සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

Share

Share

Share

Share

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් මෑතකදී සිය ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කළේය. එය සමාගමේ සාමාජිකයින්ට ජීවිත කාලය පුරාවට නිරෝගීමත් ජීවන රටාවක් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා මානව සම්පත් අංශය විසින් ආරම්භ කරන ලද විශේෂ වැඩසටහනකි.

සන්ෂයින් සමාගමේ සාමාජිකයින්ට තම වෘත්තීය ජීවිතය තුළ සහ විශ්‍රාම ගිය පසුව පවා නිරෝගීව සිටීමට උපකාර කිරීමට මෙන්ම ධනාත්මක හා කාර්යක්ෂම සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ සමාගමේ කැපවීම මෙම වැඩසටහනෙන් පෙන්නුම් කෙරේ. එහි සාර්ථකත්වය හේතු කොටගෙන සිය සාමාජිකයින්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව සිදු කිරීමට සමාගම සැලසුම් කරයි.

සන්ෂයින් Smart Life Challenge මාස තුනක් පුරා පැවැත්වුණු අතර එයට සම්පූර්ණ යෝග්‍යතා සහ සුවතා වැඩසටහනක් ඇතුළත් විය. එක් එක් පුද්ගලයාට සරිලන පරිදි විශේෂයෙන් නිර්මාණය කරන ලද සහ කණ්ඩායම් පාදක කරගත් ශරීර යෝග්‍යතා ක්‍රියාකාරකම් ඇතුළත් වුණු මෙම වැඩසටහන සඳහා සමූහයේ සියලුම ව්‍යාපාරික ඒකක නියෝජනය කරමින් සාමාජිකයින් සහභාගී විය. සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වූ අතර ඔවුන් සති දෙකකට වරක් වෘත්තීය පුහුණුකරුවන් සහ පෝෂණවේදීන් විසින් මෙහෙයවනු ලබන යෝග්‍යතා සැසිවලට සම්බන්ධ විය. මෙම වෘත්තීය පුහුණුකරුවන් සහ පෝෂණවේදීන් විසින් එක් එක් පුද්ගලයාගේ යෝග්‍යතාවයට සරිලන අවශ්‍ය උපදෙස් සහ සහාය ලබා දෙන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් සමූහයේ ප්‍රධාන මානව නිලධාරිනී මිෂෙල් සේනානායක මහත්මිය පැවසුවේ “සන්ෂයින් හි අප අනෙකුත් ජනතාවට සෞඛ්‍යය සම්බන්ධ විසඳුම් සපයනවා පමණක් නොව සමාගම තුළ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් සාමාජිකයින්ගේ සෞඛ්‍ය පිළිබඳව ද අප සැලකිලිමත් වනවා. Smart Life Challenge මඟින් පෙන්නුම් කරන්නේ ශක්තිමත් සමාගමක් සඳහා සේවක යහපැවැත්ම අත්‍යවශ්‍ය බවට අපගේ විශ්වාසයයි. අපගේ සාමාජිකයින්ට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට උපකාර කිරීමෙන් අපට අවශ්‍ය වන්නේ ඔවුන් රැකියාවේදී සාර්ථක වී විශ්‍රාම ගැනීමෙන් පසු නිරෝගී, ප්‍රීතිමත් ජීවිතයක් ඔවුන්ට ලබා දීමටයි.” යනුවෙනි.

මෙහිදී සහභාගීවූවන්ට ඔවුන්ගේ ශරීර ස්කන්ධය (බර) BMI නිසි පරිදි පවත්වා ගැනීම, ශාරීරික ශක්තිය ගොඩනැගීම සහ ඔවුන්ගේ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීම වැනි පුද්ගලික යෝග්‍යතා ඉලක්ක ලබා දෙන ලදී. මීට අමතරව ඔවුන්ගේ ප්‍රගතිය නිතිපතා පරීක්ෂා කරන ලද අතර ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා වීමට ඔවුන්ව දිරිමත් කළේය. කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට සහ තම සහෝදර සාමාජිකයින් සමඟ සුහදත්වය වර්ධනය කරගැනීමට Smart Life Challenge කදිම අවස්ථාවක් විය. තම ව්‍යායාම ඉලක්ක සම්පූර්ණ කළ පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට විශේෂ ත්‍යාග පිරිනමන ලද අතර එය ඔවුන්ව තව තවත් දිරිගැන්වීමට සහ සහභාගීත්වය වැඩි කිරීමට උපකාරී විය.

Smart Life Challenge යනු නිෂ්පාදන සහ සේවා හරහා පමණක් නොව ජීවිතයේ සැබෑ අභියෝග හරහා තම සාමාජිකයින්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි කැපවීම පෙන්නුම් කරන කදිම උදාහරණයකි. තවද සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම කෙරෙහි සමාගමේ අවධානය ද මෙම වැඩසටහන මගින් පෙන්නුම් කරයි.

Huawei Commercially Verifies the World’s...
MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම්...
Colombo Comedy Show 2025 to...
MAS ஹோல்டிங்ஸினால் அறிமுகப்படுத்தப்பட்டுள்ள ‘Plan for...
JAAFஇன் ஆடை ஏற்றுமதி செயல்பாடு குறித்த...
BYD நிறுவனத்தின் வாகனங்கள் மீள் அழைப்பு:...
Evolution Auto opens Sri Lanka’s...
எவல்யூஷன் ஒட்டோ, இலங்கையின் முதல் பல்வகைப்பட்ட...
BYD நிறுவனத்தின் வாகனங்கள் மீள் அழைப்பு:...
Evolution Auto opens Sri Lanka’s...
எவல்யூஷன் ஒட்டோ, இலங்கையின் முதல் பல்வகைப்பட்ட...
Social Media’s Role in STEM...