MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාපන අභිලාෂයන්ට සහාය වීමට SLIIT සමඟ අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියල SLIIT ආයතනය සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීය. මෙම ගිවිසුම හරහා SLIIT, MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියෙ හි උසස් අධ්‍යාපන සහකරු බවට පත්වනු ඇත. තවද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ අධ්‍යාපනය සහ ඉහළ මට්ටමේ ක්‍රීඩා වෘත්තීන් යන අංශ දෙකම දියුණු කළ යුතුය යන අදහසට සහාය වීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.

මෙම අවබෝධතා ගිවිසුම 2025 දෙසැම්බර් 30 වන දින MAS Holdings හි නවෝත්පාදන අංශය වන Twinery හිදී අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහ විශ්ව විද්‍යාලවල අධ්‍යපනඥයින් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම ගිවිසුමට MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය වෙනුවෙන් MAS Holdings හි සම-නිර්මාතෘ සහ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන් සහ SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරුන් විසින් අත්සන් තබන ලදී. SLIIT හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති සහ ප්‍රධානී මහාචාර්ය නිමල් රාජපක්ෂ මෙන්ම MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ (සහතිකලත්) අධ්‍යක්ෂවරුන් වන රුවන් කෑරගල සහ ඉසුරු ගුණරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය සඳහා දිගුකාලීන ආයෝජනයක්
මෙම හවුල්කාරිත්වය යටතේ, SLIIT ආයතනය විසින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරි වසර අටක කාලය සඳහා වාර්ෂිකව පූර්ණ අරමුදල් සහිත උපාධි ශිෂ්‍යත්ව පහක් පිරිනමනු ඇත. මෙමඟින් තරුණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන අතරම ඔවුන්ගේ ඉහළ මට්ටමේ පුහුණුව හා අඛණ්ඩව තරග කිරීමට ඉඩ සැලසේ.

මෙම හවුල්කාරිත්වය දැනටමත් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබේ. ඒ අනුව ඇකඩමියේ එක් ක්‍රීඩකයෙකු SLIIT හි 2025 බඳවා ගැනීම් සඳහා ලියාපදිංචි වී ඇති අතර ඉදිරි වසරවලදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උපකාර කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉහළ දක්ෂතාවයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන අධ්‍යාපනය සහ ක්‍රීඩාව තෝරා ගැනීමේ අවශ්‍යතාවය විසඳීමට උපකාරී වේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් දේශමාන්‍ය මහේෂ් අමලීන් මහතා අනාගත දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණ කිරීමේදී අධ්‍යාපනයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

“අපේ රටේ අනාගතය එහි තරුණයින්ගේ දක්ෂතාවන් මත රඳා පවතින බව MAS හි අපි තරයේ විශ්වාස කරනවා. SLIIT සමඟ වන අපගේ හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමාන අවස්ථා, නිසි සහයෝගය සහ ක්‍රීඩා විශිෂ්ටත්වය අත්කර ගැනීම සඳහා පැහැදිලි හා නිවැරදි මාවතක් සකස් කිරීම සඳහා අප ආයතන දෙකෙහි ඒකායන කැපවීම පෙන්නුම් කරනවා.

ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ කෙටි කාලයක් තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම උපරිමයෙන් දස්කම් දැක්වීමයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යන විට අධ්‍යාපනය ක්‍රීඩාව සමඟ ආදේශකයක් ලෙස නොව ඔවුන්ගේ තරඟකාරී වසරවලින් පසු ඔවුන්ට උපකාරී වන ශක්තිමත් පදනමක් ලෙස පැවතීම ඉතා වැදගත්.

අධ්‍යාපනය සහ මලල ක්‍රීඩා සංවර්ධනය ඒකාබද්ධ කිරීමෙන්, විශිෂ්ට ලෙස තරග කරන, පැහැදිලිව සිතන සහ ඔවුන්ගේ ක්‍රීඩා දිවියෙන් පසු ජීවිතයේ ඊළඟ අදියර කරා විශ්වාසයෙන් ගමන් කරන වඩාත් සමබර පුද්ගලයින් බවට පත් වීමට අපි උදව් කරනවා. SLIIT සමඟ අත්වැල් බැඳ ගැනීම පිළිබඳව අපි ආඩම්බර වන අතර අපගේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය සහ ඉන් ඔබ්බට සාර්ථක වීමට උපකාර වන වේදිකාවක් ගොඩනැගීමට අප කැපවී සිටිනවා.” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

SLIIT උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසුවේ “SLIIT හි උපකුලපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වීමට SLIIT සහ MAS අතර ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ඉතා වැදගත් බව මම දැඩිව විශ්වාස කරනවා. අපගේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර විනය පවත්වා ගැනීමට, මානසිකව ශක්තිමත් සිටීමට සහ රට නියෝජනය කිරීම ගැන ආඩම්බර වීම සඳහා ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවන් වර්ධනය කිරීමට සහාය වීම අත්‍යවශ්‍යයි.
අපගේ ඉලක්කය වන්නේ ඔලිම්පික් සහ අනෙකුත් ප්‍රධාන ක්‍රීඩා තරඟාවලි ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ තරගවලදී පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීම සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමයි.

මෙම වැඩසටහන මගින් අනාගත පරම්පරාවට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමටත් සහ අපේ රටේ ඉදිරි ගමනට ධනාත්මක වෙනසක් ඇති කිරීමට ශක්තියක් වීමෙන් ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයක්ම සංවර්ධනය කිරීම සඳහා අපගේ දැඩි කැපවීම පෙන්නුම් කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ක්‍රීඩාවෙන් ඔබ්බට යමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වීම
2024 වසරේදී ආරම්භ කළ දා සිට MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය අනාගත ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය බවට අද වන විට පත්ව ඇත. ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවට අමතරව, මෙම ඇකඩමිය මගින් පුළුල් පරාසයක සේවා සපයයි. ඒවා අතරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පියවරෙන් පියවර දියුණු වීමට උපකාර කිරීම සඳහා පැහැදිලි සැලැස්මක් සහ නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන පුහුණු වීම්, පෝෂණ සහ ක්‍රීඩා විද්‍යා සහාය, මානසිකව ශක්තිමත්ව හා නිරෝගීව සිටීමට සහාය සහ සෞඛ්‍ය රක්ෂණාවරණ ඇතුළත් වේ. තවද SLIIT සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමටත්

ඔවුන්ගේ අනාගත වෘත්තීන් සැලසුම් කිරීමටත් අවස්ථාව ඇත.
මීට අමතරව මේ හරහා සෑම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවක් හඹා යන අතරතුර ඔවුන්ගේ අධ්‍යාපනයෙන් පසුබෑමකට ලක් නොවන බව සහතික කරයි.

අනාගත ක්‍රීඩා විශිෂ්ටයින් හා නායකයින් බවට පත් වීමට සහාය වීම
2028 ලොස් ඇන්ජලීස් සහ 2032 බි්‍රස්බේන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා කණ්ඩායමක් සූදානම් කිරීම සඳහා MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය අඛණ්ඩව කටයුතු සිදු කරගෙන යයි. එබැවින් SLIIT සමඟ ඇති මෙම හවුල්කාරිත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශිෂ්ටයින් බවට පත් වීමට පමණක් නොව ඔවුන් ජීවිතයේ අනෙකුත් ක්ෂේත්‍රවල නායකයින් ලෙසද වර්ධනය වීමට උපකාරී වන වැදගත් ආයෝජනයක් ලෙස ද පෙන්වා දිය හැකිය.

තවද මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ශක්තිමත්, උගත් සහ උද්යෝගීමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංවර්ධනය කිරීම යන ඒකායන අරමුණ ඇතිව පෞද්ගලික අංශය, අධ්‍යාපන ආයතන සහ ක්‍රීඩා අංශය එක්ව කටයුතු කරන විට අත්කර ගත හැකි දේ පෙන්නුම් කරන කදිම සාක්ෂියකි.

ஆசியாவின் சிறந்த வளர்ந்துவரும் Podcast விருதை...
2026 FIFA உலகக் கிண்ணத்தின் முதல்...
2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය...
From Exam Tips to Career...
S&P Sri Lanka சுட்டெண்ணில் இணையும்...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
TikTok to bring FIFA World...