Huawei විසින් පසුගියදා සිය ප්රථම ගෝලීය C&I නායකයින්ගේ සමුලුව පවත්වන ලදී. ඒ සඳහා රටවල් 45ක වාණිජ හා කාර්මික ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ ස්ථාපකයින් (installers) 550කට වැඩි පිරිසක් එක්ව සිටියහ. එහිදී Visionaries (දුරදක්නා නායකයින්) නියෝජිතයින් කිහිප දෙනෙකු විසින් තමන් මුහුණ දුන් ප්රායෝගික අවස්ථා හා සාර්ථක සිදුවීම් පිළිබඳව අදහස් බෙදා හදා ගැනීමටද කටයුතු කරන ලදී. තවද විශේෂ සාකච්ඡා සහ අදහස් හුවමාරු කර ගැනීම තුලින් සහභාගී වූ සියලු දෙනා දැනුවත් කිරීමද මෙහිදී සිදු වූ අතර ඒ හරහා නව සහයෝගීතාවයන් සොයා ගැනීමටද කටයුතු කරමින් ගෝලීය වාණිජ හා කාර්මික අංශයේ හරිත පරිවර්තනය වෙනුවෙන් සිය කැපවීම ප්‍රදර්ශනය කළහ.
කර්මාන්තයේ අනාගත දියුණුව අපේක්ෂාවෙන් කටයුතු කරන මෙම C&I තීරකයින් එහි අනාගතය හැඩගැස්වීමෙහිලා සුවිසල් කාර්භාරයක් ඉටු කරනු ලබයි. එමෙන්ම Huawei හි සුවිශේෂී PV+ESS විසඳුම් මඟින් බලගැන්වෙන තොරතුරු හා අදහස් ප්රායෝගිකව ක්රියාත්මක කිරීමටද ඔවුන් කටයුතු කරමින් සිටිති. මේ තුලින් කාබන් විමෝචනය අවම කරන (ව්‍යවසායන්හි) මෙහෙයුම් තුලින් ගුණාත්මක ව්‍යාපාරයන් කාර්යක්ෂමව ඉහළ නැංවීමට කටයුතු කරන ඔවුන් ව්‍යාපාර දියුණුවට මෙන්ම සමාජ සංවර්ධනය වෙනුවෙන්ද සිය දායකත්වය ලබා දෙන්නේ කර්මාන්තයේ නව මානයන් විවර කරමිනි.

මෙම සමුළුවට එක් වූ Huawei හි උප සභාපති සහ Huawei Digital Power හි ගෝලීය අලෙවිකරණ විකුණුම් සහ සේවා සභාපති Jianjun Zhou මහතා එක්ව සිටි කර්මාන්ත නායකයින් පිළිගනිමින් විශේෂ දේශනයක් ඉදිරිපත් කරන ලදී. එහිදී ඒ කර්මාන්ත ප්රවණතා පිළිබඳ සාකච්ඡා කිරීමට, සංවාද කිරීමට මෙන්ම හොඳම ගෝලීය භාවිතයන් මෙන්ම වර්ධනය වන තාක්ෂණයන් සහ ප්‍රමුඛ විසඳුම් බෙදා ගැනීමට ලොව පුරා කර්මාන්ත ප්‍රමුඛයින්ට ආරාධනා කරන ලදී. ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පරිපූර්ණ බලශක්ති ප්‍රවේශය සපුරා ගැනීමේ ගාමක බලවේගය ලෙස C&I හි තීරණ ගන්නන් හඳුන්වා දෙනු ලැබීය. එසේම ඔවුන් උසස් තත්වයේ සංවර්ධනයන් තහවුරු කරන මූලික බලවේගය බවද ඔහු පෙන්වා දෙන ලදී.
Huawei Digital Power හි ගෝලීය අලෙවිකරණ විකුණුම් සහ සේවා උප සභාපති Hery Wang මහතා ‘Huawei හි සංස්කෘතිය හා මූලික වටිනාකම් යන තේමාව යටතේ දේශනය ඉදිරිපත් කරන ලදී. මෙහිදී ඒ මහතා සඳහන් කර සිටියේ පාරිභෝගික අවශ්‍යතා අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වන බවත්, පාරිභෝගිකයින්ට සේවය කිරීම එහි ක්‍රියාත්මක බවත්ය. ඒ හරහා ගනුදෙනුකරුවන්ට දිගු කාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා සිටින ලදී. Huawei හි මෙම සංවර්ධනයන්ට මූලිකම හේතුව වන්නේ පාරිභෝගික අවශ්යතා බවද Wang මහතා පෙන්වා දෙන ලදී.
මෙම සමුළුව හරහා සැබෑ ගෝලීය මහජන අවශ්‍යතා සහ නව්‍ය භාවිතයන් ආමන්ත්රණය කිරීමට හැකි වූ අතර සියලු කලාපයන් හා කර්මාන්ත ක්ෂේත්‍රයන් හරහා හොඳම භාවිතයන් වේගයෙන් ක්‍රියාත්මක කිරීමටද ඒ තුලින් උනන්දුවක් ඇති කරන ලදී. එසේම පාරිභෝගිකයිගේ වියදම් අවම කිරීම, කාර්යක්ෂතාව ඉහළ නැංවීම සහ හරිත බලශක්තිය සපයා ගැනීමට උපකාරී වීමටද මෙම සමුලුව උපකාරී විය. නව්‍ය තාක්ෂණයන් හා විවෘත පරිසර පද්ධතියක් හරහා C&I PV+ESS ඉහළ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ගෝලීය C&I නායකයින් සමඟ එක් වෙමින් කාබන් විමෝචනය අවම අනාගතයක් දායක කිරීමට Huawei Digital Power කටයුතු කරනු ඇත.




