STEM ගෝලීය වශයෙන් වර්ධනය වෙද්දී දේශීය නිර්මාණකරුවන්ගේ හිඟයෙන් ශ්‍රී ලංකාව තත්වය අවදානමක

Share

Share

Share

Share

මිනුක් වීරකෝන් විසිනි
ශ්‍රී ලංකාව කලාපයේ සාක්ෂරතාවයෙන් ඉහළ රටක් ලෙස කලක සිට පිළිගෙන ඇත. ඒ නිසාම මෙරට අධ්‍යාපන විභාගවලින් සමත්ව වන පිරිසද දිනෙන් දින ඉහළ යමින් පවතී. රටක අධ්‍යාපන ක්‍රමයක් කාලයට හා ප්‍රජාවට සාපේක්ෂව වෙනස් විය යුතු වුවත් ශ්‍රී ලංකාවේ එම තත්වය සිදු වන්නේ ඉතා හෙමිනි. මේ හේතුවෙන් වත්මන් තාරුණ්‍යට අනාගත ලෝකයට මුහුණු දීමේදී දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වීම වැළැක්විය නොහැකි වනු ඇත.

STEM අධ්‍යාපනය වැදගත් වන්නේ එහෙයිනි. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව තුලින් පාසල් විෂ්‍ය නිර්දේශයන්ට එහා ගිය දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීමට මෙරට සියලු දරුවන්ට හැකි වේ. එය ඉහතින් සඳහන් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි ප්‍රමාදය නිසා ඇති වන දුෂ්කරතාව මැඩ පැවැත්වීමට කදිම විසඳුමක් වනු නිසැකය. වත්මන් පරපුර අලුත් දේ පිළිබඳව කුතුහලයෙන් යුතු නිරන්තරයෙන් දැනුම සොයා යාමට අන්තර්ජාලය භාවිත කරන අතරම ඒ හරහා සිය අධ්‍යාපන දියුණුවට අවශ්‍ය දැනුම ලබා ගැනීමට හැකිවීම ඔවුන්ගේ උනන්දුව ඉහළ නැංවීමට හේතුවක් වේ.

ගෝලීය වශයෙන් අද වන විට මෙම STEM අධ්‍යාපනය සඳහා වැඩි උනන්දුවක් දක්වන්නේ ඉන් ලැබෙන ප්‍රතිලාභය ඉතා ඉහළ වන බැවිනි. එහෙයින් ගණිතව, විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, තාක්ෂණය වැනි සියලු විෂයයන් පමණක් නොව තාරකා විද්‍යාව වැනි සංකීර්ණ විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳව පවා දරුවන්ට රිසි සේ ඉගෙන ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. ඒ ඒ රටවල ඊට අවශ්‍ය සම්පත් හා අන්තර්ගත නිර්මාණකරුවන් සිටීම ඔවුන්ට තවත් ප්‍රතිලාභයක් වේ.

එහෙත් ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව බැලීමේදී දක්නට ඇත්තේ කණගාටුදායක තත්වයකි. STEM අධ්‍යාපනය කෙතරම් සාධාරණ හා සාර්ථක වැඩපිළිවෙලක් වුවද එය ඉදිරියට පවත්වාගෙන යාමේ අභියෝගයක් ශ්‍රී ලංකාව තුල මතුවන්නේ ඒ ඒ විෂයය ක්ෂේත්‍රයන් හා සම්බන්ධ අන්තර්ගත නිර්මාණකරුවන් අවම වීම හේතුවෙනි. එහෙයින් එම විෂයයන් සම්බන්ධ අන්තර්ගත නිර්මාණකරුවන් පුහුණු කිරීම හා දිරි ගැන්වීම මේ මොහොතේ ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවට මෙම තත්වයට මුහුණු දීමට සිදුව ඇති තවත් හේතු කිහිපයකි. ඩිජිටල් අධ්‍යාපනය සම්බන්ධ වැරදි මත, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඇති ආකල්ප වැනි දේ ඒ අතර වේ. එහෙත් STEM යනු ආරක්ෂාකාරී හා විශ්වසනීය අවකාශ්‍යක් බව අවබෝධ කර දීමට හැකි නම් එය මෙරට දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඉතා වැදගත් වනු ඇත.

ඔහෙත් ප්‍රමුඛතම කරුණ වන්නේ අන්තර්ගත නිර්මාණකරුවන්ගේ හිඟයයි. එක් එක් විෂයයන් සම්බන්ධ න්‍යායික දැනුම ලබා ගැනීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රායෝගික හැදැරීමක් අවශ්‍ය වේ. අන්තර්ගත නිර්මාණකරුවන්ගේ අවශ්‍යතාව මතු වන්නේ එවිටය. ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව මඟ හැරීම තුලින් පරිපූර්ණ දැනුමක් ලබා ගැනීමට නොහැකි වේ. එසේ වුවහොත් තුලින් බලාපොරොත්තු වන සේවාව නිසි පරිදි ලබා දීමට අපොහොසත් වේ. එහෙයින් හොඳම විසඳුම වන්නේ දේශීය වශයෙන් STEM සඳහා අන්තර්ගත නිර්මාණකරුවන් වැඩි වැඩියෙන් බල ගැන්වීමයි.

ඒ සඳහා සුවිශේෂී පියවරක් අනුගමනය කරමින් TikTok විසින් STEM Feed දියත් කිරීම මෙම තත්වය අවම කර ගැනීමට අවස්ථාවක් උදා කර දී තිබේ. න්‍යාය සහ භාවිතය අතර පරිතරය අවම කිරීමට හේතුවන STEM Feed වෙනුවෙන් අධ්‍යාපනය හා සම්බන්ධ බොහෝ පිරිසක් TikTok සමඟ එක්ව කටයුතු කරනුයේද එහෙයිනි.

தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...
ලෝක කුසලාන ක්‍රිකට් උන්මාදය ප්‍රේක්ෂකයා...
දකුණු ආසියාවේ සිය කුළුඳුල් ප්‍රවේශය...
The Selvern Trust unlocks new...
Fortune GP Farms Strengthens Poultry...
Janashakthi Life 2025 වසරේ රු....
Selvern භාරය වෙතින් SELVE app:...
Fortune GP Farms Strengthens Poultry...
Janashakthi Life 2025 වසරේ රු....
Selvern භාරය වෙතින් SELVE app:...
உற்பத்தியின் தரம் மற்றும் விநியோகத் திறனை...