HNB ඉන්දියානු වාණිජ මණ්ඩලය වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

Share

Share

Share

Share

ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce (ICC)) විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී (Emerging Asia Banking Conclave & Awards) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට” හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානයට අමතරව ‘ලාභදායිතාවයේ හොඳම කාර්ය සාධනය’ උදෙසා දෙවන ස්ථානය හිමි කරගැනීමට ද HNB සමත් වීම විශේෂයෙන් කැපී පෙණින.

2024 අගෝස්තු මාසයේදී ඉන්දියාවේ නව දිල්ලියේ ලීලා පැලස් හිදී “Leading in the Digital Paradigm’’ යන තේමාව යටතේ ඉන්දියානු වාණිජ මණ්ඩලයේ, ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙල පැවැත්විණි. මෙම සම්මාන උළෙල තාක්ෂණික දියුණුව සහ බැංකුකරණයේ අනාගත ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා බිම්ස්ටෙක් (BIMSTEC) රටවල ජාත්‍යන්තර විශේෂඥයින්, නියෝජිතයන් සහ නියාමකයින් එකට එක්කළ කදිම වේදිකාවක් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “මෙම සම්මාන මගින් ශ්‍රී ලාංකීය සමාජයේ සියලුම කොටස්වලට සහය දැක්වීමට සහ සෑම තරාතිරකම ව්‍යාපාරවලට පුළුල් ආර්ථික පුනර්ජීවනයක් සඳහා ගෝලීය වශයෙන් තරඟ කිරීමට උපකාර කිරීමට අපගේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරනවා. අපගේ ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර අවස්ථාවන් සොයා යාමට සහ නව වෙළඳපොළට ඇතුළු වීමට අවශ්‍ය සේවා, තාක්ෂණික දැනුම සහ සබඳතා සැපයීම අපගේ අරමුණයි.

“ඉදිරිය දෙස බලන විට, අපි තිරසාර සංවර්ධනයක් සඳහා කැපවී සිටිනවා. අපට තවත් ශක්තිමත් වීමට සහ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට අප අපගේ උපායමාර්ග වැඩිදියුණු කරගනිමින් සිටිනවා. මෙම සම්මාන මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට සහ බැංකු ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් සකස් කිරීමට HNB හි කැපවීම ශක්තිමත් කරනවා.” යනුවෙනි.

මෙම සම්මාන ජූරිය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රබලයින්ගෙන් සමන්විත වූ අතර, HNB හට පිරිනැමූ සම්මාන සඳහා සලකා බලන ලද ප්‍රමාණාත්මක සාධක සමහරක් ලෙස, වත්කම්වල ගුණාත්මකභාවය, ලාභදායිත්වය, අත්තිකාරම් සහ තැන්පතු වර්ධනය, ද්‍රවශීලතාව, ප්‍රාග්ධන මට්ටම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, රෙගුලාසි අනුගමනය කිරීම වැනි දර්ශක ඇතුළත් විය.

“මෙම කීර්තිමත් ගෝලීය සම්මානය ලැබීමෙන් අපගේ කණ්ඩායමේ ශක්තිය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා අප විසින් ක්‍රියාවට නංවා ඇති ශක්තිමත් පද්ධති පෙන්නුම් කරනවා. Everest Transformation ව්‍යාපෘතිය වැනි අපගේ මුලපිරීම්, අපගේ මෙහෙයුම් සහ ඩිජිටල් සේවාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර තිබෙනවා. මෙම අභ්‍යන්තර වෙනස්කම් HNB හි සුවිශේෂී වර්ධනයට තීරණාත්මක ලෙස බලපෑ අතර මෙම කීර්තිමත් සම්මාන උළෙලේදී බැංකුවේ පිළිගැනීමට එය ප්‍රධාන සාධකයක් වුනා.” යනුවෙන් HNB ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

2024 ජුනි මාසය වන විට HNB හි මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 1.95ක් දක්වා වර්ධනය වූ අතර කාර්තුව තුළ බැංකුව රුපියල් බිලියන 27.6 ක නව ණය ලබා දී ඇත. මීට අමතරව, එම කාලය තුළ බැංකුවේ තැන්පතු රුපියල් ටි්‍රලියන 1.59ක් දක්වා වර්ධනය විය.

 

 

இலங்கைச் சுற்றுலாத்துறையில் புதிய மைல்கல்: City...
இலங்கையின் பெருந்தோட்டத் துறை உற்பத்தியை வீழ்ச்சியடையச்...
How Vietnam turned FTAs into...
Sampath Bank Strengthens Ocean Plastic...
උපරිම ඉතිරියක් සහ සුවිශේෂී මිල...
JKCG Auto partners with BOC...
Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
JKCG Auto partners with BOC...
Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...