හේලීස් සමූහයට අනුබද්ධිත ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී සමාගම, ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000 ක් පරිත්‍යාග කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (ඩීපීඑල්), පසුගියදා හටගත් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා සහාය වීමට ආරක්ෂක අමාත්‍යාංශය වෙත ආරක්ෂිත අත්වැසුම් 50,000 ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.

හේලීස් පීඑල්සී සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාගය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිල වශයෙන් භාර දුන් අතර, එමඟින් නැවත වරක් අවධාරණය වූයේ ජාතික ආපදා ප්‍රතිචාර මුලපිරීම් සඳහා සහාය වීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ ඇති කැපවීමයි.

ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල මෙහෙයුම්වල යෙදෙන සහන සේවකයින්ට සහ ගලවා ගැනීමේ, පිරිසිදු කිරීමේ සහ පුනරුත්ථාපන කටයුතුවල නියැලී සිටින ස්වේච්ඡා සේවකයින්ට සහාය වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව, සනීපාරක්ෂාව සහ ප්‍රවේශම සහතික කිරීම සඳහා මෙම අත්වැසුම් බෙදා හැරෙනු ඇත.

මෙම මුලපිරීම පිළිබඳව අදහස් දැක්වූ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් නියෝජිතයින්, මෙම පරිත්‍යාගය මගින් සමාජ වගකීම සඳහා සමාගමේ දිගුකාලීන කැපවීම සහ ජාතික අවශ්‍යතා ඇති කාලවලදී ප්‍රජාවන් සමඟ සිටීමට ඇති වගකීම පිළිබිඹු වන බව අවධාරණය කළේය. ගෝලීය වෙළඳපොළට සැපයීම් කරන ආරක්ෂිත අත්වැසුම් නිෂ්පාදකයෙකු ලෙස, ආපදා ප්‍රතිසාධනයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන පෙරටුගාමී සේවකයින් සහ ස්වේච්ඡා සේවකයින් ආරක්ෂා කිරීමේ වැදගත්කමද ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් නියෝජිතයන් අවධාරණය කළේය.

මෙම මුලපිරීම හරහා ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී සහ හේලීස් සමූහයේ පුළුල් තිරසාරභාවය සහ ප්‍රජා සහභාගීත්ව කැපවීම් නැවත වරක් පිළිඹිබු වන අතරම, ඉන් ජාතියේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රජා යහපැවැත්මට සහාය වන අර්ථවත් දායකත්වයන් දැක්වීම සම්බන්ධයෙන් සමාගම සතුව ඇති උනන්දුවද පෙන්නුම් කරයි.

සමාජයට යමක් ලබා දීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී සහන සහ ප්‍රජා මුලපිරීම් සඳහා තවදුරටත් අඛණ්ඩව සහාය දක්වනු ඇත.

IASL launches revamped website to...
YOLO by Prime Lands நிர்மாணமானது...
Power World සහ Kings Hospital...
Atlas Makes Learning the Perfect...
මහනුවර සහ කුරුණෑගල නව ශාඛා...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන්...