සන්ෂයින් හෝල්ඩින්ග්ස් කාන්තාවන් සවිබල ගන්වන ‘WE’ වැඩසටහන සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Share

Share

Share

Share

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ‘WE’ වැඩසටහන යටතේ විශේෂ උත්සවයක් පවත්වමින් 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේය.
මෙම උත්සවයේ අරමුණ වූයේ “ධෛර්යය තුළින් ධනාත්මක වෙනසක්” යන තේමාව යටතේ සන්ෂයින් හි සේවය කරන කාන්තාවන්ගේ පුද්ගලික සහ වෘත්තීය වර්ධනයට සහාය වීමයි. 2024 දී ආරම්භ කරන ලද ‘WE’ වැඩසටහන කාන්තාවන් නඟා සිටුවීමට හා සහාය වීමට සන්ෂයින් සමූහය දරන සියලු උත්සාහයන් එකට එක් කරනු ලබයි. වැඩි කාන්තාවන් පිරිසකට සහභාගී වීමට සහ වර්ධනය වීමට දිරිමත් කරන මෙන්ම කාන්තාවන්ට සමාන වටිනාකම් හා අවස්ථාවන් ලබා දෙන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම එහි අරමුණයි.

විශ්වාසය, මිත්‍රත්වය සහ පුද්ගලික සංවර්ධනය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම වසරේ කාන්තා දින උත්සවය සඳහා සන්ෂයින් කාර්ය මණ්ඩලයේ කාන්තා සාමාජිකයින් 100 කට වැඩි පිරිසක් සහභාගී වූහ. තවද ඉන් සාමාජිකාවන් 30 දෙනෙක් සහභාගී වූ ආකර්ෂණීය ramp walk එකකින් මෙවර උත්සවය ආරම්භ වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙණුනි. මෙම ක්‍රියාකාරකමට එක්වූ සෑම කාන්තාවක්ම ඉතා අභිමානයෙන් යුතුව තමන්ගේ අද්විතීය ශෛලිය පෙන්නුම් කළ අතර එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට උපකාරී විය. එමෙන්ම සෑම කාන්තාවක්ම තමන්ගේම ආකාරයෙන් ශක්තිමත් සහ දක්ෂ බව සැමට මෙහිදී මතක් කර දුන්නේය.

පසුගිය වසරේ WE කමිටු සභාපතිනිය සහ සන්ෂයින් කන්සියුමර් ලංකා හි ප්‍රධාන අලෙවි නිලධාරිනී කවි රාජපක්ෂ මහත්මිය මෙම උත්සවය අමතමින් පැවසුවේ කාන්තාවන් තමන් ගැන විශ්වාස කිරීම, තමන් කවුරුන්ද යන්න සැබෑ ලෙස දැන සිටීම මෙන්ම ඔවුන්ගේම ශක්තීන් සහ කුසලතා ඔවුන්ගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතවල වර්ධනයට උපරිම ලෙස භාවිත කිරීම කොතරම් වැදගත්ද යන්නයි. තවද හිටපු ශ්‍රී ලංකා රූ රැජිනක් සහ පෞරුෂත්ව සංවර්ධනය පිළිබඳ පුහුණුකාරිණියක වන රොසෑන් ඩයස් මහත්මිය විසින් පවත්වන ලද පෞරුෂත්ව සංවර්ධනය හා පෞද්ගලික ජීවිතය හැඩගැන්වීම පිළිබඳ විශේෂ සැසියක් ද මෙම උත්සවයට ඇතුළත් විය.

මෙම උත්සවය අතරතුර 2025/26 වර්ෂය සඳහා නව WE කමිටුව ද පත්කරගන්නා ලදී. මීට අමතරව බොහෝ කාන්තාවන් සැබෑ ජීවිතයේදී මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳ පුද්ගලික අත්දැකීම් බෙදාහදාගත් විශේෂ කණ්ඩායම් ක්‍රියාකාරකමක් ද මෙහිදී පැවැත්විණි.
WE වැඩසටහන යනු සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට සහාය වීම සහ සේවා ස්ථානයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ උත්සාහයේ වැදගත් කොටසකි. එය සෑම කෙනෙකුටම එක හා සමානව සලකනු ලබන සහ කාන්තාවන්ට සාර්ථක වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව කටයුතු කරයි. එමෙන්ම සමූහයේ සියලුම සාමාජිකයින්ට ඔවුන්ගේ දක්ෂතාවන් හා හැකියාවන් කරා ළඟා වීමට එය දිරිගන්වනු ලබයි.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...