Mahindra Ideal Finance විවිධ වාහන සන්නාම ආනයනකරුවන්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට චක්‍රීය ණය පහසුකමක් හඳුන්වා දෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන Mahindra Ideal Finance Limited (MIFL), විසින් නව චක්‍රීය ව්‍යාපාර ණය පහසුකමක් (MIFL Revolving Business Loan) හඳුන්වා දී ඇත. මෙය රට පුරා සිටින විවිධ වාහන සන්නාම ආනයනකරුවන්ගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) හිමියන්ගේ කෙටි කාලීන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ණය පහසුකමකි.

වාහන ආනයනකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මුහුණ දෙන පොදු අභියෝගවලට විසඳුම් ලබා දීම මෙම නව චක්‍රීය ණය පහසුකම නිර්මාණය කිරීමේ අරමුණයි. මෙම අභියෝග අතරට අවිධිමත් මුදල් ප්‍රවාහය, ගෙවීම් ලැබීමේ ප්‍රමාදයන් මෙන්ම කොටස් මිලදී ගැනීමට සහ කළමනාකරණය කිරීමට ඉක්මනින් මුදල් අවශ්‍ය වීම ආදිය ඇතුළත් වේ. තවද මෙම පහසුකම වාහන ආනයනකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට දැන් වෙළඳපොලේ ඇති නව ව්‍යාපාරික අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට ද උපකාරී වේ.

මෙම නව චක්‍රීය ව්‍යාපාර ණය පහසුකම සඳහා අනුමැතිය ලබා ගත යුත්තේ එක් වරක් පමණි. ඉන්පසු, ව්‍යාපාර හිමිකරුට මුදල් අවශ්‍ය වන සෑම අවස්ථාවකම නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවේ. ඒ වෙනුවට, ඔවුන්ට නම්‍යශීලී ණය ක්‍රමයකට ප්‍රවේශය ලැබෙන අතර එමඟින් ඔවුන්ට මුදල් ලබාගෙන අවශ්‍ය වාර ගණනක් ආපසු ගෙවිය හැකිය. එය ඔවුන්ගේ ව්‍යාපාරයේ සාමාන්‍ය මෙහෙයුම්වලින් මුදල් ලැබෙන හා පිටතට යන ආකාරය මත රඳා පවතී. තවද ව්‍යාපාර හිමියන්ට මේ සඳහා ලේඛන කටයුතු ඉදිරිපත් කිරීමට සිදු නොවන නිසා ඔවුන්ගේ කාලය ඉතිරි කරගත හැකිය- එමගින් ඔවුන්ගේ දෛනික මෙහෙයුම් කටයුතු කළමනාකරණය කිරීම පහසු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා පවසන්නේ විවිධ වාහන සන්නාම ආනයනකරුවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අනෙකුත් ව්‍යාපාර හිමිකරුවන් සමඟ ශක්තිමත්, දිගුකාලීන සබඳතා ගොඩනඟා ගැනීම MIFL හි වර්ධනයට ඉතා වැදගත් මෙන්ම එය සමාගමේ ප්‍රමුඛතාවක් වන බවයි. මීට අමතරව MIFL හි සාර්ථකත්වයට හේතු වී ඇත්තේ වාහන ආනයනකරුවන් සහ අනෙකුත් ව්‍යාපාර හිමිකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට සහ ඔවුන් මුහුණ දෙන අභියෝග පැහැදිලිව අවබෝධ කර ගැනීමට ඇති හැකියාව බව ඔහු පවසයි.

MIFL හි මෙම චක්‍රීය ව්‍යාපාර ණය පහසුකම විශ්වාසදායක, භාවිතයට පහසු වන පරිදි සහ විනිවිදභාවයෙන් යුතුව නිර්මාණය කර ඇති අතර ව්‍යාපාර හිමියන්ට වඩාත් විශ්වාසයෙන් මූල්‍ය තීරණ ගැනීමට එය උපකාරී වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...