය. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මගින් ප්‍රකාශයට පත් කල දත්තයන්ට අනුව පසුගිය මාස 11ක කාලසීමාව තුල මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය ඇමරිකානු ඩොලර් මිලියන 571.99ක අපනයන ආදායම් ඉපැයූ අතර ඒය පෙර වසරේ පලමු මාස 11ට සාපේක්ෂව 5.42%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

2025 නොවැම්බර් මාසය තුල ඇඟලුම් අපනයන හරහා ඩොලර් මිලියන 367.60ක් ඉපැයූ අතර 2024 වසරේ නොවැම්බර් මාසය තුල මෙම අගය ඩොලර් මිලියන 374.94ක් විය මේ අනුව පෙර වසර සාපේක්ෂව නොවැම්බර් මාසයේ ඇඟලුම් අපනයන ආදායම 1.96%ක සුලු පසුබෑමක් පෙන්නුම් කරයි.

මාසික අපනයන ඉපැයීම් කාර්යසාධනය සලකා බැලීමේදී ඒක්ස්ත් ජනපදය සඳහා සිදු කළ අපනයනයන් ඩොලර් මිලියන 152.32ක් වූ අතර ඒය මාසික පදනම යටතේ සලකා බලන විට 5.79%ක වර්ධනයකි. යුරෝපා සංගමයේ රටවලට සිදු කල අපනයන වටිනාකම ඩොලර් මිලියන 119.61%ක් වූ අතර ඒය පෙර මාසයට සාපේක්ෂව 3.35%ක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒක්ස්ත් රජධානියට සිදු කල අපනයනයන්ගේ වටිනාකම ඩොලර් මිලියන 43.63ක් වන අතර ඒය පෙර මසයට වඩා 13.83%ක පසුබෑමක් පෙන්නුම් කරයි. අනෙකුත් වෙළෙඳපොල සඳහා සිදු කල අපනයනයන්හි වටිනාකම ඩොලර් මිලියන 52.04%ක් වන අතර ඒය පෙර මාසයට සාපේක්ෂව 19.44%ක පසුබෑමක් පෙන්නුම් කරයි.

නොවැම්බර් මාසය තුල ඇඟලුම් අපනයනයෙහි පසුබෑමක් පෙන්නුම් කලද 2025 වසරේ පළමු මාස නවය තුල ඇඟලුම් අපනයනයෙහි සමුච්චිත වටිනාකම ඩොලර් මිලියන 571.99ක් බවට පත් කරමින් පෙර වසරේ පළමු මාස 9ට සාපේක්ෂව 5.42%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති 2024 වසරේ පළමු මාස 9තුල මෙම අගය දැක්වුනේ ඩොලර් මිලියන 336.84ක් ලෙසටය.

මෙම වර්ධනය පිලිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ “ 2024 වසර සාපේක්ෂව 2025 වසරේ පළමු මාස 9 තුල සැලකිය යුතු ආදායම් ඉපැයීම් කාර්යසාධනය තුල වාර්තා කිරීමට හැකිවීම තුල මෙම ක්ෂේත්‍රය ගෝලීය අභියෝග හමුවේ ඔරොත්තුදීමේ හැකියාව සහ ඔනෑම තත්වයකට වේගවත්ව අනුගත වීමේ ස්වභාව මැනවින් පෙන්නුම් කරයි. 2025 නොවැම්බර් මාසයේදී පමණක් 1.96%ක සුලු පසුබෑමක් වාර්තා වූවද පලමු මාස 11 දි ලද කාර්යසාධනය කර්මාන්තයේහි ප්‍රගමනය සඳහා බෙහෙවින් ඉවහල් වන බව මගේ අදහසයි. යුරෝපීය හා ඇමරිකා ඒක්සත් ජනපදය සඳහා සිදු කල අපනයනයන් හි වටිනාකම ඉහල යෑම අප විසින් මෙම වෙළෙඳපොල සඳහා අනුගමනය කල උපායමාර්ගයන්හි සාර්ථකත්වය මැනවින් පිළිබිඹු වන බව පැවසිය හැකියි.

EFC National Best Employer Awards...
கண்டி நகரில் நவீன விருந்தோம்பல் சேவையின்...
Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...