Solo Bowl සිය ව්‍යාපාරික ගමන්මගෙහි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹදී සිය ප්‍රථම Dine-In ශාඛාව එළිදක්වයි

Share

Share

Share

Share

Solo Bowl සන්නාමය සිය ව්‍යාපාරික ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පාරිභෝගිකයින්ට පරිශ්‍රය තුළ සිටම ආහාර රසවිඳිය හැකි (Dine-in) සිය ප්‍රථම නිල වෙළෙඳසැල කොළඹදී විවෘත කර ඇත. කොළඹ 765, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ යන ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව පෙබරවාරි මස 18 වන දින සිට මහජනතාව සඳහා විවෘත කෙරුණු අතර, එමගින් නගරාසන්න පාරිභෝගිකයින්ට නවතම සහ සමීපතම ආහාරමය අත්දැකීමක් භුක්තිවිඳීමට අවස්ථාව උදාවී තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා Giga Foods පුද්ගලික සමාගමේ සභාපති අජිත් ගුණවර්ධන මහතා සමඟ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන සුනිමල් සේනානායක මහතා සහ ශාන්තනු නාග්පාල් මහතා ද සහභාගී වූ අතර, Solo Bowl හී පුළුල් ව්‍යාප්තිය උදෙසා ඔවුන්ගේ උපායමාර්ගික දැක්ම සහ නායකත්වය ප්‍රබල දායකත්වයක් ලබා දී ඇත. එහිදී අදහස් දැක්වූ අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙම නව Dine-in ශාඛාව Solo Bowl හි සාර්ථක ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවත්, ශ්‍රී ලංකාවේ වේගයෙන් වෙනස් වන ආහාර හා පාන ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය වර්ධනය වෙනුවෙන් සිය සමූහය සතු කැපවීම මෙයින් නැවත තහවුරු වන බවත්ය.

මෙතෙක් කල් නිවසටම ආහාර ගෙන්වා ගැනීමේ සේවාව කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනා සිටි Solo Bowl, දැන් සිය සුවිශේෂී “Bowl” ආහාර වට්ටෝරු ආකර්ෂණීය ලෙස නිර්මාණය කරන ලද නවීන පරිශ්‍රයක සිට රසවිඳීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී ඇත. මෙම වෙළෙඳසැල විශේෂයෙන්ම කාර්යබහුල වෘත්තිකයින් සහ ගුණාත්මක මෙන්ම රසවත් ආහාර වේලක් සුවපහසු හා කාර්යක්ෂම පරිසරයකදී ලබාගැනීමට අපේක්ෂා කරන නාගරික පාරිභෝගිකයින් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

මෙහි ආහාර මෙනුව හරහා ලොව පුරා විවිධ රසයන්ගෙන් ආභාෂය ලබා සැකසූ, එක් අයෙකුට සෑහෙන සම්පූර්ණ ආහාර වේල් (Single-serve meals) රැසක් පිරිනමනු ලබයි. සෞඛ්‍යාරක්ෂිත සංකලනයන්ගේ සිට පාරිභෝගිකයින් වඩාත් ප්‍රිය කරන රසයන් දක්වා වූ සෑම ආහාර වට්ටෝරුවක්ම, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිත කරමින් පාරිභෝගික තෘප්තිය උපරිම වන අයුරින් සකස් කරනු ලබයි. දෛනික ජීවිතයට ගැලපෙන, සරල මෙන්ම රසයෙන් පිරිපුන් ආහාර වේලක් ලබා දීමේ පොරොන්දුව එලෙසම රකිමින්, පාරිභෝගිකයින්ට පහසුවෙන් ළඟා විය හැකි සේවාවක් සැපයීම මෙම නව Dine-in සංකල්පය හරහා තවදුරටත් ශක්තිමත් වේ. මෙම නව හඳුන්වාදීමත් සමඟ, Solo Bowl සන්නාමය ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආහාර ක්ෂේත්‍රය තුළ හුදෙක් පහසුව පමණක් නොව ශ්‍රී ලංකාවේ වර්ධනය වන අහාර සහ පාන ක්ෂේත්‍රය තුළ වඩාත් ගුණාත්මක සහ පාරිභෝගිකයා සමඟ සජීවීව බැඳුණු අත්දැකීමක් ලබා දීමට සමත්ව ඇත.

 

கல்டெக்ஸ் அபிமானி STEM துறையில் அடுத்த...
டிஜிட்டல் யுகத்தில் ரமழான்: சமூக வலைத்தளங்கள்...
Samsung Sri Lanka Unveils New...
FitsAir நிறுவனத்துடன் இணைந்து அகமதாபாத் –...
835 BYD ATTO 1 வாகனங்களின்...
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026...
BYD සහ DENZA වාහනවලට පමණක්...
Bairaha Farms Wins NCE Gold,...
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026...
BYD සහ DENZA වාහනවලට පමණක්...
Bairaha Farms Wins NCE Gold,...
Capital Trust Properties’ Minoli Wickramasinghe...