සන්ෂයින් හෝල්ඩිංග්ස් සිංහල – හින්දු අලුත් අවුරුදු සතුට බෙදා හදා ගනියි

Share

Share

Share

Share

2024, අප්‍රේල් 29, කොළඹ – සන්ෂයින් හෝල්ඩිංග්ස් පී එල් සී හි සියලු ව්‍යාපාරික අංශයන් එක්ව සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2024’ මහත් ඉහළින් සමරනු ලැබීය. සිංහල හින්දු අලුත් අවුරුද්සේ සතුට, උත්සවශ්‍රීය හා විචිත්‍රවත් බව සිත් සේ රස විඳීමට මේ තුළින් ඔවුන්ට අවකාශ උදා විය.

සන්ෂයින් හෝල්ඩිංග්ස්හි සේවක සේවිකාවන් 1000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් අතුරුගිරිය වානේ සංස්ථා පිටියේදී පවත්වනු ලැබූ ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය’ කොට්ටා පොරය, බනිස් කෑම ඇතුළු තරඟ රැසකින් වර්ණවත් වූයේ සන්ෂයින් සාමාජිකයින් අතර එකමුතු බව හා සතුට දෙගුණ තෙගුණ කරමිනි. විනෝදජනක හා ආශ්වාදජනක ක්‍රීඩා තරඟ රැසකින් සහන්විත වූ එය අවුරුදු සතුට නිරායාසයෙන් ඔවුන් වෙත කැන්දා ගෙන ඒමට සමත් විය.

සිංහල – හින්දු අලුත් අවුරුද්දේ රසය කැන්දාගෙන එන ප්‍රමුඛතම සාධකය වන්නේ රස කැවිලිය. කැවුම්, කොකිස්, කිරිබත් ඇතුලු සිංහල සංස්කෘතියේ ප්‍රණීත ආහාරයන් උත්සව අවස්ථාවට රැගෙන ඒමට සන්ෂයින් සේවකයින් අමතක නොකළහ. ඊටම එක් වූ බෙර වාදන හා සාම්ප්‍රදායික සංගීත නාදය සන්ෂයින් සූර්ය මංගල්‍යය 2024 අමතක නොවන අවස්ථාවක් බවට පත් කිරීමට හේතු වූයේ මුවගට, දෙනෙතට මෙන්ම සවනටද රසයත් එක් කරමිනි.

සන්ෂයින් සූර්ය මංගල්‍යය 2024 හි විශේෂ අවස්ථාවක් වූයේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමයි. ඒ වෙනුවෙන් සහභාගී වූ අයගෙන් අලංකාරවත් ලෙස සැරසුණු සන්ෂයින් සමාජිකයෙක් සහ සාමාජිකාවක් ජයග්‍රාහකයන් ලෙස තෝරා ගනු ලැබීය. ඒ අනුව පෙහෙත් සසලංක (හෙල්ත්ගාඩ් ෆාමසි – Infinity අංශය) සහ සචිනි කුරුප්පු (සන්ෂයින් හෝල්ඩිංග්ස්) විසින් එම තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය. මීට අමතරව සන්ෂයින්හි ව්‍යාපාරික අංශ 9 විසින් නිර්මාණය කරන ලද නිවාස තේරීමේ තරඟයක්ද මෙහිදී පැවැත්විණ. වඩා නිර්මාණාත්මක හා කණ්ඩායම් හැකියාවන් ප්‍රදර්ශනය කරන අලංකාර නිවසට මෙහිදී ජයග්‍රහණය හිමි විය. එම ජයග්‍රහණය හිමිකර ගනු ලැබුවේ Sunshine Consumer Lanka විසින් නිර්මාණය කරන ලද නිවසයි. ඔවුන් විසින් ඉතා නිර්මාණාත්මක අයුරින් නිර්මාණය කර තිබූ එම නිවස තුළින් නව වසරේ උත්සව සිරිය මනාව දැක ගන්නට ලැබිණ.

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සන්ෂයින් මෙවන් අවුරුදු උත්සවයක් සංවිධානය කිරීම තුළින් ඔවුන්ගේ සංස්කෘතිය ලොවට ප්‍රදර්ශනය කිරීමට සමක් වූවා සේම සිය කණ්ඩායම් තුළ එකමුතුභාවය ඉහළ නංවමින් සංස්කෘතියට ආදරය කරන පිරිසක් බිහි කිරීමේ අවස්ථාවද උදා කර ගන්නා ලදී.

 

 

IASL launches revamped website to...
YOLO by Prime Lands நிர்மாணமானது...
Power World සහ Kings Hospital...
Atlas Makes Learning the Perfect...
මහනුවර සහ කුරුණෑගල නව ශාඛා...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන්...