සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි

Share

Share

Share

Share

පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට ලක් වූ ජනතාවට සහාය වීම අරමුණු කරගනිමින් ‘’Relief Sri Lanka 2025’’ ජාතික වැඩසටහන ආරම්භ කරන බව Samsung Sri Lanka සමාගම පසුගියදා නිවේදනය කළේය. පසුගිය නොවැම්බර් 27 වන දින සමස්ත දිවයිනටම බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 25ක මිලියන 2කට අධික පිරිසකට බලපෑම් එල්ල විය. සිය ගණනකගේ ජීවිත අහිමි කළ එය තවත් බොහෝ පිරිසකට උන් හිටි තැන් පවා අහිමි කරනු ලැබුවේ ඔවුන්ව දැඩි අසීරුතාවයකට පත් කරමිනි. ඒ නිසාම ආරක්ෂාව වෙනුවෙන් විවිධ ආරක්ෂිත ස්ථානයන් වෙත යොමු වීමට සිදු වූ ඔවුන් අද වන විට දිවයින පුරා පිහිටි ආරක්ෂිත ස්ථාන 956ක රැකවරණය ලබයි. ඔවුන් මුහුණ දුන් ගංවතුර තත්වයන් හමුවේ නිවසේ තිබූ විදුලි උපකරණ සහ ජංගම දුරකතනවලට ද සිදු වූයේ සුළු පටු හානියක් නොවේ. එම නිෂ්පාදන අලුත්වැඩියා කර ගැනීම සඳහා Samsung Sri Lanka ආයතනය වෙත ඉල්ලීම් රැසක් ගලා එන්නට විය. සුළි කුණාටුව හේතුවෙන් සියලු දේ විනාශ වූ ඔවුන්ට තමන්ගේ විදුලි උපකරණ හා ජංගම දුරකතන අලුත්වැඩියාව සඳහා අමතර මුදලක් වියදම් කිරීම ඉතා දුෂ්කර කරුණක් විය.

පාරිභෝගිකයින්ගේ මෙම විශේෂ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් 2025 දෙසැම්බර් 08 වන දින සිට දෙසැම්බර් 18 දක්වා දිවයින පුරා පිහිටි Samsung බලයලත් සේවා මධ්‍යස්ථාන 33ක දීම විශේෂ සේවා වැඩසටහනක් දියත් කිරීමට කටයුතු යොදා ඇත. සියලු සැම්සුන් නිෂ්පාදන අලුත්වැඩියා කිරීමේ ගාස්තු රහිතව සිදු කිරීමට කටයුතු යොදා ඇති මෙම වැඩසටහනේදී විදුලි උපකරණ හා ජංගම දුරකතන සඳහා ප්‍රතිස්ථාපනය කරනු ලබන කොටස් සඳහා 50%ක වට්ටමක් ලබා දීමට Samsung කටයුතු කර ඇත.* නිෂ්පාදන කාණ්ඩය හා මිලදී ගත් කාලය මත පදනම්ව මෙම පහසුකම් ලබා දෙනු ඇත. ඒ අනුව වසරක් ඇතුළත මිලදී ගෙන සක්‍රීය කර ඇති ජංගම දුරකතන සහ වසර 3ක් ඇතුළත මිලදී ගත් පාරිභෝගික විදුලි උපකරණ සඳහා මෙම වට්ටම් පහසුකම් ලබා ගත හැකිය. මෙහිදී විශාල උපකරණ අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රවාහනය කිරීම පාරිභෝගිකයින්ට දුෂ්කර කරුණක් බැවින් අමතර ගාස්තුවකින් තොරව නිවසටම පැමිණ අවශ්‍ය සේවාවන් ලබා දීමට සැම්සුන් කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

මෙම සේවාව ලබා ගැනීමේදී අදාල විදුලි උපකරණ හෝ ජංගම දුරකතන මිලදී ගැනීම සම්බන්ධ සාක්ෂි, හානිය පිළිබඳ ඡායාරූප, බලපෑමට ලක් වූ ප්‍රදේශයක පදිංචි බවට තහවුරු කරන ලිපිය සහ තමන් මුහුණ දුන් සිදුවීම විස්තර කරන ආකාරයේ කෙටි ලිඛිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ යුතුය. ජංගම දුරකතන අලුත්වැඩියාවන් සඳහා ලබා දීමේදී හිමිකරුගේ ජාතික හැඳුනුම්පත ලබා දීමද අත්‍යාවශ්‍ය වේ. මෙම සියලු අලුත්වැඩියාවන් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වනු ඇත. එම උපකරණ සඳහා නැවත යොදනු ලබන අමතර කොටස්වලට මාසයක වගකීම් කාලයක් ලබා දෙන සැම්සුන් සිය ආයතනික සේවා අවසර ක්‍රියාවලිය (Service Authorization Work system) හරහා පැහැදිලි හා විශ්වසනීය සේවාවක් ලබා දීමට සූදානමින් සිටියි. තවද මෙම අලුත්වැඩියා කිරීම් සම්බන්ධ ගැටලු සැම්සුන්හි Voice of Customer framework හරහා සමාලෝචනය කරනු ලබයි.

මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ Samsung Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා ‘’පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා පවුල් රැසක් ආපදාවට ලක් වුණා. ඒ බොහෝ දෙනා ඔවුන්ගේ විනාශ වී ගිය නිවාස සහ ජීවිතය නැවත ගොඩනැගීමට පටන් ගෙන තිබෙනවා. වගකිව යුතු ආයතනයක් ලෙස මේ මොහොතේ අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වනවා. ඒ වෙනුවෙන් ‘Relief Sri Lanka 2025’ වැඩසටහන ආරම්භ කිරීමට අපි කටයුතු කළා. ආපදාවට ලක් වූ සැම්සුන් විදුලි උපකරණ හා ජංගම දුරකතන ඉතා පහසු මිලට අලුත්වැඩියා කර ගැනීමේ අවස්ථාව ලබා දෙමින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය සන්නිවේදන හා විදුලි උපකරණ අවශ්‍යතාවන් සපුරාලීමටත් ඒ හරහා ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් එකතු කිරීමටත් අපි බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් පැවසීය.

සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහයෝගය ලබා දීමේ පියවරක් ලෙස පමණක් නොව Samsung හි පාරිභෝගික සත්කාරක පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. විදුලි උපකරණ හා ජංගම දුරකතන අලුත්වැඩියාව සඳහා පාරිභෝගිකයින්ගේ වියදම් අවම කිරීම, සැම්සුන්හි විශ්වාසය ඉහළ නැංවීම, පාරිභෝගිකයින් සතුටු කිරීම සහ මේ මොහොතේ රට යළි නගා සිටුවීමේ උත්සාහය සඳහා දායක වීම මෙම වැඩසටහනෙහි තවත් අරමුණක් වේ. මෙම සේවාව ළබා ගැනීම සඳහා 011 7267864 වෙත whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන් Samsung පාරිභෝගික සේවාව හා සම්බන්ධ විය හැකිය.
* කොන්දේසි සහිතයි

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා...
සැබෑ නිර්මාණයක් හා AI නිර්මාණයක්...
Lion Brewery (Ceylon) PLC Reaffirms...
“2025 ஆம் ஆண்டின் இலங்கைக்கான சிறந்த...
பியகமவில் வெள்ள எதிர்ப்பு மற்றும் சமூக...
ගංවතුරින් ආපදාවට පත් බියගම ප්රදේශය...
உண்மையான தொழில்நுட்பத்தின் மூலம் தனித்துவமான மதிப்பை...
වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා...
ගංවතුරින් ආපදාවට පත් බියගම ප්රදේශය...
உண்மையான தொழில்நுட்பத்தின் மூலம் தனித்துவமான மதிப்பை...
වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා...
City of Dreams Sri Lanka-இற்கு...