HNB ත්‍රෛභාෂා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු යෙදවුම සහිත බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජංගම දුරකතන බැංකු යෙදයුමට ත්‍රෛභාෂා අනුවාදයක් පසුගියදා හඳුන්වා දුන්නේය. විශේෂයෙන් පරිශීලකයින්ට බැංකු යෙදවුම සඳහා වන ප්‍රවේශය වැඩි කිරීම හා තමන් කැමති භාෂාවකින් සේවා සපයා ගනිමින් එක් එක් පුද්ගලයාට සරිලන බැංකු සේවාවක් ලබා දීම සඳහා වන උපායමාර්ගික පියවරක් ලෙස මෙම හඳුන්වාදීම සිදු කෙරිණි-
HNB බැංකු යෙදවුම ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු යෙදවුම ලෙස පෙරමුණ දිනා ගැනීමට සමත්ව ඇත්තේ මිලියනයකට අධික සක්‍රීය පරිශීලක පිරිසක් සමඟිනි. පරිශීලකයින්ට අලුතින් හඳුන්වා දෙනු ලැබූ මෙම ත්‍රෛභාෂා විශේෂාංගය තුළින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පහසු භාෂාවක් තෝරා ගනිමින් බැංකු සේවාවන් පහසුවෙන් කර ගැනීමට ඉඩ සලසයි. එක් එක් පුද්ගලයාට සරිලන පරිදි සහ කලාපීය වශයෙන් වැඩිවන බැංකු සේවා ඉල්ලුම පෙන්නුම් කරමින් පරිශීලකයින්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් තම මව් භාෂාවෙන් බැංකු කටයුතු සිදු කරගනී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ “අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් හා ඒවාට සරිලන විසඳුම් ලබා දීම තුළින් ඔවුන් වෙත අඛණ්ඩව නව්‍යකරණ සේවාවක් ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ස්ථානය හෝ භාෂාව පිළිබඳ නොසලකා සෑම පාරිභෝගිකයකුටම තමන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් අත්විඳීමට හැකි බව තහවුරු කිරීම සඳහා වන අපගේ කැපවීම මෙමගින් මනාව පිළිබිඹු වනවා.” යනුවෙනි.

මෙම නව්‍ය ප්‍රවේශය තුළින් පාරිභෝගික පහසුව ඉහළ නැංවීම සඳහා HNB හි ඩිජිටල් පරිවර්තන ගමන ශක්තිමත් වී ඇත්තේ නව්‍ය පහසුකම් රැසක්ද සමඟිනි. එහි ඇති ‘’non-Face-to-Face” (NF2F) විශේෂාංගය තුළින් භෞතික හා ඩිජිටල් බැංකු සේවා අතර පරතරය අවම කර ඇති HNB සබැඳීන් අතර මෙන්ම බැංකු ශාඛාව තුළ ගනුදෙනු අතර බාධාවකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව උදා කර දී ඇත. එසේම බහුකාර්ය හා පහසුවෙන් භාවිත කළ හැකි ගෙවීම් විසඳුමක් වන HNB SOLO ඩිජිටල් මුදල් පසුම්බිය තුළින් එකම වේදිකාවක සිට සියලු ගනුදෙනු සිදු කිරීමේ පහසුවද ගනුදෙනුකරුවන් වෙත ගෙන ඒමට HNB සමත් විය.
මෙම ත්‍රෛභාෂා යෙදවුම හඳුන්වාදීම පරිශීලකයින්ගේ ක්‍රියාකාරී බව ඉහළ නැංවීම සඳහා වන HNB හි අඛණ්ඩ ප්‍රයත්නයට සුවිසල් ශක්තියක් වනු ඇත. මෙම ත්‍රෛභාෂා යෙදවුම මඟින් ඩිජිටල් බැංකුකරණය පහසු සහ වඩාත් ප්‍රවේශ විය හැකි කිරීම මගින් පරිශීලක සහභාගීත්වය වැඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම බැංකු යෙදවුම දැනටමත් භාවිත කරනු ලබන පරිශීලකයින් හට එහි Home Page හෝ Settings භාවිත කරමින් පහසුවෙන් භාෂාව වෙනස් කර ගත හැකිය. මීට අමතරව ලියාපදිංචි වීමේදී නව පරිශීලකයින්ට තමන් කැමති භාෂාවක් තෝරා ගත හැකිය. එය ඔවුන්ට සුවපහසු බැංකු අත්දැකීමක් එක් කරනු නිසැකය.

“පාරිභෝගිකයින්ට ඔවුන් කැමති භාෂාවෙන් මෙම යෙදවුම භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. උතුර, නැගෙනහිර, දකුණ සහ මධ්‍යම කලාපය ඇතුළුව ශ්‍රී ලංකාව පුරා HNB ක්‍රියාත්මක වන අතර ඒ හේතුවෙන් පාරිභෝගිකයින් සිටින ස්ථානය කුමක් වුවත් ඔවුන්ට බැංකු සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ලබා දීමේ වැදගත්කම තේරුම් ගැනීමට අපට උපකාරී වුනා. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම යෙදවුම හඳුන්වා දීමෙන් වැඩි පිරිසකට අපගේ සේවාවන් සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට අප අවස්ථාව ලබා දී තිබෙනවා.” යනුවෙන් HNB ඩිජිටල් ව්‍යාපාර ප්‍රධානී චම්මික වීරසිංහ මහතා පැවසුවේය.

 

IASL launches revamped website to...
YOLO by Prime Lands நிர்மாணமானது...
Power World සහ Kings Hospital...
Atlas Makes Learning the Perfect...
මහනුවර සහ කුරුණෑගල නව ශාඛා...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන්...