Pearl Bay හිදී විවිධත්වයෙන් යුතු රසවත් සිසිල් බීම අත්දැකීමක් ලබා දීමට CCBSL, David Pieris Leisure Pvt Ltd සමඟින් අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

 

දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණයට ලක්ව ඇති සහ විනෝදාස්වාදය සඳහාම වෙන්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විවේක උද්‍යානය (leisure park) වන Pearl Bay හි Splash Bay හි අමතක නොවන විනෝදාස්වාද අත්දැකීමක් ලබා දීමට Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ David Pieris Leisure පුද්ගලික සමාගම (DPLP) පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මෙම සුවිශේෂී හවුලකාරීත්වය හරහා David Pieris Leisure සමාගම විසින් Pearl Bay හි Splash Bay වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ඔවුන්ගේ ප්‍රියතම රසයන්ට අනුව විශේෂයෙන් සකස් කරන ලද පුළුල් පරාසයක කොකා-කෝලා පාන වර්ග අත්දැකීමක් ලබා දීමට කටයුතු කරනු ඇත.

තවද මෙම හවුල්කාරිත්වය තුළින් DPLP පාරිභෝගිකයින්ට ලෝකයේ විවිධ ජනප්‍රිය සිසිල් බීම පාන වර්ග ලබා දීමට කටයුතු කරන අතරතුර ශ්‍රී ලංකාවේ සංචාරක සත්කාරක කර්මාන්තය තුළ සිය සිසිල් බීම සන්නාමය තවදුරටත් පුළුල් කරමින් විනෝදාස්වාද අත්දැකීම ඉහළ නැංවීමට Coca-Cola Beverages Sri Lanka අරමුණු කරයි. මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් 2024 අප්‍රේල් මස 25 වනදා Splash Bay, Pearl Bay හිදී CCBSL සහ DPLP හි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

බණ්ඩාරගම පිහිටි, Pearl Bay හි Splash Bay යනු ශ්‍රී ලංකාවේ පළමු ප්‍රමුඛතම ජාත්‍යන්තර ප්‍රමිතියේ විවේක උද්‍යානය වන අතර එය ජල උද්‍යානයකින් සහ කාර්ටින් ධාවන පථයකින් ද සමන්විත වේ. DPLP මගින් ක්‍රියාත්මක වන Pearl Bay හි Splash Bay ඉහළම සෞඛ්‍ය සහ ආරක්ෂිත ප්‍රමිතීන් පවත්වා ගනිමින් පැමිණෙන්නන්ට සුවිශේෂී අත්දැකීම් ලබා දීමට කැපවී සිටී.

David Pieris Leisure සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ, ග්‍රිබ්සන් හපුකොටුව මහතා පැවසුවේ, “මෙම උපායමාර්ගික හවුල්කාරීත්වය සඳහා Coca-Cola Beverages Sri Lanka සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙනවා. සංචාරක සත්කාරක කර්මාන්තයේ ප්‍රමුඛ සමාගමක් ලෙස, අපගේ අරමුණ වන්නේ අපගේ පාරිභෝගිකයින්ට උසස් තත්වයේ විනෝදාස්වාද අත්දැකීම් ලබා දීම වන අතර අපගේ මෙම දැක්ම Pearl Bay හි පුළුල් පරාසයක ජනප්‍රිය කොකා-කෝලා නිෂ්පාදන වර්ග සමඟින් හොඳින් ගැලපෙනවා. පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන සහ අන්‍යෝන්‍ය සාර්ථකත්වයට හේතු වන සාර්ථක හවුල්කාරීත්වයක් අපි බලාපොරොත්තු වනවා.”යනුවෙනි.

මෙම වසර මුලදී කොකා-කෝලා ශ්‍රී ලංකා 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ (Youth Choice Beverage Brand of the Year) ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට ඇති ශක්තිමත් සම්බන්ධතාවයත් මැනවින් පෙන්නුම් කරයි. තවද DPLP සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් Pearl Bay වැනි මෙරට තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය ගමනාන්තයක් සඳහා පුළුල් පරාසයක කොකා-කෝලා නිෂ්පාදන හඳුන්වා දීමෙන් විශේෂයෙන් තරුණ තරුණයින්ගේ විවිධ ආශාවන් සපුරාලීමට ද අරමුණු කරයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් Coca-Cola Beverages Sri Lanka ප්‍රධාන ගිණුම් සහ වෙළෙඳ අංශ ප්‍රධානී ටානියා කරුණාරත්න මහත්මිය පැවසුවේ “David Pieris Leisure සමාගම සමඟ අත්වැල් බැඳගැනීම ගැන අපිට ඉතා සතුටුයි. මෙම සහයෝගීතාවය මගින් Pearl Bay හි අපගේ සන්නාමය තවත් ශක්තිමත් කරන අතර විශේෂයෙන්ම මෙරට විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වීමට අපගේ කැපවීම මනාව පෙන්නුම් කරනවා- ඒවගේම අපගේ පාරිභෝගික ජනතාවගේ ක්‍රමයෙන් වර්ධනය වන ආශාවන් සඳහා අපි අඛණ්ඩව කටයුතු කරන අතර අප සමඟ එක් වීම පිළිබඳව David Pieris Leisure සමාගමට අප කෘතඥ වනවා.” යනුවෙනි.

ඡායාරූපය

(වමේ සිට දකුණට) සජන කුරුකුලසූරිය, කළමනාකාර අධ්‍යක්ෂ, ඇනස්ලි කොස්තා, රෙස්ටුරන්ට් කළමනාකාර, අශේන් ෆොන්සේකා, CCBSL සහකාර ප්‍රධාන ගිණුම් කළමනාකාරල ඔෂානි ගනේගොඩ, CCBSL සහකාර වෙළඳ අලෙවි කළමනාකාර, HORECA (CCBSL) ඇලිස්ටෙයාර් සෙන්, විකුණුම් කළමනාකාර, ටානියා කරුණාරත්න, CCBSL ප්‍රධාන ගිණුම් සහ වෙළෙඳ අංශ ප්‍රධානීල ධනික ද සිල්වා, David Pieris Leisure සභාපති, ග්‍රිබ්සන් හපුකොටුව, David Pieris Leisure ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ, නාලක පෙරේරා, David Pieris Leisure තාක්ෂණික හා නඩත්තු සේවා කළමනාකාර, නිම්නාත් සේරසිංහ, ආගන්තුක සේවා කළමනාකාර, යශෝධා සිල්වා David Pieris Leisure අලෙවි ප්‍රධානී, මධුෂානි අබේගුණවර්ධන David Pieris Leisure පරිපාලන විධායක යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙයි.

ஜனாதிபதி தேர்தலுக்கு முன்னதாக தேர்தல் ஒத்துழைப்பு...
Sunlight’s ‘Manudamin Wadiyamak’ Campaign Inspires...
TikTok ஏற்பாட்டில் இலங்கையில் நடைபெற்ற சிறு...
HNB Finance wins Silver at...
සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 14.5ක...
TikTok Shares Election Integrity Measures...
සුව දිවිය පදනම සහ McKinsey...
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා...
TikTok Shares Election Integrity Measures...
සුව දිවිය පදනම සහ McKinsey...
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා...
ஆறு மாதங்களில் 16.2 பில்லியன் ரூபா...