Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

Share

Share

Share

Share

Mahindra Finance හි අනුබද්ධිත ආයතනයක් වන Mahindra Ideal Finance Limited (MIFL) හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි මුෆාඩල් චූනියා මහතා පත් කළ බව එම සමාගම නිවේදනය කර සිටී. ඒ අනුව MIFL හි ප්‍රධාන විධායක නිළධාරී ලෙස මීට පෙර කටයුතු කළ දුමින්ද වීරසේකර මහතාගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන එම ධූරයේ මුෆාඩල් මහතා කටයුතු කරනු ඇත.

ඔහුගේ නව භූමිකාව තුළ මුෆාඩල් මහතා විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සහ ග්‍රාමීය ජනතාව සඳහා MIFL හි ඩිජිටල් ණය දීමේ හැකියාවන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. සමාගමේ පාරිභෝගික වටිනාකම තවදුරටත් ඉහළ නැංවීම සඳහා සමාගමේ සේවා තවදුරටත් පුළුල් කිරීමට ද ඔහු බලාපොරොත්තු වේ.

මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් Mahindra Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී Raul Rebello මහතා පැවසුවේ “මුෆාඩල් මහින්ද්‍රා සමූහයේ සහ Mahindra Finance හි විවිධ නායකත්ව තනතුරු දරා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ශක්තිමත් මූල්‍ය සේවා ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා දුමින්ද ලබා දුන් දායකත්වයට මා මෙහිදී ස්තූතිය පළ කරන අතරම මුෆාඩල් සතු අත්දැකීම් සමඟින් MIFL හට අනාගතයේදී මීටත් වඩා විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමට උපකාරී වනු ඇති බව මට විශ්වාසයි.” යනුවෙනි.

Mahindra Ideal Finance හි සභාපති නලින් වෙල්ගම මහතා සඳහන් කළේ “ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සහිත මුෆාඩල් සමාගම සමඟ එක්වීම පිළිබඳව අපට ඉතා සතුටුයි. මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔහු සතු හසළ දැනුම වෙළෙඳපොළ තුළ සමාගමට වර්ධනය වීමට සහ සාර්ථක වීමට නව මාර්ග සොයා ගැනීමට උපකාර වනු ඇතියි.” යනුවෙනි.

Mahindra Finance විසින් සිදු කර ඇති ආයෝජනය MIFL හි පිළිගැනීම තවත් ශක්තිමත් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාගමට Fitch Ratings හි AA- (Outlook Stable) ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් හිමිව ඇත- මෙම ශ්‍රේණිගත කිරීම මගින් ඵෂත්‍ඛ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස ස්ථානගත කරමින් මූල්‍යමය වශයෙන් ස්ථාවර සහ විශ්වාසදායක බව පෙන්නුම් කරයි.

Mahindra & Mahindra Financial Services Limited පිළිබඳව
මහින්ද්‍රා සමූහයට අයත් කොටසක් වන Mahindra & Mahindra Financial Services Limited (Mahindra Finance) ඉන්දියාවේ ප්‍රමුඛතම බැංකු නොවන මුල්‍ය සමාගමකි. එරට ග්‍රාමීය සහ අර්ධ නාගරික වෙළදපොළ ඉලක්කකර ගනිමින් ක්‍රියාත්මක වන සමාගම ඉන්දියාවේ මිලියන 10 කට අධික පාරිභෝගික පිරිසකගේ ව්‍යවසාය අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට අතහිත ලබා දී ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියන 12-5 කට අධික වත්කම් ප්‍රමාණයක් කළමනාකරණය කරයි. සමාගම ප්‍රමුඛ පෙළේ වාහන සහ ට්‍රැක්ටර් වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් කළමනාකරණය කරන්නා වූ මූල්‍ය ආයතනයක් වන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබා දෙන අතර ස්ථාවර තැන්පතු ද පිරිනමයි. තවද Mahindra Finance සතුව කාර්යාල 1,370 ක් ඇති අතර ඉන්දියාව පුරා ගම්මාන 480,000 ක් සහ නගර 7,500 ක් පුරා විසිරී සිටින ගනුදෙනුකරුවන්ට සේවා සපයයි.

Mahindra Finance, Great Place to Work ආයතනය විසින් නම් කළ 2023 වසරේ සේවය කිරීමට සුදුසු ඉන්දියාවේ හොඳම සමාගම් අතරින් 59 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර ඇත.

Mahindra Finance CSR පදනම යනු 2013 සමාගම් පනතේ 8 වැනි වගන්තියේ විධිවිධාන යටතේ සමාගමේ සහ එහි අනුබද්ධිත ආයතනවල ආයතනික සමාජ වගකීම සම්බන්ධ ව්‍යාපෘති භාර ගැනීම සඳහා පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධ සමාගමයි.

Mahindra Rural Housing Finance Limited (MRHFL), Mahindra Finance හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය ඉන්දියාවේ ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල පුද්ගලයන්ට නිවාස මිලදී ගැනීම්, ප්‍රතිසංස්කරණ කිරීම් හා ඉදිකිරීම් සඳහා ණය ලබා දේ.

Mahindra Insurance Brokers Limited (MIBL) යනු Mahindra Finance හි රක්ෂණ තැරැව් සමබන්ධ අනුබද්ධිත ආයතනය වන අතර සෘජු සහ ප්‍රතිරක්ෂණ තැරැව්කාර සේවා සපයන බලපත්‍රලාභී සංයුක්ත තැරැව්කරුවෙකි.

Mahindra Manulife Investment Management Private Limited සමාගම Mahindra Manulife Mutual Fund හි ආයෝජන කළමනාකාර ආයතනය ලෙස ක්‍රියා කරයි.

Mahindra Manulife Trustee Private Limited (MMTPL) සමාගම Mahindra Manulife Mutual Fund හි භාරකාර සමාගමක් ලෙස ක්‍රියා කරයි.

Mahindra Ideal Finance Limited (MIFL) යනු Mahindra Finance සමාගමට අනුබද්ධිත ආයතනයක් වන අතර එහි 58.2% ක කොටස් සමාගමට අයත්ය. MIFL ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට පුළුල් පරාසයක මුල්‍ය සේවා සපයයි.

Mahindra Finance සමාගමට එක්සත් ජනපදයේ De Lage Landen මූල්‍ය ආයතනය සමඟින් එක්ව මහින්ද්‍රා වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට Mahindra Finance USA LLC නමින් හවුල් ව්‍යාපාරයක් ද ඇත. එය Rabo බැංකුවට අනුබද්ධිත ආයතනයකි.

Mahindra Finance පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට www.mahindrafinance.com පිවිසෙන්න. Twitter සහ Facebook: @MahindraFin

Mahindra පිළිබඳව
1945 දී ආරම්භ කරන ලද මහින්ද්‍රා සමූහය, රටවල් 100කට අධික සංඛ්‍යාවක් පුරා විසිරුණු 260,000 ක සේවක සේවිකාවන් සංඛ්‍යාවකින් සමන්විත ලොව විශාලතම සහ වඩාත්ම ගෞරවනීය බහුජාතික සමාගමකි. එය ඉන්දියාවට ගොවි උපකරණ, උපයෝගිතා වාහන, තොරතුරු තාක්‍ෂණය සහ මූල්‍ය සේවාවන් සඳහා නායකත්වය ලබා දෙන සමාගමක් වන අතර ලොව විශාලතම ට්‍රැක්ටර් සමාගම ද වේ.

මිට අමතරව පුනර්ජනනීය බලශක්තිය, කෘෂිව්‍යාපාර, භාණ්ඩ ප්‍රවාහන, සංචාරක සහ දේපළ සංවර්ධන යන අංශ තුළද එය ශක්තිමත්ව පවතී.

මහින්ද්‍රා සමූහය ගෝලීය ප්‍රමුඛයා ලෙස පාරිසරික, සමාජීය සහ පාලන (ESG) භාවිතයන් කෙරෙහි අවධානයක් යොමු කරමින් ග්‍රාමීය ජනතාවගේ ජීවිත නගා සිටුවීමට සහ නාගරික ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට කටයුතු කරයි. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ මිනිසුන්ට සහ ව්‍යාපාරවල ‘’Rise’’ යන දර්ශනයට අනුකූලව වර්ධනය වීමට සහ සාර්ථක වීමට උපකාර කිරීමයි.

Mahindra පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට www.mahindra.com / Twitter සහ Facebook: @MahindraRise/ වෙත පිවිසෙන්න.
Updates සඳහා https://www.mahindra.com/news-room subscribe

ජෝන් කීල්ස් සමාගම, කාමර 687කින්...
687 அறைகள் கொண்ட Cinnamon Life...
Kaspersky 2024 இன் முதல் பாதியில்...
Mahindra Ideal Finance හි නව...
Mahindra Ideal Finance appoints Mufaddal...
மஹிந்திரா ஐடியல் ஃபைனான்ஸின் புதிய முகாமைத்துவப்...
HNB, එතෙර කාසියෙන් රට බබලන්නට...
මෙරට වාරි ප්‍රතිසංස්කරණ ඉතිහාසයේ සුවිශේෂී...
மஹிந்திரா ஐடியல் ஃபைனான்ஸின் புதிய முகாமைத்துவப்...
HNB, එතෙර කාසියෙන් රට බබලන්නට...
මෙරට වාරි ප්‍රතිසංස්කරණ ඉතිහාසයේ සුවිශේෂී...
இலங்கையின் சுற்றுலாத்துறையின் முன்னேற்றத்திற்காக அர்ப்பணிக்கும் TikTok