සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා පසුගිය වසරට සාපේක්ෂව 6-5%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා (1QFY25) රුපියල් බිලියන 14.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර ඔවුන්ගේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 3.6% කින් අඩු වී රුපියල් බිලියන 1.4 ක් වී ඇත. පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල ආදායම පහත වැටුනද, සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය මෙම ආදායම් වර්ධනයට හේතු විය.

 

සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 53.1% කි. මේ අතර පාරිභෝගික අංශය 32.4% ක් ද කෘෂි ව්‍යාපාර අංශය 14.5% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය.

 

මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “සන්ෂයින් FY25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ අභියෝග ජය ගනිමින් සිටින බැවින් නව්‍යකරණය කෙරෙහි අවධානය යොමු කිරීමට සහ ශක්තිමත්ව සිටීමට අඛණ්ඩව කැපවී සිටිනවා. වත්මන් ආර්ථික අභියෝග, විශේෂයෙන්ම බදු වෙනස්වීම් හේතුවෙන් ජනතාව තුළ මුදල් වියදම් කිරීමට බලපා ඇති ආකාරය අපට හොඳින් වැටහෙනවා. මේ පිළිබඳව අප ඉතා විමසිල්ලෙන් පසුවන අතර මේ සඳහා පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙවැනි ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සමූහය ලබා ගත් මෙම ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල, විශිෂ්ටත්වය දැක්වීමට වෙහෙස මහන්සි වී ඉතා උද්යෝගයෙන් කටයුතු කරන අපගේ කණ්ඩායමේ දැඩි කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂියක්. අප හමුවේ ඇති ඉදිරි අභියෝග ද ජය ගනිමින් දියුණු වීමට ඇති නව අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට අප අඛණ්ඩව කටයුතු කරනවා.” යනුවෙනි.

 

සුව සේවා අංශය

 

නිෂ්පාදන සහ ඖෂධ ව්‍යාපාරවල සහායෙන් සලකා බලනු ලබන කාල පරිච්ඡේදය තුළ සමූහයේ සුව සේවා අංශය පළමු කාර්තුවේදී රුපියල් බිලියන 7.6ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 19.8%ක කැපී පෙනෙන වර්ධනයකි. සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව 104.4% ක ආදායම් වර්ධනයක් ලබා ගෙන ඇති අතර Metered-Dose ඉන්හේලර් (MDI) කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන් ඉහළ යාම මෙයට හේතු විය. මේ අනුව ලීනා මැනිෆැක්චරින් සමාගමට රජයේ MDI අවශ්‍යතාවයෙන් බහුතරයක් සැපයීමට දැන් හැකියාව ඇත.

 

පාරිභෝගික අංශය

 

අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුලත් පාරිභෝගික අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 1-9%ක සුළු අඩු වීමක් පෙන්නුම් කළද රුපියල් බිලියන 4.6ක ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. කෙසේවෙතත් 2024 ජනවාරි මාසයේදී සිදු කරන ලද වැට් බදු සංශෝදනයෙන් පසු පාරිභෝගික අංශයේ කාර්යසාධනය FY24 මූල්‍ය වර්ෂයේ හතරවන කාර්තුවට සාපේක්ෂව 2.6% ක වර්ධනයක් පෙන්නුම් කළේය. සමූහයේ සන්නාමගත තේ කාණ්ඩය සහ රසකැවිලි ව්‍යාපාරවල ආදායම පසුගිය වසරට සාපේක්ෂව 16.9%කින් පහත වැටුණු අතර එම අංශවල විකුණුම් ප්‍රමාණය අඩු වීම මෙම පහත වැටීමට හේතු විය. අපනයන ව්‍යාපාරයෙන් උපයාගත් ආදායම 31.1%කින් වැඩි වී ඇති අතර මෙයට මූලික වශයෙන් හේතු වූයේ ප්‍රධාන වෙළෙඳපොලවල ඉල්ලුම ඉහළ යාම සහ තේ මිල අඩු වීමයි.

 

කෘෂි ව්‍යාපාර අංශය

 

සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම රුපියල් බිලියන 2.1 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපෙක්ෂව 12.1%ක පහත වැටීමකි. පාම් ඔයිල් ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 13.8%කින් සැලකිය යුතු ලෙස පහත වැටීම මෙයට හේතු විය. කිරි ආශ්‍රිත ව්‍යාපාරයෙන් රුපියල් මිලියන 326ක ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. කිරි නිෂ්පාදනය කිරීම වැඩිවීම සහ ආහාර පිරිවැය අඩු වීම හේතුවෙන් කිරි ආශ්‍රිත ව්‍යාපාරය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ වාර්තා කළ 12.8% ක ඍණ අගය හා සැසඳීමේදී කිරි ආශ්‍රිත ව්‍යාපාරය FY25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී 8.2%ක බදු පසු ලාභයේ වෙනසක් පෙන්නුම් කර ඇත.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් “ජාතිය ගොඩනැගීමට” දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.

 

1967 වසරේදී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 2,000 කට අධික සංඛ්‍යාවකින් සහ FY23 සඳහා රු. බිලියන 55ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee, Milady, Healthguard Pharmacy සහ ලීනා මැනිෆැක්චරින් වැනි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන 2023 දී ද “Great Place to Work” සහතිය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

 

අපගේ දැක්ම වන “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යටතේ අපි සියලු ශ්‍රී ලාංකිකයින්ට ගුණාත්මක ඖෂධ සහ පාරිභෝගික නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දීමට කටයුතු කරන අතර එමගින් සැමට වඩා හොඳ ජීවන තත්වයක් සහතික කිරීමට හැකියාව ලැබී ඇත. අපගේ අඛණ්ඩ වර්ධනයට පදනම වී ඇත්තේ අපගේ ව්‍යාපාරය තුළ පවත්වාගනෙ යන සදාචාරාත්මක වටිනාකම් සහ දිනා ඇති පාරිභෝගික විශ්වාසයයි.

BOI Sri Lanka discusses strategic...
HNB ජා-ඇල පාරිභෝගික ඒකකය නවතම...
Planters’ Association of Ceylon Charts...
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවීම...
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා...
ஜனாதிபதி தேர்தலின் போது தவறான தகவல்களை...
Jungle Kitchen, with roots in...
TikTok Strengthens Measures to Combat...
ஜனாதிபதி தேர்தலின் போது தவறான தகவல்களை...
Jungle Kitchen, with roots in...
TikTok Strengthens Measures to Combat...
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි...