2026 වසරේ පළමු වාර්තාගත සංගීතමය අත්දැකීමක් සමඟින් Coke Kottu Beat Party ජා-ඇල මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වෙයි

Share

Share

Share

Share

2026 වසර ලක්වාසී ලෝවාසී සියල්ලටම සුභාෂිංශන පිරිනමමින් වසරේ පළමු Coke Kottu Beat සාදය සමඟින් ජා-ඇල මහජන ක්‍රීඩාංගනය සැණකෙලි සිරියෙන් පිරී ගියේ සුවහසක් ජනතාව වෙත රසවත් ආහාර පාන වර්ග මෙන්ම මියුරු සංගීතය රස විඳීමේ අවස්ථාව සලසා දෙමිනි. 61,000කට අධික රසිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති එම සුවිශේෂී සැණකෙළියේදී තමන් කැමතිම විවිධ රසයන්ගෙන් යුත් කොත්තු වර්ග රස විඳිමින් කොකා-කෝලා මිහිර විඳිමින් සිත් සේ විනෝද වීමට ජනතාවට අවස්ථාව හිමි විය.

මෙහි පැමිණි සිටි සියලු දෙනා ආකර්ෂණය කරගැනීමට හැකි වූ විශේෂ සිදු වීමක් වූයේ Coke Kottu Challenge තරගයයි. එහිදී වෙළෙඳුන් 20කට අධික පිරිසක් සජීවීව කොත්තු පිසීමට කටයුතු කළ අතර විනිශ්චය මණ්ඩලය විසින් අදාල ජයග්‍රාහකයාට විශේෂ මුදල් ත්‍යාගයක් ප්‍රදානය කරන ලදී. මෙහිදී Calton අවහන් ජාලය නියෝජනය කළ සූපවේදී ප්‍රථම ස්ථානය දිනා ගත් අතර Cafe Two88 හෝටලය එහි අනුශූරතාවය දිනා ගත්තේය.

2026 වසර නැවුම් කරමින් සිත් සතන් තුළ සතුට බෙදමින් ජා-ඇල මහජන ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතුව පිරී ගියේ එදින සන්ධ්‍යාවේ සිට රැය පහන් වන තුරු Midlane සංගීතයට හඬ මුසු කළ තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් වස්ති, දිනේෂ් ගමගේ, කයිසර් කයිස්, හනා සෆා සහ සෙන්ටිග්‍රේට්ස් වැනි ජනප්‍රිය තරු රැසක් එක් වීමෙනි.

ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්කර ගත් Coke Kottu Beat Party වැනි වැඩසටහන් අඛණ්ඩව සංවිධානය කිරීමට කොකා-කෝලා සමාගම කටයුතු කරමින් සිටියි.

IASL launches revamped website to...
YOLO by Prime Lands நிர்மாணமானது...
Power World සහ Kings Hospital...
Atlas Makes Learning the Perfect...
මහනුවර සහ කුරුණෑගල නව ශාඛා...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන්...