සැම්සුන්, 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ උණුසුම ක්‍රීඩා ලෝලීන් හා පාරිභෝගිකයින් සමඟ බෙදා හදා ගනියි

Share

Share

Share

Share

ඔලිම්පික් හා පැරාලිම්පික් හි ජාත්‍යන්තර හවුල්කරුවකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ඔලිම්පික් උණුසුම තව තවත් ඉහළ නංවමින් ‘Open always wins’ වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ වැදගත්කම හා විශේෂත්වය සනිටුහන් කළ එම වැඩසටහනට සමගාමීව පැරීසියේ Champs-Elysees 125 හි පිහිටි නව ඔලිම්පික් Olympic™️ rendezvous ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමටද සැම්සුන් කටයුතු කරනු ලැබීය.

 

පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භයට තවත් දින 100ක කාලයක් ඉතිරිව පවතින විට දියත් කරනු ලැබූ සැම්සුන් ‘Open always wins’ ව්‍යාපාරය හරහා 2024 ඔලිම්පික් තරඟාවලිය කේන්ද්‍ර කොටගත් පණිවිඩයක් තූලින් තමන් සතු විශිෂ්ට විශ්වාසය පාරිභෝගිකයින් වෙත ගෙන යාමට සැම්සුන් සමත් විය. ක්‍රීඩකයින් සතු ශක්තිය හා හැකියාව තුළින් ජයග්‍රහණය හඹා යන ආකාරය ප්‍රදර්ශනය කළ මෙම ව්‍යාපාරය skateboarder Aurélien Giraud (France), Para sprinter Johannes Floors (Germany) සහ breakdancer Sarah Bee (France) විසින් සැදුම්ලත් සැම්සුන් ගැලැක්සි මලල ක්‍රීඩා කණ්ඩායමේ විශේෂාංගයක් ලෙස ඉදිරිපත් විය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්හි Mobile eXperience Business ප්‍රධානී සහ සභාපති TM Roh මහතා සඳහන් කර සිටියේ “ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ ගෝලීය හවුල්කරුවකු ලෙස කටයුතු කරන සැම්සුන් ඒ හරහා වසර 40කට ආසන්න කාලයක් පුරා නව්‍යකරණ නිෂ්පාදන, නව්‍ය තාක්ෂණය හා අසමසම අත්දැකීම් ලොව පුරා පාරිභෝගිකයින් වෙත ලබා දීමට සමත් වුණා. ක්‍රීඩාව සඳහා නව තාක්ෂණය හා අත්දැකීම් යොදා ගැනීම හේතුවෙන් කාලයත් සමඟ අප ක්‍රීඩාව අත්දකින ආකාරය වෙනසකට ලක්ව තිබෙනවා. එය තව තවත් අරුත් ගන්වන අපගේ ‘Open always wins’ ව්‍යාපාරය තුළින් 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ නවමු අත්දැකීම් ක්‍රීඩාලෝලීන් වෙත ගෙන යාමට අපි බලාපොරොත්තු වනවා.”

 

ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන්ම විවෘත කරනු ලැබූ Champs-Elysees 125 හි නව ඔලිම්පික් Olympic™️ rendezvous ප්‍රදර්ශනාගාරය තුළින් AI අත්දැකීමක් සමඟින් මෙතෙක් අත්නොවිඳි අත්දැකීමක් ක්‍රීඩා ලෝලීන් වෙත ලබා දීමට සූදානමින් සිටියි. එහිදී Galaxy උපාංග, නව්‍යකරණ හඳුන්වාදීම් හා AI අත්දැකීම් සමඟින් ඔලිම්පික් තරඟයන්හි සුවිශේෂී අවස්ථා එහි පැමිණෙන සියලු දෙනාට රස විඳීමේ අවස්ථාව සැම්සුන් උදා කර දී ඇත. Pritzker සම්මාන ලාභී ගෘහ නිර්මාණශිල්පියකු වන Jean Nouvel ගේ නිර්මාණශීලීත්වයෙන් හැඩ වුණු මෙම නවතම ප්‍රදර්ශනාගාරය තුළින් ඔලිම්පික් හා පැරුලිම්පික් ක්‍රීඩාශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත්තේ පාරිභෝගිකයින් වෙත සුවපහසු හා ආකර්ෂණීය අත්දැකීමක් එක් කරමිනි.

 

මැයි 03 වන දින සිට ඔක්තෝබර් 31 දක්වා සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනයන්හි පෙ.ව. 10 සිට ප.ව. 8 දක්වාත් ඉරිදා දින පෙ.ව. 11සිට ප.ව. 8 දක්වාත් විවෘතව මෙම ප්‍රදර්ශනාගාරය විවෘතව පවතිනු ඇත. ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන කාලය අතරතුරදී සියලු ක්‍රීඩාලෝලීන් හට මෙම ප්‍රදර්ශනාගාරයට පැමිණ සැම්සුන් අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත.

 

සැම්සුන් ඔලිම්පික් තරඟාවලිය සමඟ ගෝලීය හවුල්කරුවකු ලෙස එක්වන්නේ මීට අවුරුදු 25කට පෙර Nagano 1998 ඔලිම්පික් තරඟාවලියේදීය. නව්‍යකරණ ජංගම දුරකතන තාක්ෂණයේ විශිෂ්ටයකතු ලෙස ක්‍රීඩා ලෝලීන්ගේ විශ්වාසය දිනාගෙන ඇති සැම්සුන් ඔලිම්පික් සමඟ වන මෙම සබඳතාව මේ වන විටත් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල දක්වාම දීර්ඝ කොට ඇත්තේ සිය නව්‍යකරණ විශිෂ්ටත්වයද ඊට එක් කරමිනි.

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...