Selvern භාරය වෙතින් SELVE app: ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කරගැනීමට නවතම ක්‍රමයක්

Share

Share

Share

Share

SELVE ජංගම යෙදුම යනු AI තාක්ෂණය භාවිතා කරමින් ඉංග්‍රීසි කථන හැකියාව වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද සුවිශේෂී යෙදුමකි. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට නොහැකි වීම වෘත්තීය දියුණුවට බාධාවක් වී ඇති පුද්ගලයන් ඉලක්ක කරගෙන මෙය හඳුන්වා දී තිබේ. මෙය නිර්මාණය කර ඇත්තේ Selvern භාරය (Selvern Trust) මඟිනි.

ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට ආත්ම විශ්වාසය නොමැති වීම නිසා ඇතැම් පුද්ගලයන් තම රැකියා හෝ ව්‍යාපාර කටයුතු තුළදී විශාල ගැටලුවලට මුහුණ දෙන අවස්ථා ඇත. එය ඔවුන්ගේ පෞද්ගලික හා වෘත්තීය දියුණුව සඳහා සුවිශාල බාධාවක් ලෙස පවතී. මේ හේතුවෙන් ඉංග්‍රීසි භාෂා කථන හැකියාව වැඩිදියුණු කිරීමේ ක්‍රම සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින අතර, SELVE ජංගම යෙදුම නිර්මාණය කර ඇත්තේ එම ඉල්ලුම සපුරාලීමේ අරමුණිනි.
2026 මාර්තු මාසය තුළ SELVE යෙදුම නොමිලේ බාගත කරගෙන අත්හදා බැලිය හැකි වේ. දැනටමත් ඒ සඳහා පරිශීලකයන් වෙතින් ඉතාමත් සුභදායී ප්‍රතිචාර හිමි වී ඇත.

සැබෑ ජීවිතයේදී මුහුණ දීමට සිදුවන සංකීර්ණ අවස්ථාවලදී සාර්ථක ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට පුහුණුවක් ලැබෙන ආකාරයට මෙම යෙදුම සැලසුම් කර තිබේ. මෙය භාවිතා කරන පරිශීලකයන් අතරින් 200 කට අධික පිරිසක් දැනටමත් තහවුරු කර ඇත්තේ SELVE යෙදුම ඔවුන්ට තම ඉංග්‍රීසි භාෂා හැකියාවන් වැඩිදියුණු කරගැනීමට පැහැදිලිවම උපකාරී වූ බවයි. මෙම යෙදුමෙහි අන්තර්ක්‍රියාකාරී (Interactive) ස්වභාවය නිසා ඉංග්‍රීසි භාෂාව කථා කිරීම සඳහා එතෙක් පැවති චකිතය දුරු වී තමන් තුළ ආත්ම විශ්වාසය ඇති වූ බව ඔවුහු පැවසූහ.

“ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රමාණවත් නොවීම මෙරට තරුණ වෘත්තිකයන්ගේ දියුණුවට විශාල බාධාවක් වී ඇති බව අපට පෙනී ගියා. මෙබඳු ප්‍රායෝගික සහ පහසුවෙන් භාවිතා කළ හැකි යෙදුමක් නිර්මාණය කිරීමට අප තීරණය කළේ ඒ නිසයි. එය මෙතරම් සාර්ථක වීම අපට විශාල සතුටක්. ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට තම ඉංග්‍රීසි භාෂා හැකියාවන් වැඩිදියුණු කරගැනීම සඳහා මෙය උපකාරී වනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වනවා.” Selvern පදනමේ නිර්මාතෘ සභාපති විජේන්ද්‍රන් වොට්සන් මහතා පැවසීය.

මෙම යෙදුම තුළදී ඉගෙනුම ලබන්නාට ප්‍රමුඛත්වය හිමි වේ. ආරම්භයේදී එය මූලික ඇගයුමක් මඟින් පරිශීලකයාගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම තක්සේරු කරයි. ඉන් අනතුරුව එය ක්‍රමානුකූලව සිය ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීමට පරිශීලකයා දිරිගන්වයි. මව්බස ලෙස සිංහල හෝ දෙමළ බස ව්‍යවහාර කරන පුද්ගලයන්ට මෙය භාවිතා කළ හැකි අතර, කිසියම් ප්‍රශ්නයක් අපැහැදිලි නම් එය තමන්ට පුරුදු භාෂාවෙන් විමසීමට හැකියාව ඇත. එහෙත් පරිශීලකයාගේ අවධානය ඉංග්‍රීසි භාෂාව කෙරෙහිම රඳවා ගැනීම සඳහා ප්‍රතිචාර දැක්වීම සිදුවනුයේ ඉංග්‍රීසි බසිනි.

කථන ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා AI තාක්ෂණයේ විශේෂඥ හැකියාව භාවිතා කරන SELVE යෙදුම, සැබෑ ජීවිතයේ සිදුවීම් ආශ්‍රයෙන් ඉගෙනුම ලබාගන්නාට විශිෂ්ට ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙයි. මේ සඳහා ආකර්ෂණීය වීඩියෝ, කාටුන්, අන්තර්ක්‍රියාකාරී චරිත සහ ක්‍රියාකාරම්ද භාවිතා වේ.

එමෙන්ම සුහද තරගකාරීත්වය තුළින් දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම යෙදුම තුළට විනෝද ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් පෙළක්ද ඇතුළත් කර ඇත. එහිදී තරගකරුවන්ට ලකුණු ලබාදීමක්ද සිදු කෙරේ. ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබාදෙන පුද්ගලයන්ට ලකුණු හිමි අතර, වැරදි පිළිතුරු ලබාදෙන අවස්ථාවලදී සුහදශීලී ලෙස එම වරද පෙන්වා දී නැවත නිවැරදි පිළිතුර ලබාදීමට අවස්ථාව ලබා දේ. මේ ආකාරයට SELVE යෙදුම පරිශීලකයන්ට කාරුණිකව මඟපෙන්වමින් ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කරගැනීමට උපකාරී වෙයි.

ඉංග්‍රීසි භාෂාවේ වඩාත් සංකීර්ණ මානයන් පිළිබඳව වැඩිදුර ඉගෙනගැනීමට කැමති පුද්ගලයන්ට ඒ සඳහා දීර්ඝ පැහැදිලි කිරීම්, වචන මාලා ලැයිස්තු සහ ප්‍රායෝගික ඉඟි වෙත පිවිසීම සඳහා එක් එක් පාඩමෙහි ඇති මාර්ගෝපදේශ අත්පොත භාවිතා කළ හැක. තවද, පරිශීලකයන්ට ප්‍රායෝගික පුහුණුව තුළින් දැනුම වර්ධනය කරගැනීමට උපකාරී වීම සඳහා වීඩියෝ අතරට විශේෂ ක්‍රියාකාරකම්ද ඇතුළත් කර තිබේ.

SELVE යනු විවිධ ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන සමාගම් කිහිපයක එකතුවක් තුළින් බිහි වූ නිර්මාණයකි. මෙහි සංකල්ප නිර්මාණය සහ ව්‍යාපෘති කළමනාකරණය Artin (පුද්.) සමාගම විසින් සිදුකරනු ලබන අතර, තාක්ෂණික සංවර්ධන හවුල්කරු ලෙස Perfectus (පුද්.) සමාගමත්, භාෂා විශේෂඥ හවුල්කරු ලෙස Rainbow Institute ආයතනයත් කටයුතු කරයි. පරිශීලකයන්ට සහ ආයතනික පාරිභෝගිකයන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම සිදුකරනුයේ Artin (පුද්.) සමාගම විසිනි.

ඉදිරියේදී AI තාක්ෂණය මඟින් බහුවිධ භූමිකා ඔස්සේ වඩාත් ප්‍රායෝගික සහ ඵලදායී ඉගෙනුමක් ලබාදෙන, විවිධ ක්ෂේත්‍රවලට විශේෂයෙන් අදාළ වූ පුහුණු වැඩසටහන් ඇතුළත් වන ආකාරයට SLEVE යෙදුම වැඩිදියුණු කිරීමටද සැලසුම් කර තිබේ. මේ ඔස්සේ රට පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට වඩාත් හොඳින් තම ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිදියුණු කරගනිමින් වෘත්තීය හා පෞද්ගලික සාර්ථකත්වය ළඟා කරගැනීමට අත්වැලක් වීමට Selvern භාරය බලාපොරොත්තු වෙයි.
App Store සහ Google Play Store වෙතින් දැන් SELVE යෙදුම බාගත (Download) කළ හැක.

தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...
ලෝක කුසලාන ක්‍රිකට් උන්මාදය ප්‍රේක්ෂකයා...
දකුණු ආසියාවේ සිය කුළුඳුල් ප්‍රවේශය...
The Selvern Trust unlocks new...
Fortune GP Farms Strengthens Poultry...
Janashakthi Life 2025 වසරේ රු....
Selvern භාරය වෙතින් SELVE app:...
Fortune GP Farms Strengthens Poultry...
Janashakthi Life 2025 වසරේ රු....
Selvern භාරය වෙතින් SELVE app:...
உற்பத்தியின் தரம் மற்றும் விநியோகத் திறனை...