HNB 800 වැනි Smart Self Service යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී විවෘත කරයි

Share

Share

Share

Share

HNB සිය 800 වැනි Smart Self Service (SSM) යන්ත‍්‍රය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අකුරේගොඩ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී පසුගියදා ස්ථාපිත කළේය.

මුදල් තැන්පත් කිරීමේ හා මුදල් ලබා ගැනීමේ පහසුකම් සහිත මෙම නව Cash Recycle (CRM) යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවය කරන පුද්ගලයින්ට පහසු බැංකු සේවා සපයයි. මෙම පහසුකම මගින් පරිශීලකයින්ට පහසුවෙන් මුදල් ආපසු ගැනීමට සහ තැන්පත් කිරීමට, එවේලේම මුදල් මාරු කිරීමේ real-time පහසුකම, ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් පියවීමට, ජංගම දුරකතන හරහා මුදල් ආපසු ගැනීමට, ජංගම දුරකතනවලට reload කිරීමට සහ අත්‍යාවශ්‍ය බිල්පත් ගෙවීමට සහ වෙනත් වියදම් වැනි self-banking අවශ්‍යතා සඳහා පහසු ප‍්‍රවේශයක් ලබා දෙනු ඇත.

මෙම Smart Self Service යන්ත‍්‍රය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහභාගී විය. මෙම අවස්ථාවට HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර, ඩිජිටල් බැංකුකරණ චක්ෂික අමරවර්ධන, HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර – Employee Banking, පියකර ජයරත්න, බත්තරමුල්ල HNB පාරිභෝගික ඒකකයේ කළමනාකාර, දිනෙත් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත‍්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම HNB ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

දිවයින පුරා පාරිභෝගික ඒකක 254ක් සහ Self Service යන්ත‍්‍ර 800කට අධික සංඛ්‍යාවකින් සමන්විත HNB යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම, තාක්ෂණික වශයෙන් නව්‍යකරණය වූ පුද්ගලික බැංකුවකි. තිරසාරත්වය, යහපාලනය සහ ආයතනික විශිෂ්ටත්වය සඳහා වන සිය කැපවීම උදෙසා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කළ හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී (CCC BCCSA) 2022 වසරේ මෙරට හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB සම්මානයට පාත‍්‍ර විය. එහිදී හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වීම, පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහක සම්මානය සහ ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ ජයග‍්‍රාහකයා ඇතුළුව HNB සම්මාන හතරක් දිනා ගැනීම ද සුවිශේෂත්වයකි.

 

රූපය 01: (වමේ සිට දකුණට) බත්තරමුල්ල HNB පාරිභෝගික ඒකකයේ කළමනාකරු දිනෙත් රාජපක්ෂ, HNB ජ්යෙෂ්ඨ කළමනාකාර, ඩිජිටල් බැංකුකරණය, චක්ෂික අමරවර්ධන, ආරක්ෂක අමාත්යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න, HNB සබඳතා කළමනාකාර – Employee Banking, රවී සිල්වා, HNB ජ්යෙෂ්ඨ කළමනාකාර – Employee Banking, පියකර ජයරත්න යන මහත්වරු ඇතුළු HNB නිලධාරීන් විවෘත කිරීමේ උත්සවයේදී

රූපය 02: නව Cash Recycle (CRM) යන්තරය

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...