නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය සමඟින් සැබෑ රස වින්දනයේ චමත්කාරය ආලින්දයට ගෙන එන සැම්සුන් QLED රූපවාහිනී පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ අසමසම අත්දැකීමකි. ආකර්ෂණීය රූප රාමු, සුපැහැදිලි නාද රටා සහ නවතම AI විශේෂාංගයන් සමඟින් ඉහළම තාක්ෂණයෙන් යුත් නිෂ්පාදනයක් ලෙසද පිළිගැනීමට ලක්ව ඇත. සැම්සුන් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස සිය අභිමානය තහවුරු කිරීමට සමත්ව ඇත්තේද ඉහත කී විශිෂ්ටත්වය නිසාමය.
වසර ගණනාවක් තිස්සේ කැඩ්මියම් රහිත quantum dot භාවිතයේ පෙරමුණ ගනිමින් සැබෑ වර්ණයෙන් යුත් රූප තිරය මතට ගෙන එමින් ඉහළ රසාස්වාදයක් පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සැම්සුන් සමත්ව සිටියි. වෛද්‍ය උපකරණ හා සූර්ය කෝෂයන්හි ක්‍රියාකාරීත්වය වෙනුවෙන් මුලින්ම යොදා ගනු ලැබූ මෙම quantum dot තාක්ෂණය අද වන විට සැම්සුන් QLED රූපවාහිනී නිෂ්පාදනයන්හි ප්‍රමුඛතම සාධකය බවට පත්ව ඇත්තේ ඒ තුලින් පාරිභෝගිකයාට ලබා දෙන අසමසම අත්දැකීම හේතුවෙනි.
සැම්සුන්හි සුවිශේෂී පර්යේෂක යුවලක් වන Kevin Cha සහ Jang Nae-won විසින් රූපවාහිනී යන්ත්‍රයක ඉහළ ක්‍රියාකාරීත්වය සඳහා නව්‍ය විශේෂාංග හා තාක්ෂණය යොදා ගත හැකි ආකාරය පෙන්වා දීම වෙනුවෙන් නිර්මාණය කළ QLED TV සතු ultra-fine quantum dots තාක්ෂණය එතෙක් LED රූපවාහිනී භාවිතයට පුරුදුව සිටි ශ්‍රී ලාකිකයින් වෙත හඳුන්වා දීම යුගයේ පෙරලියක් ලෙසද සඳහන් කළ හැකිය.
එම රූපවාහිනී නිෂ්පාදනයෙහි පසුපස ආරක්ෂක ආවරණය තුලින් අභ්‍යන්තර පද්ධතිය සම්පූර්ණයෙන් ආරක්ෂා කරන අතර රූපවාහිනියේ ශබ්දය මනාව පවත්වාගෙන යාමට අවශ්‍ය සම්බන්ධතාවයද ලබා දෙයි. එහි ප්‍රධානතම සාධකය වන්නේ ප්‍රධාන මුද්‍රිත පරිපථ පුවරුවයි (PCB). ඒ හරහා රූපවාහිනියට ලබා දෙන බල සැපයුම කළමනාකරණය කරමින්, දුරස්ථ පාලක ක්‍රියාකාරීත්වය සහ SmartThings සබඳතාව සඳහා මෙන්ම සුසර කිරීම් තුලින් සාම්ප්‍රදායික රූපවාහිනී නැරඹීමේ හැකියාව උදා කර දෙයි.
Q4 AI ප්‍රොසෙසරයද පිහිටා ඇත්තේ එම පරිපථ පුවරුවෙහි වන අතර ඒ තුලින් සිදු කරන්නේ නරඹන කාලය තුළ පරිසරය මත පදනම්ව රූප හා ශබ්දයන්හි සුපැහැදිලි බව පාලනය කිරීමයි. එහිදී පරිසරයට ගැලපෙන විවිධ ශබ්ද රටාවන් තුලින් පරිපූර්ණ රසවින්දනයක් ලබා දීමට ඊට හැකියාව උදා වේ.
සංදර්ශක පැනලය ස්ථර කිහිපයකින් සමන්විත වන අතර එහි ඇති liquid crystal සහ color filter layers තුලින් සිදු කරන්නේ සුපැහැදිලි රූප තිරය මත නිර්මාණය කිරීමයි. එමෙන්ම Optical sheets සහ diffuser plates රූපවලට ඒකාකර දීප්තියක් ලබා දෙන අතර QD ස්ථර සමඟ නිල් පැහැ LED පසුබිම් ආලෝකය එක්ව විචිත්‍රවත් රූපයන් සඳහා අත්‍යවශ්‍ය වර්ණයන් සපයනු ලබයි. ඒ සියලු දේ තුලින් සාමාන්‍ය LCD රූපවාහිනියකට එහා ගිය වෛර්ණ රූප සහ ශබ්ද රටා සමඟින් ආකර්ෂණීය නැරඹුම් අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ගෙන ඒමට QLED TV සමත්ව සිටියි.
TÜV Rheinland විසින් දක්වා ඇති පරිදිි ‘Real Quantum Dot Displays’ ලෙස පිළිගෙන ඇති සැම්සුන් QLED TV, QD, ස්ථරයක් තිබීම, ප්‍රමාණවත් quantum dot සහ නිල් පැහැ ආලෝකය යන තීරණාත්මක අවශ්‍යතාවන්ගෙන් සමන්විත වේ. මෙම විශිෂ්ට තාක්ෂණය නිසාම අනෙකුත් රූපවාහිනී නිෂ්පාදනයන් අතර කැපී පෙනෙන විශිෂ්ටත්වයක් අත්කර ගැනීමට සැම්සුන් QLED TV සමත්ව ඇත.
තවදුරටත් සොයා බැලීමේදී QLED සහ LCD රූපවාහිනී අතර ද සුවිසල් වෙනසක් දැකගත හැකිය. තාක්ෂණයෙන් ඉහළ QLED රූපවාහිනී තුලින් Samsung හි රතු, කොළ, නිල් තරංග ආයාමයන් මඟින් සැබෑ රූප ජනනය කිරීමට අවශ්‍ය සියුම් වර්ණයන් නිරූපණය කරන අතර LCD රූපවාහිනී හිදී එම වර්ණයන්න් නිවැරදි ස්ථානයන්හි ස්ථානගත නොවී අඩු කාර්යක්ෂමතාවක් හා දීප්තියක් ලබා දෙයි.
සැම්සුන් QLED හි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඉහළ මට්ටමේ නැරඹුම් අත්දැකීමක් ලබා ගැනීමට හැකි වීමයි. නරඹන්නනාට උපරිම වින්දනයක් ලබා දීම සඳහා දෘඩාංග හා මෘදුකාංග ඒකාබද්ධ කරන එය පිස්කල් මටට්මේ ආලෝකය නිවැරදි ආකාරයෙන් පාලනය කිරීමටත්, AI බලයෙන් ක්‍රියාත්මක විශේෂාංගයන් තුලින් ඉහළ මට්ටමේ රූප අත්දැකීමක් ලබා දීමටත් හැකි වී තිබේ.
2025 වසරේ IFA හිදී ‘’Real QLED Zone” සමඟින් සැම්සුන් ලොවට ප්‍රදර්ශනය කළ ‘’Buy Real, Not Fake” ප්‍රවර්ධන වැඩසටහන අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට කටයුතු කර ඇත්තේ උසස්ම තත්වයේ තාක්ෂණය සමඟින් හඳුන්වා දී ඇති QLED රූපවාහිනී පාරිභෝගිකයා වෙත ලබා දෙමිනි.
හුදෙක් රූපවාහිනියක් නැරඹීමට එහා ගිය වින්දනීය ආශ්වාදයක් නරඹන්නා වෙත ගෙන එන සැම්සුන් QLED රූපවාහිනී නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය නිවසේ නෙත් අභියස දැක ගැනීමේ හැකියාව උදා කර දී ඇත්තේ රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය බව නැවත නැවතත් තහවුරු කරමිනි.





