HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය සහතික කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් පවත්වයි. මාර්තු 6 වන දින HNB Towers හිදී පැවති මෙම වැඩසටහනට 300 කට අධික කාන්තා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, හවුල්කරුවන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහභාගී විය.

එහිදී HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “ජාතික අවශ්‍යතාවයන් හදුනාගන්නා බැංකුවක් වශයෙන් අප, ජාතික ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය සහතික කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශයට අමතරව දැනුම, අවස්ථා, ආත්මශක්තිය සහ ආත්ම විශ්වාසය කාන්තාවන්ට ලබාදෙනවා. කාන්තා දිනයට පමණක් සීමා නොවී අපගේ ආයතනික උපායමාර්ගික ප්‍රතිපත්තියක් ලෙසින් කාන්තාවට වටිනාකම් එකතු කරනවා. ඒ හරහා මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව වන ‘Give to Gain’ අර්ථාන්විත කිරීමට අපිට හැකිවී තිබෙනවා. සමාජීය සහ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කාන්තා ප්‍රජාවක් සිටින රටක තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම අපගේ අරමුණයි. ඒ වගේම කාන්තා ව්‍යවසායිකාවන්ට ශක්තියක් වීමෙන්, ශ්‍රී ලංකාවේ නැගී එන ව්‍යාපාර හරහා නවෝත්පාදන සහ ජාතික ඔරොත්තු දීමේ හැකියාව බලගන්වන්න අපිට පුළුවන්.” යනුවෙනි.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA),කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය (SED), කාන්තා කාර්යාංශය, ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA), කැඵණිය විශ්ව විද්‍යාලය, ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලය, ආසිරි රෝහල, HNB ඇෂුවරන්ස් සහ B2.lk ආයතනය මෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වන බොහෝ වෘත්තිකයන් සහ කර්මාන්ත හවුල්කරුවන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

‘’කාන්තාවන් අධ්‍යාපනයෙන් හා සාක්ෂරතාවයෙන් කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත්තද ශ්‍රම බලකාය තුළ ඔවුන්ගේ සහභාගීත්වය ප්‍රශංසනීය නැහැ. HNB අප, කාන්තා ව්‍යවසායකත්වය නංවාලීම හරහා ජාතික ආර්ථික වර්ධනයට අඩිතාලමක් දමන අතරම කාන්තා හැකියාවන් සහ කුසලතා ඔප්නැංවීමට වේදිකාවක් තනනවා. HNB කාන්තා බැංකුකරණ යෝජනාව හරහා කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව සිහින සැබෑ කිරීමට උපකාරී වන දැනුම, මූල්‍ය ප්‍රවේශය සහ මග පෙන්වීම අපි ලබාදෙනවා.” යනුවෙන් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි සහ ප්‍රධාන තිරසාර නිලධාරිනී ප්‍රියංකා විජයරත්න මහත්මිය පැවසුවාය.
මෙම වැඩසටහන තුළින් ව්‍යවසායිකාවන්ට ඉලක්කගත මූල්‍ය විසඳුම්, උපදේශන සහාය, ඩිජිටල් මෙවලම් සහ වෙළඳපල ප්‍රවේශ අවස්ථා ලබාදෙයි. මෙම මුලපිරීම මගින් කාන්තා ව්‍යවසායිකාවන් බලගැන්වීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනය වේගවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ධාවකයන් ලෙස ඩිජිටල් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

මෙහිදී ආසිරි රෝහල සමඟ සහයෝගයෙන් සෞඛ්‍ය විශේෂඥයින් විසින් මෙහෙයවන ලද වෛද්‍ය සාකච්ඡාවක් පැවති අතර සෞඛ්‍ය රක්ෂණාවරණ ලබාදෙමින් කාන්තා වශවසායකත්වය දිගුකාලීනව ශක්තිමත් කිරීමට HNB කටයුතු කරන ලදි. විශේෂයෙන් කාන්තාවන්ට වඩාත් අභියෝගාත්මක වන ජීවිත සමබලතාව සහ මානසික සුවය නංවාලීම වෙනුවෙන් එදින පැවති මනෝ උපදේශන වැඩසටහන කාගේත් ප්‍රශංසාවට ලක්විය.

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, කාන්තා ව්‍යවසායිකාවන්ට සඳහා නව මංපෙත් විවර කරන බැංකුකරණ වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යාමෙන් HNB සිය නායකත්වයේ සහ නවෝත්පාදනයේ සාඩම්බර උරුමය යළි යළිත් සනාථ කරයි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...