දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි

Share

Share

Share

Share

ඩිජිටල් නවෝත්පාදන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා සිය අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් DMASL ඩිජිටල් සමුළුව 2025 සඳහා නිල බැංකු සහකරු ලෙස හැටන් නැෂනල් බැංකුව නැවතත් එක් වී ඇත.

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) සිය තෙවන වාර්ෂික ඩිජිටල් සමුළුව 2025 ජූලි 24 සහ 25 යන දිනවල කොළඹ වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. දකුණු ආසියාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, ඩිජිටල් නවෝත්පාදකයින් සහ ව්‍යාපාරික නායකයින් එකට එක්රැස් වන මෙය සුවිශේෂී අවස්ථාවකි.

මෙවර සමුළුවට සහභාගීවන්නට ඩිජිටල් අලෙවිකරණයේ නවතම ප්‍රවණතා සහ නවෝත්පාදනයන් පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රධාන දේශන, සාකච්ඡා සහ අන්තර්ක්‍රියාකාරී වැඩමුළු ආදිය අපේක්ෂා කළ හැකිය. තවද නිර්මාණාත්මක විශේෂඥයින්, වර්ධන නායකයින් සහ තාක්ෂණික විශේෂඥයින් ඇතුළු ආසියා-පැසිෆික් කලාපයේ කථිකයින් 25 කට අධික පිරිසක් මීට සහභාගී වීමට නියමිතය.

මෙම සමුළුවේ වැදගත්කම අවධාරණය කරමින් HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ පරිවර්තනය යනු ඩිජිටල් මෙවලම් භාවිතා කිරීම පමණක් නොව, වඩා හොඳ ප්‍රතිඵල සඳහා මානසිකත්වයන් වෙනස් කිරීම බවයි. ‘’DMASL සමුළුවට අපගේ දායකත්වය ලබා දීම තුළින් පෙන්නුම් කරන්නේ ඩිජිටල් පරිවර්තනය යනු තාක්ෂණය හෝ නව මෙවලම් භාවිතා කිරීම පමණක් නොව මිනිසුන් සිතන ආකාරය සහ ආයතන ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීම පිළිබඳ අපගේ විශ්වාසයයි. බැංකුවක් ලෙස අප නව තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට කැපවී සිටින අතරම සාකච්ඡා, සහයෝගීතාවය සහ අන් අය සමඟ අදහස් බෙදාහදා ගැනීම අගය කරනවා. එමෙන්ම මෙම සංවාද හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමටත්, නව්‍ය විසඳුම් නිර්මාණය කිරීමටත් උපකාරී වන අතර අවසානයේදී එය ආර්ථික වර්ධනයට ද දායක වනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

HNB අලෙවි ප්‍රධානී උපුල් අධිකාරි මහතා පැවසුවේ මෙම සමුළුව HNB හි අර්ථවත් සම්බන්ධතාවය සඳහා තාක්ෂණය භාවිතා කිරීමේ උත්සාහයන්ට මනාව ගැලපෙන බවයි. ‘’කලාපයේ හොඳම තාක්ෂණික හා නවෝත්පාදන විශේෂඥයින් එක් කරන මෙම සමුළුවට සහාය වීමට ලැබීම පිළිබඳව අපට ආඩම්බරයි. මෙය සම්මතයන්ට අභියෝග කිරීමට, නව අදහස් ගවේෂණය කිරීමට සහ අනාගතය කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාවක් නිර්මාණය කරනවා.’’ යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙම සමුළුවේදී තෝරාගත් සැසි සහ ජාලකරණ ක්‍රියාකාරකම් සඳහා ද HNB සහාය වීමට නියමිතය. HNB, DMASL සමඟින් ඇති මෙම හවුල්කාරිත්වය ව්‍යාපාර සහ පුද්ගලයින් වඩාත් අන්තර් සම්බන්ධිත ලෝකයක සාර්ථකත්වයට අවශ්‍ය මෙවලම් හා සම්පත් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා බැංකුවේ කැපවීම මනාව පෙන්නුම් කරනවා.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...