නිර්මාණාත්මක හැකියාවන් සහ නව්‍යතාවයන් තුළින් විශිෂ්ඨතා පෙන්වන , ප්රමුඛ පෙළේ දේශීය ප්‍රචාරණ සහ මහජන සම්බන්ධතා ආයතනයක් වන New Media Solutions විසින් නිර්මාණය කර YouTube සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දියත් “ලෙඩක් ගිය දුරක්” කෙටි ටෙලි නාට්‍යය මාලාව පසුගියදා පැවති SLIM DIGIS 2.2 හිදී ගෞරවනීය සම්මාන හතරක් හිමිකර ගන්නා ලදි. එමෙන්ම ‘Unlocking Access To Miraculous Healing’ campaign ජ්පච්සටබ ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා ඇගයුම් ලැබීමටද එහිදී New Media Solutions සමාගම සමත් විය.
Softlogic Life හි 2021 “ලෙඩ ලෙඩ” ප්‍රචාරණ ව්‍යාපෘතියේ දිගුවක් ලෙස නිෂ්පාදනය කර ක්‍රියාත්මක කරන ලද,“ලෙඩක් ගිය දුරක්” කෙටි දැන්වීම් මාලාවට අදාළව New Media Solutions හි නිර්මාණශීලීත්වය වෙනුවෙන් Cross Digital Platform Integration සඳහා රිදී සම්මානයක්, සන්නාමගත අන්තර්ගතයේ හොඳම භාවිතය සඳහා රිදී සම්මානයක්, හොඳම භාවිතය සඳහා කුසලතා සම්මානයක් ද හිමිකර ගන්නා ලදී. එමෙන්ම සන්නාමගත අන්තර්ගතය සදහා ‘Unlocking Access To Miraculous Healing’ ඩිජිටල් ප්‍රචාරණ වැඩසටහන සඳහා රක්ෂණ කාණ්ඩයේ ලෝකඩ සම්මානය හිමිකර ගත්තේය.
“ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනයේ කළමනාකාරීත්වයට අපගේ ස්තුතිය පුදකරන අතර මෙම ඇගයීමත් සමඟ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන ක්ෂේත්රය තුළ New Media Solutions හි විශිෂ්ටත්වය සහතික කරනවා. එය අපගේ ගමන් මඟේ ප්‍රධාන සන්ධිස්ථානයක්. වසංගතය සහ අපේ රටේ ආර්ථික කැළඹීම හමුවේ අභියෝගාත්මක කාලපරිච්ජේදයක් පසු කළද SoftlogicLife වැනි ප්රමුඛ පෙළේ සන්නාම සඳහා නිර්මාණාත්මක සහ නව්‍ය අදහස් ලබාදීම තුළින් මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කිරීමට ලැබීම සතුටට කරුණක්. එම නිසා මෙවැනි වැඩපිළිවෙලවල් අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට අපි කටයුතු කරනවා.” යනුවෙන් New Media Solutions ප්‍රධාන විධායක නිළධාරී නිලූප සංජය ලියනගේ අදහස් දැක්වීය.
“ලෙඩක් ගිය දුරක්” හි විශිෂ්ටත්වය වන්නේ එය කොරෝනා වෛරසය දිවයින පුරා පැතිර යන විට ආතතියෙන්, වෙහෙසට පත්වන සහ බලාපොරොත්තු සුන් වූ ප්‍රේක්ෂකයන්ට ජීවිතය දෙස ධනාත්මකව බලමින් කුමන කම්කොටොලු පැමිනියද හොද ලෙඩකින් ජීවිතය දිනාගැනීමට නිර්මාණය වූ කතා මාලාවක් වීමයි. මිනිත්තු 10 බැගින් වූ කථාංග 10 කින් යුත් අතිශයින් වටිනා මෙම කෙටි කතා මාලාව, රට වසා තැබූ කාල වකවානුවේ දී ශ්‍රී ලාංකීය පවුල් තුළ දෛනික ජීවිතයේ යථා ස්වරූපය පෙන්නම් කරනවා”
New Media Solutions මෙය සිය නිර්මාණශීලී හැකියාව ප්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් බව තහවුරු කළ අතර ශ්‍රී ලංකාවේ රක්ෂණ සන්නාමයක් ලොව පුරා සිටින මෙරට ජනතාවට බලාපොරොත්තුවේ පණිවිඩය ගෙන ඒම සඳහා නැඹුරුවක් ඇති කළ පළමු අවස්ථාව සනිටුහන් කිරීමක් ද විය.
‘Unlocking Access To Miraculous Healing’ ඩිජිටල් ප්‍රචාරණ වැඩසටහන මගින් Softlogic Life විසින් දැනටමත් ආවරණය කර ඇති බටහිර වෛද්‍ය රක්ෂණයට අමතරව දේශීය ආයුර්වේද වෛද්‍ය රක්ෂණයක් ද ආවරණය සදහා හදුන්වාදුන් රක්ෂණ ආවරණය පිළිබද සන්නිවේදනය කරනු ලැබූ අතර New Media Solutions මෙම වැඩසටහන වෙනුවෙන් ධනාත්මක ජනතා ප්‍රතිචාර ලබා ගැනීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
“ලෙඩක් ගිය දුරක් සහ අපගේ අනෙකුත් ප්‍රචාරණ ව්‍යාපෘතීන් හරහා බලාපොරොත්තු වූ සුභවාදි අපේෂාවන් ප්‍රවර්ධනය කිරීමට සහ දිරිගැන්වීමට අප ගත් උත්සාහය ඉතාමත් සාර්ථක අන්දමින් ප්‍රේක්ෂකයින් වැළඳගත් බවට සැකයක් නැහැ. Digi’s 2.2 සම්මාන උළෙලේ විනිසුරුවන්ද එය ඉහලින් අගය කොට ඇති බව තමයි ප්‍රතිපල වලින් පෙනී යන්නේග කොවිඩ් වසංගත කාලපරිච්ඡේදයේ දී මිනිසුන් දුෂ්කරතාවයට පත් වෙනවා අපි දැක්කා. එතැන් සිට අපි ජනතාව හුදෙකලා නොකිරීම සඳහා කටයුතු කළා. අපගේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් මම New Media Solutions කණ්ඩායමට ස්තූතිය පුද කිරීමට කැමැතියි.” යනුවෙන් Softlogic Life හි ප්‍රධාන අළෙවි නිළධාරිනී කවී රාජපක්ෂ මහත්මිය සඳහන් කළාය.
New Media Solutions යනු මාධ්‍ය සබඳතා, සන්නාම සන්නිවේදනය සහ මහජන සම්බන්ධතා යන ක්ෂේත්රවල පළපුරුදු ප්රවීණයන්ගේ එකතුවකි. මාධ්‍ය උපාය මාර්ග, ප්‍රවර්ධනය, ජන සන්නිවේදනය, අන්තර්ගත නිර්මාණය, ඩිජිටල් මාධ්‍ය, ප්‍රචාරණය සහ අර්බුද කළමනාකරණය ඇතුළු සේවා පිරිනමනු ලබයි. සමාගමේ නායකත්වය දරණ ප්‍රධාන විධායක නිලධාරී නිලූප සංජය ලියනගේ මහතා වන අතර ඔහු ප්‍රචාරණය, පුවත්පත් කලාව, ගුවන් විදුලි හා රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය පිළිබඳ වසර 15 කට වැඩි පළපුරුද්දක් ඇති සන්නිවේදන ක්ෂේත්රයේ ප්රවීණයෙකි.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරන ලද SLIM DIGIS ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් අලෙවිකරණ මුලපිරීම්, නවෝත්පාදන සහ දක්ෂතා අගයනු ලබයි. ඩිජිටල් ක්ෂේත්රය තුළ කැපී පෙනෙන කාර්යසාධනය සහ දක්ෂතා ඇගයීමේ අරමුණින් කර්මාන්තයේ වඩාත්ම ගෞරවනීය ව්‍යාපාරික, අලෙවිකරණ සහ ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයන් වෙත සම්මාන පිරිනැමීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්ෂේත්රයේ ප්රවීණතම විනිශ්චය මණ්ඩලයක් මගින් සම්මාන සඳහා සුදුස්සන් තොරා ගැනේ.