HNB සිය ඉදිරි මෙහෙයුම් සාර්ථකව පවත්වාගෙන යාමට නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් පත් කරයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ප‍්‍රවීණයින් දෙදෙනෙකු පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. HNB හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස එසේ පත්කරනු ලැබුවේ එස්. රෙන්ගනාදන් සහ නන්ද ප‍්‍රනාන්දු යන මහත්වරුන්ය.

ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ සුවිසල් පරිවර්තනයකට නායකත්වය දුන් රෙන්ගනාදන් මහතා දශක 4කට වැඩි පළපුරුද්දක් සහිත විශිෂ්ට වෘත්තිකයෙකි. කොමර්ෂල් බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වූ ඒ මහතා ජාත්‍යන්තර අත්පත් කර ගැනීම් හා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන්නෙකි. මීට පෙර ඒ මහතා සීමාසහිත ලංකා මූල්‍ය සේවා කාර්යංශයේ සහ ශ‍්‍රී ලංකා බැංකු සංගමය (ගැරන්ටි) ලිමිටඞ් හි අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇත.

ලංකා සේව්‍ය සම්මේලනයේ කවුන්සිල සාමාජිකයෙකු මෙන්ම බි‍්‍රතාන්‍ය සමඟ ව්‍යාපාර සඳහා වන කවුන්සිලයේ විධායක සභිකයකු ද වන ඒ මහතා ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙසත් ලංකා වාණිජ මණ්ඩලයේ විධායක සභිකයකු ලෙසත් කටයුතු කර ඇත. මේ වන විට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ප‍්‍රතිපත්ති උපදේශක කමිටුවේ සාමාජිකයකු ලෙසත්, ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරන ඒ මහතා ශ‍්‍රී ලංකා ඉන්දියානු සංගමයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි.

එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (FCMA), වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී ආයතනය CGMA), එක්සත් රාජධානියේ ලන්ඩන් බැංකුකරණ හා මූල්‍ය ආයතනයේ මෙන්ම ශ‍්‍රී ලංකා බැංකරුවන්ගේ ආයතනයේ සාමාජිකයකු වන රෙන්ගනාදන් මහතා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී නායකත්ව, කළමනාකරණ හා බැංකු පුහුණුවීම් ලබා ගෙන ඇත.

රෙන්ගනාදන් මහතා සන්ෂයින් හෝල්ඩිංග්ස්, සන්ෂයින් හෙල්ස්කෙයාර්, Agility Innovations (පුද්) සමාගම, ජනශක්ති ඉන්ෂුවරන්ස්, සිලෝන් හොස්පිටල්ස්, Lina Spiro (පුද්) සමාගම, Healthguard (පුද්) සමාගම යන ආයතනවල ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කරන අතර දම්රෝ හෝල්ඩිංග්ස් ලිමිටඞ් හි මෙන්ම Marino Leisure හෝල්ඩිංග්ස් ලිමිටඞ් හි සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

සම්පත් බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සුවිසල් දැක්මකින් යුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් කීර්තියක් අත්පත් කරගෙන ඇති නන්ද ප‍්‍රනාන්දු මහතා HNB හි ස්වාධීන හා විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත්වෙමින් තමන් සතු දැනුම සහ අත්දැකීම් HNB හි සාර්ථකත්වය වෙනුවෙන් ආයෝජනය කරනු ඇත. නව්‍යකරණ බැංකු තාක්ෂණයන් හා පාරිභෝගික සේවා ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කර ඇති නන්ද ප‍්‍රනාන්දු මහතා ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අතර ඉන්දියාවේ සිකිම් මනිපායි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ශාස්ත‍්‍රපති උපාධියක්ද හිමිකර ගෙන ඇත.

මේ වන විට මූල්‍ය සැලසුම්කරණ හා උපදේශන සේවා සැපයීම සිදු කරන සමාගමක් වන Professional Business Consultants හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන නන්ද ප‍්‍රනාන්දු මහතා Haycarb PLC, Dipped Products PLC, Hayleys Fabric PLC, Lanka Bangla Finance PLC සහ Lanka Bangla Securities PLC හි අධ්‍යක්ෂවරයකුද වේ.

මෙම අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම් සමඟින් බැංකුවක් ලෙස HNB හි නායකත්වය තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම විශිෂ්ටත්වය හා නවෝත්පාදනය වෙනුවෙන් බැංකුවේ කැපවීම ශක්තිමත් කිරීමටත් හැකියාව උදා වනු ඇත.

 

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...