HNB කාඩ්පත්හිමියන්ට මෙවර උත්සව සමයේදී සුවිශේෂී දීමනා හා 70%ක් දක්වා වට්ටම් සමඟින් විදෙස් සංචාර දිනා ගැනීමට අවස්ථාව

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් සිය කාඩ්පත්හිමියන්ට අසමසම උත්සව දීමනා සහ ප්‍රතිලාභ සමඟින් සුවිශේෂී ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දීමට සූදානමින් සිටී. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 නොවැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව HNB කාඩ්පත් හිමියන්ට එළඹෙන උත්සව සමයේදී සුවිශේෂී දීමනා හා වාසිවලට අමතරව සියලු වියදම් සහිත අප්‍රිකානු සෆාරි අත්දැකීමක් දිනා ගැනීමටත් Havelock City Mall හිදී සජීවී ප්‍රසංග හා විශේෂ ක්‍රියාකාරකම් රැසක් භුක්ති විඳීමටත් අවස්ථාව ඇත. මීට අමතරව මෙම වසරේ ප්‍රවර්ධන වැඩසටහනේ තවත් විශේෂත්වයන් වන්නේ Club Elite ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන්ට Grammy සම්මාන උළෙල සහ Priority Circle ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන්ට ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරග නැරඹීමට ද ්‍යභඊ අවස්ථාව හිමි වීමයි.

තවද මෙවර උත්සව සමයේදී HNB සිය කාඩ්පත්හිමියන් වෙත 70%ක් දක්වා සුවිසල් වට්ටම් හා ප්‍රතිලාභ ලබා දීමට දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳ ගෙන සිටී. මෙහිදී ජනප්‍රිය දේශීය හා විදේශීය සන්නාමයන් රැසක පාරිභෝගික භාණ්ඩ, ආහාර, ඇඳුම් පැළඳුම්, විලාසිතා, ජීවන රටාවන් ආශ්‍රිත නිෂ්පාදන, නිවසට අවශ්‍ය විදුලි උපකරණ, හෝටල් හා නවාතැන් පහසුකම් මෙන්ම සුපිරි වෙළෙඳසැල් ඇතුළු තවත් බොහෝ දේ ඉහළ වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකියාව ඇත. එමඟින් කාඩ්පත්හිමියන්ට ඔවුන්ගේ උත්සව සාප්පු සවාරි අත්දැකීමෙන් උපරිම වටිනාකමක් ලබා ගැනීමට සහ ඔවුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ දීමනා භුක්ති විඳීමටත් හැකියාව උදාවනු ඇත. සෑම කාඩ්පත් ගෙවීමක් තුළින් දෛනික පහසුව සහ උත්සව සමයේ වටිනා ප්‍රතිලාභ යන දෙකම ලබා දෙන නිසා කාඩ්පත්හිමියන් ත්‍යාග දිනා ගැනීමට තව තවත් දිරිමත් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි උප සභාපති – කාඩ්පත් ගෞතමී නිරන්ජන් මහත්මිය සඳහන් කර සිටියේ “මෙම උත්සව සමයේදී, අපගේ කාඩ්පත්හිමියන්ට නිවාඩු කාලය සතුටින් විනෝදයෙන් ගත කිරීමට සුවිශේෂී වට්ටම් සහ අද්විතීය අත්දැකීම් ලබා දීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වනවා. අප මෙම ත්‍යාග ලබා දීමේ අරමුණ වන්නේ අපගේ කාඩ්පත්හිමියන්ගේ පක්ෂපාතිත්වය අගය කිරීමටත් එදිනෙදා වියදම්වලට වැඩි අමතර වටිනාකමක් සහ අමතක නොවන අවස්ථාවන් සමඟින් මෙවර උත්සව සමය සතුටින් භුක්ති විඳීමට ඔවුන්ට උපකාර කිරීමටයි. ඒවගේම විශේෂයෙන් සැලසුම් කළ අත්දැකීම් හරහා පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ වීමෙන් අපි මෙවර උත්සව සමයේ සතුට, ප්‍රීතිය බෙදාහදා ගැනීමටත් සැමට ප්‍රීතිමත්, සමෘද්ධිමත් සහ අමතක නොවන උත්සව සමයක් ප්‍රාර්ථනා කිරීමට කැමතියි.” යනුවෙනි.

මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන විශේෂත්වය වන්නේ අප්‍රිකානු සෆාරි අත්දැකීමක් දිනා ගැනීමට අවස්ථාව හිමි වීමයි. මෙම ප්‍රවර්ධන කාලය තුළදී අවම වශයෙන් රුපියල් 100,000ක ගනුදෙනු සම්පූර්ණ කරන කාඩ්පත් හිමියන් දෙදෙනෙකු කෙන්යාවේ මසායි මාරා (වීසා ගාස්තු ඇතුළත් නොවේ) හි දින පහක සෆාරි සංචාරයක් දිනා ගැනීම සඳහා දිනුම් ඇදීමකට ඇතුළත් වනු ඇති අතර වියදම් කරනු ලබන සෑම අමතර රුපියල් 10,000ක් සඳහාම ද අවසන් මහා දිනු ඇදීමට ඇතුලත් වනු ඇත. මෙම අප්‍රිකානු සෆාරි සංචාර පැකේජයට ආපසු පැමිණීමට ගුවන් ටිකට්පත්, නවාතැන්, ආහාර, එම සංචාරය අතර සිදු කරනු ලබන සියලුම ගමන්බිමන්, සෆාරි උද්‍යාන ප්‍රවේශ ගාස්තු සහ 4×4 සෆාරි ජීප් රථයක් සමඟින් හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කරන පුහුණු හා පළපුරුදු මාර්ගෝපදේශකයෙකු ඇතුලත් වේ. මෙහිදී HNB නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ජයග්‍රාහකයා තෝරා ගන්නා අතර ප්‍රවර්ධනය අවසන් වී වැඩ කරන දින දහහතරක් ඇතුළත අදාල ජයග්‍රාහකයාට ඒ බව දැනුම් දෙනු ලැබේ.

මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 68 වන ග්‍රැමී සම්මාන උළෙලට සහභාගී වීම සඳහා සියලු වියදම් සහිත දින හතරක සංචාරයක් දිනා ගැනීමට ද HNB Club Elite ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන්ට අවස්ථාවක් ලබා දී තිබීම තවත් විශේෂත්වයකි. මෙම පැකේජයට ආපසු පැමිණීමට ගුවන් ට්කට්පත්, නවාතැන් පහසුකම්, විශේෂ ආසන, backstage පහසුකම් සහ විශේෂ සහායක කණ්ඩායම් ඇතුළත් වන අතර එමඟින් ලොව ඉහළ පෙළේ සංගීත සම්මාන උළෙලකදී මින් පෙර අත් නොවිඳි සුවිශේෂී අත්දැකීමක් Club Elite ක්‍රෙඩිට් කාඩ්පත්මියන්ට HNB උදා කර දී ඇත.

තවද ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා ඉසව්වක උණුම අත්විඳීමට අවස්ථාව සලසා දෙමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා Priority Circle ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන්ට ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරග නැරඹීමට ද HNB අවස්ථාව උදා කර දී ඇත. මෙම දින හතරේ සංචාරයට ගුවන් ටිකට්පත්, නවාතැන් පහසුකම්, තරඟ ටිකට්පත් සහ මෙල්බන් නගරයේ සුන්දර ස්ථාන නැරඹීම ආදිය ඇතුළත් වේ. මෙවැනි සුවිශේෂී අත්දැකීම් පිරිනැමීමෙන් HNB සිය ඉහළ පෙළේ කාඩ්පත්හිමියන් ඇගයීමට ලක් කිරීමත් ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීමත් සඳහා සිය අඛණ්ඩව කැපවීම පෙන්නුම් කරයි. එමෙන්ම කාඩ්පත් හිමියන්ට බැංකුව සමඟ වඩාත් සම්බන්ධ වී ඇති බවත් අඛණ්ඩ විශ්වාසය සහ පක්ෂපාතිත්වය ශක්තිමත් කිරීමටත් එය උපකාරී වේ.

මෙම උත්සව සමයේදී HNB තම කාඩ්පත්හිමියන්ට උසස් වටිනාකමකින් යුත් අසමසම ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම නැවතත් තහවුරු කරයි- එමෙන්ම උත්සව දීමනා හා වට්ටම් සහ සුවිශේෂී ජාත්‍යන්තර සංචාර සමඟින්, කාඩ්පත් හිමියන්ට ප්‍රීතිමත් උත්සව සමයක් ලබා දීම HNB හි අරමුණයි. සැමට ප්‍රීතිමත් හා සදා මතකයේ රැඳෙන, සමෘද්ධිමත් උත්සව සමයක් වේවා යැයි හැටන් නැෂනල් බැංකුව ප්‍රාර්ථනා කර සිටී.

වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා...
City of Dreams Sri Lanka-இற்கு...
SLIM தேசிய விற்பனை விருதுகள் 2025...
ஹேலீஸ் குழுமத்தின் துணை நிறுவனமான டிப்ட்...
HNB කාඩ්පත්හිමියන්ට මෙවර උත්සව සමයේදී...
SLIM ජාතික විකුණුම් සම්මාන 2025...
හේලීස් සමූහයට අනුබද්ධිත ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස්...
The Golden Mirage, City of...
SLIM ජාතික විකුණුම් සම්මාන 2025...
හේලීස් සමූහයට අනුබද්ධිත ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස්...
The Golden Mirage, City of...
DENZA හි නවීන මාදිලි Shoppes...