Sunshine Medical Devices, ශ‍්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය විද්‍යාලයීය 40 වැනි අධ්‍යයන වාර්ෂික සමුළුවේ Diamond Sponsor ලෙස එක් වෙයි

Share

Share

Share

Share

සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා අනුබද්ධ Sunshine Medical Devices පසුගියදා ශ‍්‍රී ලංකා නිර්වින්දන හා දැඩි සත්කාර වෛද්‍ය විද්‍යාලය විසින් සංවිධානය කළ 40 වැනි වාර්ෂික අධ්‍යයන සම්මේලනයේ Diamond Sponsor ලෙස සිය අනුග‍්‍රාහකත්වය දක්වන ලදී. කොළඹදී පවත්වනු ලැබූ මෙම සම්මේලනයේ ප‍්‍රධාන අමුත්තා ලෙස RCOA (UK) හි උප සභාපති වෛද්‍ය හෙල්ජි ජොහන්සන් මහත්මිය සහභාගී වූ අතර NHS (UK)හි අවදානම් හා නිර්වින්දන සත්කාර ඒකකයේ ජාතික සායනික අධ්‍යක්ෂිකා මහාචාර්ය රමණි මුණසිංහ මහත්මිය ආරාධිත අමුත්තා ලෙස ඊට එක් විය.

මෙම සම්මේලනයේ දී විශේෂඥයින්, ලේඛන භාර නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් හා ග‍්‍රාමීය රෝහල් උපදේශකයින් අතර සන්නිවේදනය හා සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා සුවිසල් කාර්යභාරයක් ඉටු කළ Sunshine Medical Devices වෛද්‍ය ප‍්‍රජාවේ සුවිශේෂී අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද මෙහිදී කටයුතු කරනු ලැබීය. මෙහිදී ශ්වසන කළමනාකරණ නිෂ්පාදන (Airway Management products), වේදනා පාලන නිෂ්පාදන (Pain Management products), ශරීරයේ අධික උණුසුම පාලනය කරන නිෂ්පාදන (Hyperthermia Management products), වැගිරීම් පාලන නිෂ්පාදන (Secretion Management products), ඖෂධ හා ආසේචන බෙදාහැරීම් පද්ධති (Drug and Infusion Delivery Systems) සහ රුධිර වායු විශ්ලේෂක (Blood Gas Analyzers) වැනි සිය නිෂ්පාදන ඇතුළත් ප‍්‍රදර්ශන කුටිය තුළින් වෛද්‍ය වෘත්තිකයින් හට විවිධ නිෂ්පාදනයන් පිළිබඳ ගවේෂණය කිරීමේ හා දැනුම ලබා ගැනීමේ අවස්ථාව Sunshine Medical Devices විසින් සලසා දීමද විශේෂත්වයක් විය.

ඉන් නොනැවතුණු Sunshine Medical Devices ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් දක්වන කැපවීම යළි යළිත් අවධාරණය කරමින් වෛද්‍ය වෘත්තිකයින් සමඟ එක්ව දැනුම බෙදා හදා ගැනීම සහ විශේෂඥයින් අතර වන සුවිශේෂී සහයෝගීතා සැලසුම් කිරීම තුළින් ධනාත්මක ඉදිරි ගමනක් යාම කෙරෙහි අවධානය යොමු කොට ඇත.

කර්මාන්ත හවුල්කරුවන් රැුසකගේ අනුග‍්‍රහය යටතේ පවත්වනු ලැබූ ඉතා වැදගත් සම්මේලනයක් වූ 40 වැනි වාර්ෂික අධ්‍යයන සම්මේලනයේ සාර්ථකත්වය වෙනුවෙන් ප‍්‍රමුඛ දායකත්වයක් දැක්වීමේ අවස්ථාව හිමි වීම පිළිබඳව Sunshine Medical Devices සිය සතුට පළ කර සිටියි.

2017 වසරේදී ආරම්භ කරන ලද Sunshine Medical Devices සමූහය තුළ වේගවත් වර්ධනයක් හා වෛද්‍ය උපකරණ අංශයේ 11%ක කොටසක් හිමි සන්ෂයින් හෙල්ත්කෙයාර් අනුබද්ධ ආයතනයකි. අද වන විට ආදායම අනුව සෞඛ්‍ය සේවා අංශයේ තෙවන විශාලතම ව්‍යාපාරික ඒකකය ලෙස කටයුතු කරන එය ශල්‍ය, රෝග විනිශ්චය සහ අනෙකුත් වෛද්‍ය උපාංගයන්හි වෙළෙඳපොල ප‍්‍රමුඛයකුද වේ. Johnson & Johnson, 3M, Siemens Healthineers, GE Healthcare, ICU Medical, Coloplast, Cordis, Abbvie සහ Randox වැනි සුප‍්‍රසිද්ධ වෙළෙඳනාම ඇතුළු ලොව ප‍්‍රමුඛ පෙළේ ශල්‍ය හා රෝග විනිශ්චය උපාංග නිෂ්පාදකයින් රැසක්ද Sunshine Medical Devices නියෝජනය කරනු ලබයි.

 

 

 

மேம்படுத்தப்பட்ட அம்சங்கள் மற்றும் கருவிகள் மூலம்,...
China Unicom Beijing, Huawei Deploy...
Strong sectoral performances drive CIC’s...
JAAF welcomes 2026 Budget focus...
Sampath Bank Honoured at the...
Renewed diaspora optimism as the...
Green Cabin Marks Festive Season...
Mahindra Ideal Finance records 204%...
Renewed diaspora optimism as the...
Green Cabin Marks Festive Season...
Mahindra Ideal Finance records 204%...
දහසය වන ජාතික සයිබර් ආරක්ෂණ...