HNB නව බැංකුකරණ වැඩසටහන තුලින් මෙරට කාන්තා ව්‍යවසායකයින් නඟා සිටුවීමට තවදුරටත් කැප වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ප්‍රමුඛයකු හැටන් නැෂනල් බැංකුව පසුගියදා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ සුවිශේෂී වැඩසටහනක් HNB Towers හිදී පවත්වන ලදී. ‘පුංචියට පටන් ගන්න. ලොකුවට වැඩෙන්න – ඒ සියලු දේ වෙනුවෙන් අපි ඔබ සමඟ සිටිමු’ තේමාව කරගත් මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ ‘කාන්තාවන් සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය දිරි ගැන්වීම’ යි.

HNB හි පරිපූර්ණ කාන්තා බැංකු වැඩසටහනක් වන මෙය කාන්තා ව්‍යවසායක දියුණුවට අවශ්‍ය මූල්‍ය හා තිරසාර වර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කරයි. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක කාන්තාවන් ඉලක්ක කරගනිමින් දියත් කරනු ලැබූ මෙම වැඩසටහන යටතේ HNB ඇෂුවරන්ස් සමඟ එක්ව ණය යෝජනා ක්‍රම, ඉතිරිකිරීම් හා ඩිජිටල් බැංකු සේවා, POS යන්ත්‍ර, හැකියාවන් ඉහළ නැංවීම සහ උපදේශන වැඩසටහන් මෙන්ම රක්ෂණ ආවරණ ඇතුළු මූල්‍ය හා මූල්‍ය නොවන සේවාවන් රැසක් සැපයීමට කටයුතු කර ඇත.

වෘත්තිකයින් 300කගේ හා දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් 50කට අධික සංඛ්‍යාවකගේ සහයෝගයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේදී කාන්තාවන් ක්ෂුද්‍ර මට්ටමේ සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවක් දක්වා නගා සිටුවීමට අවශ්‍ය නීති සහ බදු උපදේශන සේවා, අලෙවිකරණ අවස්ථා සහ හඳුනා ගැනීමේ මාර්ග ඉහළ නැංවීමද සිදු වේ. එසේම දියුණුව සඳහා මඟ පෙන්වීම, අවශ්‍ය සම්පත් සහ විශ්වාසය ගොඩනැගීම, කාන්තාවන් සවිබලගැන්වීම, ප්‍රජාවන් ශක්තිමත් කිරීම සහ ජාතික වර්ධනය මෙහෙයවීම සඳහා සිය අඛණ්ඩ කැපවීම තහවුරු කිරීමටද HNB මෙම වැඩසටහන තුලින් සමත්ව සිටියි.

විශේෂයෙන් කාන්තාවන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් සඳහා මූල්‍ය උපදේශන සේවා සහ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් සඳහා සහභාගී වීමේ හැකියාව ඉහළ නැංවීම, ව්‍යාපාර තිරසාරත්වය මෙම වැඩසටහනේ අරමුණ වී ඇත. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අනුව කාන්තාවන්ගෙන් 9%ක් ආර්ථිකය වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙයි. සැලසුම් සහගත සහයෝගයක් හිමි නොවන ඔවුන්ගෙන් බොහොමයක් කුඩා හෝ අවිධිමත් ව්‍යාපාරවල නිරතව සිටිති. කැළණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කරනු ලැබූ පර්යේෂණයන්ගෙන් පෙනී යන්නේ කාන්තාවන්ගෙන් 80%කට බැංකු ගිණුම් ඇති බවත්, ආර්ථිකය වෙනුවෙන් ක්‍රියාකාරීව දායක වන 8-9%ක ප්‍රමාණයකට මූල්‍ය දැනුවත්භාවයක් සහ සහභාගීත්වයක් අවශ්‍ය වන බවයි. මෙම වැඩසටහන තුලින් HNB සිදු කරනු ලබන්නේ එම අවස්ථාව ඔවුන් වෙත උදා කර දීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කළමනාකර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත මහතා “HNB හි සුවිශේෂී කාර්යභාරයක් ලෙස ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා කටයුතු කිරීම සඳහන් කළ හැකියි. මෙරට ආර්ථිකයේ සුවිසල් ශක්තියක් වන කාන්තාව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතන මොහොතේ පටන් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමට HNB කැපවී සිටිනවා. මෙම වැඩසටහන තුලින් ඔවුන් සඳහා බැංකු සේවාවන් පිළිබඳ අවබෝධය ලබාදීම, දැනුම සහ නව අවස්ථා සමඟ ඔවුන්ව සම්බන්ධ කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන, ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේ අවස්ථා උදා කරදීමට අපි බලාපොරොත්තු වනවා. සාර්ථකත්වය ළඟා කර ගැනීම පහසු කාර්යයක් නෙවෙයි. ඒ නිසා සෑම විටම කාන්තාවන් වෙනුවෙන් ශක්තියක් වෙමින්, ඔවුන්ගේ විශ්වාසය ඉහළ නැංවීමට සහ තිරසාර වර්ධනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට බැංකුකරණ සේවාවන්ගේ ඔබ්බට අපගේ සේවාවන් ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා.” යනුවෙනි.

EFC National Best Employer Awards...
கண்டி நகரில் நவீன விருந்தோம்பல் சேவையின்...
Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...