TikTok ශ‍්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා ප‍්‍රජා මාර්ගෝපදේශ වැඩමුළුවක් පවත්වයි

Share

Share

Share

Share

TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත සහ රසවින්දනාත්මක පරිසරයක් ඇති කිරීමට TikTok හි උත්සාහයන් අවධාරණය කරයි. එමෙන්ම වගකීම් සහිත අන්තර්ගත නිර්මාණය කිරීමේ භාවිතයන් දිරිමත් කරමින් සහ ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් ඇති කිරීම ද මෙම වැඩමුළුවේ තවත් අරමුණකි.

TikTok හි ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව TikTok වේදිකාවේ හැසිරීම පාලනය කරන නීති සහ ප‍්‍රමිතීන් ගෙනහැර දක්වන පුළුල් රාමුවක් ලෙස ක‍්‍රියා කරයි. මෙම මාර්ගෝපදේශ මාලාවද නිර්මාණය කර ඇත්තේ නැගී එන ප‍්‍රවණතා සහ මාර්ගගතව (online) ඇති විය හැකි ගැටළුවල අනුවර්තනය වීමට වන අතර, විකාශනය වන නුසුදුසු හැසිරීම් හා සම්බන්ධ අවදානම් ඵලදායි ලෙස අවම කිරීමට මෙමඟින් හැකි වේ. මෙම වසරේ අපේ‍්‍රල් 21 දින සිට බලපැවැත්වෙන නවතම යාවත්කාලීන කිරීම් ලොව පුරා සංවිධාන 100කට අධික සංඛ්‍යාවක් සහ TikTok ප‍්‍රජාවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර නව්‍යකරණය කරන ලදී.

TikTok ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රිය අන්තර්ගත නිර්මාපකයින් කිහිප දෙනෙකු සමඟ ද අත්වැල් බැඳගෙන සිටී. ඔවුන් අන්තර්ගතය නිර්මාණය කරන අතර TikTok වේදිකාවේ ප‍්‍රජා මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කිරීමට සහාය වේ. #SaferTogether යන හෑෂ්ටැගය යටතේ, landing page TikTok හි ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවට ප‍්‍රවේශ විය හැකි අතර, එහිදී ඔවුන්ට මෙම ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව අවබෝධ කර ගැනීමේ වැදගත්කම සහ එය උපකාර වන ආකාරය ගැන කතා කරන ඔවුන්ගේ ප‍්‍රියතම අන්තර්ගත නිර්මාපකයින්ගේ වීඩියෝ නැරඹීමට හැකියx

TikTok හි දකුණු ආසියාවේ Safety and Integrity පිළිබඳ කලාපීය ප‍්‍රධානී, අස්මා අන්ජුම් මහත්මිය පැවසුවේ ‘‘මෙම වැඩසටහන දියත් කිරීමෙන්, ශ‍්‍රී ලංකාවේ TikTok පරිශීලකයින් අපගේ මාර්ගෝපදේශ මාලාව පිළිබඳව හොඳින් දැනුවත් ද යන්න පිළිබඳව දැනගැනීමට අපට අවශ්‍යයි. ඒ හරහා අපගේ ප‍්‍රජාව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගෙන ඔවුන්ව සවිබල ගැන්වීම අපගේ අරමුණයි. නිර්මාණකරුවන්ට නිර්මාණාත්මක ප‍්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැකි TikTok හි ආරක්ෂිත වටපිටාවක් ස්ථාපිත කිරීමට මාර්ගෝපදේශ අත්‍යවශ්‍ය වෙයි. මෙම වැඩසටහන සමඟින්, අපට අවශ්‍ය වන්නේ නිර්මාණාත්වය පොහොසත් කිරීම පමණක් නොව ආරක්ෂාව සහතික කරන අන්තර්ගතයන් නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම සහ මෙවලම් අපගේ නිර්මාණකරුවන් සමඟ බෙදා ගැනීමටයි. අපගේ ප‍්‍රමුඛතාවය වන්නේ පරිශීලකයින්ගේ ආරක්ෂාවයි.”

කලාත්මක ප‍්‍රකාශනය සහ විවිධත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස, TikTok සංස්කෘතික වටිනාකම් අගයමින් ධනාත්මක වටිනාකම් ඉහළ නංවන්නෙකු වන අතරම ඔවුන්ගේ නිර්මාණශීලිත්වය වැළඳ ගැනීමට සිය ප‍්‍රජාව දිරිමත් කරයි. TikTok ප‍්‍රජා මාර්ගෝපදේශවල වටිනාකම පිළිබඳව එහි ප‍්‍රජාව දැනුවත් කිරීමට ආයෝජනය කර ඇති අතර, සෑම පරිශීලකයෙකුම දියුණු වන ඩිජිටල් ප‍්‍රජාවක් සඳහා වන අපේක්ෂාවන් අවබෝධ කර ගන්නා බව සහතික කරයි. තවද ඔසනඔදන ජනතාවගේ යහපැවැත්ම වගකීමෙන් යුතුව ප‍්‍රවර්ධනය කරන අතරම ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ආරක්ෂිතව මෙහෙයවීමට සහ සතුට බෙදා හදා ගැනීමට නිවැරදි මෙවලම් සහ සම්පත් සමඟ එහි ප‍්‍රජාව සවිබල ගැන්වීමට කැපවී සිටියි.

TikTok මාර්ගගත ආරක්ෂාව පෝෂණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන කි‍්‍රයාමාර්ග වෙනුවෙන් මූලිකත්වය ගනියි. ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් පවත්වා ගැනීමට සාමූහික ප‍්‍රයත්නයක් අවශ්‍ය බව හඳුනා ගනිමින්, ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව වැඩිදියුණු කිරීම සඳහා සිය විශේෂඥ දැනුමෙන් දායක වූ ලොව පුරා සිටින සංවිධාන සහ නිර්මාණකරුවන්ට සිය කෘතඥතාව පුද කරයි

 

மேம்படுத்தப்பட்ட அம்சங்கள் மற்றும் கருவிகள் மூலம்,...
China Unicom Beijing, Huawei Deploy...
Strong sectoral performances drive CIC’s...
JAAF welcomes 2026 Budget focus...
Sampath Bank Honoured at the...
Renewed diaspora optimism as the...
Green Cabin Marks Festive Season...
Mahindra Ideal Finance records 204%...
Renewed diaspora optimism as the...
Green Cabin Marks Festive Season...
Mahindra Ideal Finance records 204%...
දහසය වන ජාතික සයිබර් ආරක්ෂණ...