කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් හඳුන්වාදීම වෙනුවෙන් Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමඟ එක් වෙයි

Share

Share

Share

Share

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් දාමයක් වන Laugfs Super හිදී ආපසු ලබා දිය හැකි සුවිශේෂී වීදුරු බෝතල් හඳුන්වා දෙන ලදී. කොකා-කෝලා හි තවත් පරිසර හිතකාමී වැඩසටහනක් ලෙස ඇරඹි මෙම හඳුන්වාදීම තුලින් පාරිභෝගිකයින්ට වඩා හොඳ තෝරාගැනීමක් සහ වැඩි දියුණු කළ අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව උදා විය.

ඒ අනුව මෙම ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් දිවයින පුරා පිහිටි Laugfs සුපිරි වෙළෙඳසැල් තුලින් ලබා ගැනීමේ අවස්ථාව දැන් මෙරට කොකා-කෝලා පාරිභෝගිකයින්ට ඇත. බීම නිෂ්පාදන සමාගමක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා විසින් සිය බීම වර්ග ඇසුරුම් කිරීමේ නව්‍යකරණයන් අඛණ්ඩව සිදු කරමින් සිටින අතර ඒ තුලින් පාරිභෝගිකයින්ට තමන්ට ගැලපෙන වර්ගය හා ප්‍රමාණය තෝරා ගැනීමේ පහසුව ලබා දෙයි.

2022 වසරේ සිට ශ්‍රී ලංකාව මුහුණු දෙමින් සිටින ආර්ථික අභියෝගවලට ප්‍රතිචාරයක් ලෙස කොකා-කෝලා විසින් Big Buddy Pack නමින් ආපසු ලබා දිය හැකි වීදුරු බෝතලයක් (LRGB) හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙමින් බස්නාහිර පළාත් තුල පමණක් අලෙවි කළ එම වීදුරු බෝතල් දැන් අනෙකුත් පළාත්වලින්ද මිලදී ගැනීමට හැකිය.

ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් (Big Buddy Pack) හඳුන්වා දීමෙන් පසුව 2024 වසරේදී විවිධ ප්‍රමාණවලින් යුත් වීදුරු බෝතල් හඳුන්වා දීම තුලින් ආපසු ලබා දිය හැකි ඇසුරුම් නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීමට කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා කටයුතු කරනු ලැබුවේ තිරසාර ඇසුරුම් සඳහා වන පාරිභෝගික ඉල්ලුම ඉහළ නැංවීමේ අරමුණද පෙරදැරි කරගනිමිනි.

එහෙයින් කොකා-කෝලා විසින් Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමඟ ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය එහි වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකිය. Laugfs යනු ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් වැදගත් දායකත්වයක් ලබා දෙනු ලබන හා ශක්තිමත් කැපවීමක් සහිත ආයතනයක් වන අතර කොකා-කෝලා හි ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් රට පුරා පාරිභෝගිකයින් වෙත ගෙන යාමේ සුවිශේෂී හවුල්කරුවෙකු ද වේ. මෙම වැඩසටහන සඳහා සිය පූර්ණ එකඟතාව පලකර ඇති Laugfs, බෝතල් ලබා දිය හැකි ස්ථාන හා ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසාදීම වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුවීම් ලබා දීමට ද කටයුතු කර ඇත. තවද මෙම පියවර මගින් Laugfs පාරිභෝගිකයින්ට බුද්ධිමත් තීරණ ගැනීමට අවස්ථාව ලබා දෙයි-

මෙම වැඩසටහන යටතේ පාරිභෝගික ප්‍රතිචාරය හා සැපයුම්දාමය මත පදනම්ව තවත් සිල්ලර අලෙවිකරුවන් සහ කලාප වෙත ආපසු ලබා දිය හැකි බෝතල් ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමටද කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා බලාපොරොත්තු වේ.

මෙම සුවිශේෂී හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදිප් පාණ්ඩේ මහතා “දශක 6කට වැඩි කාලයක් තිස්සේ නවෝත්පාදන හා තිරසාර විසඳුම් තුලින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් රස ගැන්වීමට සමත්ව සිටින අතර කොකා-කෝලා බෙවරේජස් මෙරට ජනතාව උදෙසා සිය දිගුකාලීන කැපවීම ප්‍රදර්ශනය කරමින් ව්‍යාපාර අනාගතය සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒවගේම දැරිය හැකි මිලකට, පාරිභෝගික ජීවන රටාවන්ට සහ ඔවුන්ගේ රුචි අරුචිකම්වලට ගැලපෙන ආකාරයේ ඇසුරුම් ලබා දීම CCBSL හි අපගේ අරමුණයි. Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය තුලින් අපගේ ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීම එම කැපවීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.” යනුවෙන් පැවසුවේය.

නිවැරදි ව්‍යාපාරකරණය තුලින් ජනතාවගේ ජීවිත, ප්‍රජාව හා පරිසරය තුළ වෙනසක් ඇති කිරීම තුලින් වඩා යහපත් හා තිරසාර අනාගතයක් උදා කරදීම සඳහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ අවධානය යොමු වී තිබේ.

Laugfs Super හි ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් ද සිල්වා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කර සිටියේ “අපගේ Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා කොකා-කෝලා හි ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් අලෙවි කිරීමට ලැබීම පිළිබඳව අපගේ සතුට ප්‍රකාශ කරන අතර ඒ තුලින් තිරසාරභාවය හා අර්ථවත් නවෝත්පාදනය සඳහා අප කැපවී සිටින්නෙමු. එසේම පාරිභෝගිකයින් සමඟ මනා සබඳතාවක් සහිත ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස අපගේ පාරිභෝගිකයින් වෙත මෙම වැඩසටහන ගෙන යාමට හා නිවැරදි භාවිතය වෙනුවෙන් ඔවුන් උනන්දු කිරීමට අපි කැපවී කටයුතු කරන්නෙමු. කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමඟ වන මෙම හවුල්කාරීත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට මෙන්ම අපගේ ජනතාවට හා පරිසරයට වටිනාකමක් එක් කරන වැඩසටහන් සඳහා තවදුරටත් සහයෝගය ලබා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු.”

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සහ Laugfs Super එකඟතාව තුලින් හවුල්කාරීත්වය හා කැපවීම විදහා දක්වමින් නිවැරදි භාවිතය මෙන්ම පරිසර හිතකාමී රටක් තුල වඩාත් හොඳ හෙට දවසක් උදෙසා අපගේ පාරිභෝගික ඔබ වෙනුවෙන් අපි කැපවී සිටින්නෙමු.

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආපසු...
TikTok හරහා රසවත් ආහාර සංස්කෘතියක...
BPPL Holdings PLC completes the...
Cinnamon Life සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ...
சமையல் கலைத் துறையில் புது வரலாறு...
50 சதவீத நிறுவனங்கள் ransomware தாக்குதலுக்கு...
සමාගම්වලින් අඩකඩ වැඩි ප්‍රමාණයක් ඩොලර්...
பிளாஸ்டிக் மறுசுழற்சிக்காக Neptune Recyclers உடன்...
50 சதவீத நிறுவனங்கள் ransomware தாக்குதலுக்கு...
සමාගම්වලින් අඩකඩ වැඩි ප්‍රමාණයක් ඩොලර්...
பிளாஸ்டிக் மறுசுழற்சிக்காக Neptune Recyclers உடன்...
HNB கடன் அட்டைகளின் அதிர்ஷ்ட வெற்றியாளருக்கு...