HNB FINANCE සිය 25වන සංවත්සරයට සමගාමීව සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලයට හා ගනුදෙනුකාර භවතුන්ට සෙත්පතා සුවිශේෂී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණි.

සර්ව ආගමික වැඩසටහන් මාලාවෙහි බෞද්ධ සහ ක්‍රිස්තියානි සැමරුම් වැඩසටහන් නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි. බෞද්ධ ආගමික වැඩසටහන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් ලෙස සංවිධානය කර තිබූ අතර පසුදා භික්ෂුන්වහන්සේ විසිපස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිළිගන්වමින් නිමාවට පත් කෙරුණි. නාවල වික්‍රමසිංහාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය කලංකුට්ටියේ සෝරත හිමි ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම සංවිධානය කෙරිණි. HNB FINANCE 25 වන සංවත්සරයට සමගාමීව පැවැත්වුණු කිතුණු දේව මෙහෙය කොළඹ 08, ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ අදියුරු ගරු ප්‍රසාද් හර්ෂණ පියතුමන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවන්ට HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද මහතා ඇතුලුව ඉහල කළමනාකාරීත්වයද ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛා කාර්ය මණ්ඩලයේ නිළධාරීහුද සහභාගී වූහ.
මෙම සර්ව ආගමික වැඩසටහන් මාලාවේ හින්දු ආගමික වැඩසටහන මඩකලපුව ආනයිපන්ති ශ්‍රී සිත්ති විග්නේශ්වර හින්දු කෝවිල් පරිශ්‍රයේදී බාලසිවරමනා පූජකතුමන්ගේ මෙහෙයවීමෙන් සිදුකරන ලද අතර මේ සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත්, රුවන් ප්‍රනාන්දු මහතා ඇතුළු ප්‍රධාන කාර්යාලයේ නිළධාරීන් සහ මඩකලපුව, කල්මුණේ ඇතුළු උතුර නැගෙනහිර පලාත්හි ක්‍රියාත්මක HNB FINANCE ප්‍රාදේශිකයන්හි කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකාර භවතුන් ඇතුලුව විශාල පිරිසක් එක් වූහ.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ , ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ හැඩතලය වෙනස්කරමින් අභිමානවත් ගමනක් පැමිණි HNB FINANCE PLC සමාගම පසුගිය දශක දෙකහමාරක කාලයක් මුළුල්ලේම පාරිභෝගික අවශ්‍යතා නිසි ලෙස හඳුනාගමින් එම අවශ්‍යතාවන්ට අනුව සිය සේවාවන් වැඩි දියුණු කරගත් මෙරට මූල්‍ය සමාගම් අතුරින් ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. ශ්‍රී ලංකාව පුරාම ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් රටක් ලෙස අප මුහුණ දුන් වඩාත් අභියෝගාත්මක කාලවකවානුව තුළ වූවද සමාගමේ සේවකයින් සහ පාරිභෝගිකයින් ද රැකගනිමින් ලාභදායීත්වය ද සැලකිය යුතු වර්ධනයක පවත්වාගෙන යමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම සැබවින්ම අභියෝගාත්මක අත්දැකීමක් වුණා. මේ සෑම අභියෝගයකදීම අපගේ විශාලතම ශක්තිය වූයේ අපගේ සහෘද සේවක මඩුල්ල සහ දශක දෙකහමාරකට අධික කාලයක් පුරා අප හා විශ්වාසයෙන් බැඳි සිටි අපගේ ගෞරවනීය ගනුදෙනුකාර ප්‍රජාවයි. මෙ‍ෙතක් අප ආ ගමන් මග ආවර්ජනය කරන විට මේ කණ්ඩායම් දෙක සමාගමේ කීර්ති නාමය ඉහලට ඔසවා තැබීමට සිදු කළ දායකත්වය සැබවින්ම ප්‍රශංසනීය වන අතරම ඒ පිලිබඳව මගේ හද පිරි හෘදයාංගම ප්‍රණාමය ඔවුන් වෙත පුදකරන්නට මේ විසිපස්වන සැමරුම මම අවස්ථාවක් කර ගන්නවා. එසේම තවත් දශක ගණනාවක් ශක්තිමත්ව ඉදිරියට යෑමට මේ සියලු දෙනාගේ ආශිර්වාදය HNB FINANCE PLC වෙත හිමිවන බව මම දැඩිව විශ්වාස කරනවා” යනුවෙන් පැවසීය.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...