2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

Share

Share

Share

Share

Colombo, Sri Lanka – 2026 වසරේ ආසියා- පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (ABU) වාර්ෂික මහා සභා රැස්වීම කැපිටල් මහරාජා සමූහයට අයත් සිරස මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් කොළඹදී පවත්වන බව ආසියා- පැසිෆික් විකාශකයින්ගේ සංගමය නිවේදනය කළේය.

ඒ සඳහා ආසියානු ශාන්තිකර කලාපයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විකාශකයින් , ජ්‍යෙෂ්ඨ විධායකයින් සහ මාධ්‍ය විශේෂඥයින් ඇතුළු තවත් ජාත්‍යන්තර පාර්ශ්ව රැසක් සහභාගී වීමට නියමිතයි.

2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සදහා රටවල් 60කට අධික සංඛයාවක් නියෝජනය කරමින් 220කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.

මෙම සමුළුවේදී ගෝලීය මාධ්‍ය ප්‍රවණතා, තාක්ෂණික නව්‍යකරණ, තිරසරභාවය, ධාරිතා වර්ධනය හා මහජන සේවා සන්නිවේදනයේ නව මානයන් පිළිබඳව අවධානය යොමු කරනු ඇති.

මෙම සමුළුව මෙරට සත්කාරකත්වයෙන් පැවැත්වීම ශ්‍රී ලංකාවට වැදගත් වනුයේ ඉන් මෙරට සංස්කෘතික උරුමයන් පිළිබඳව ආසියා – ශාන්තිකර විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් දැනුවත් කිරීමට අවස්ථාව සැලසීම සහ ඔවුන්ගේ වැඩපිළිවෙළ සඳහා මෙරටින් ඉටුව ඇති ක්‍රියාකාරී දායකත්වය ප්‍රකට කිරිමට අවස්ථාව සැලසිමයි.

මහාරාජා මාධ්‍ය ජාලයට අයත් MTV සහ MBC දිගු කාලයක් මුළුල්ලේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ ප්‍රමුඛ සමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

මෙම සමුළුවේ නිල ආගන්තුක සත්කාර පාර්ශ්වකරු ලෙස තෝරාගෙන ඇත්තේ Cinnamon Life at City of Dreams.

මෙම සැසිවාරයේදී ඉහළ මට්ටමේ සාකච්ඡා , විශේෂඥ සංවාද මණ්ඩප, වැඩමුළු හා නව තාක්ෂණය , AI හෙවත් කෘතිම බුද්ධිය හා මාධ්‍ය සාක්ෂරතා වැනි තේමා පිළිබඳව අවධානය යොමු කරනු ඇති.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...