යොහාන් පීරිස්, සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි

Share

Share

Share

Share

කඳු තරණයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටයකු වන යොහාන් පීරිස් පසුගියදා ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත තහවුරු කිරීමට සමත් වූයේ සියලු මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි. මේ සමඟ මෙම දස්කම සිදු කළ ලෝකයේ විශිෂ්ටයින් කිහිපදෙනා අතරට එක් වුණු යොහාන් මින් පෙර කිසිඳු ශ්‍රී ලාංකිකයකුට ළඟා වීමට නොහැකි වූ උස් කඳු මුදුන්වල ශ්‍රී ලාංකේය ධජය සිටුවීමට කටයුතු කරනු ලැබීය.

මහාද්වීප 6ක උසම කඳු මුදුන් තරණය කළ යොහාන්ගේ අවසාන ඉලක්කය වූයේ උතුරු ඇමරිකාවේ දුෂ්කරම කඳු මුදුන වන ඩෙනාලි (6,190m) තරණය කිරීමයි. එහිදී සෙල්සියස් අංශක 0ටත් වඩා අඩු සීතල මධ්‍යයේ, දුෂ්කර කාලගුණික තත්වයන්ට මුහුණ දෙමින් අධික බරක් ඔසවාගෙන කඳු මුදුන තරණය කිරීමට ඔහුට සිදු විය. අවසාන ගමනේදී මීටර් 5243ක උසකින් යුත් කඳවුරට ළඟා වූ ඔහුට දරුණු කුණාටු හා හිම කුණාටු හේතුවෙන් ආපසු හැරී යන්නටද සිදු විය.

එහෙත් වසර 10ක පමණ කාලයක් තිස්සේ බොහෝ අභියෝගයන් හමුවේ විටකෙ පසුබසිමින් තවත් විටෙක අභියෝග පරාජය කරමින් සිය එකම සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් කැපවුණු යොහාන් අවසානයේදී ජයග්‍රාහකයකු බවට පත් වූයේ සමස්ත ලෝකයේම අවධානය තමන් වෙත නතු කර ගනිමිනි. 2014 වසරේදී මීටර් 5895ක් වූ අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කඳු මුදුන (Mount Kilimanjaro) තරණය කරමින් සිය ගමන ආරම්භ කළ ඔහු 2016 වසරේදී ආසියාවේ එවරස්ට් කන්ද (Mount Everest) තරණය කිරීමට උත්සාහ ගනු ලැබීය.

එහෙත් එය අසාර්ථක උත්සාහයක් විය. එහෙත් සිය උත්සාහය අත් නොහළ යොහාන් 2018 වසරේදී මීටර් 8849ක එවරස්ට් කඳු මුදුන ජය ගනිමින් තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. 2019 වසරේදී මීටර් 2228ක් වූ ඕස්ටේ්‍රලියාවේ කොස්කියුස්කෝ කඳු මුදුන (Mount Kosciuszko) මෙන්ම 2023 වසරේදී මීටර් 5642ක් වූ යුරෝපයේ එල්බරස් කඳු මුදුන (Mount Elbrus) සාර්ථකව තරණය කිරීමටත් සමත් වූ යොහාන් 2025 වසරේදී ඇන්ටාටිකාවේ වින්සන්ට් කන්දෙහි (Mount Vinson) මීටර් 4892ක කඳු මුදුන තරණය කිරීමට කටයුතු කරනු ලැබුවේ එම දස්කම සිදු කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවටද පත් වෙමිනි. දකුණු ඇමරිකාවේ අකොන්කගුවා (Aconcagua) කඳු මුදුන තරණය කිරීමේදී ඉතා දුෂ්කර කාලගුණික තත්වයකට මුහුණ දෙමින් මීටර් 6961ක් උස් වූ කඳු මුදුනට මීටර් 200ක් දක්වා ළඟා වීමට සමත් විය. අවසාන වශයෙන් උතුරු ඇමරිකාවේ ඩෙනාලි (Denali) හි මීටර් 6190 ක උසින් යුත් කඳු මුදුනේ කඳුවුරට ළඟා වෙමින් වසර 10කට වැඩි කාලයක් පුරා සිය උත්සාහයේ, කැපවීමේ හා අධිෂ්ඨානයේ මහඟු ප්‍රතිඵල අත්කර ගැනීමට අවස්ථාව උදා කරගත්තේ ශ්‍රී ලාංකිකයකු ලෙස ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි.

ජාතියට අභිමානයක් එක් කළ යොහාන්ගේ කඳු තරණය
පසුගිය ජූලි 8 වන දින ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකේය අභිමානය විරාජමාන කළ යොහාන් ශ්‍රී ලංකාවට පා තැබුවේ ඉතා උණුසුම් පිළිගැනීමක්ද සමඟිනි. ඔහුව පිළිගන්නට මිතුරන්, පවුලේ සාමාජිකයින්, රසිකයින් මෙන්ම ඔහු වෙනුවෙන් සහාය වූ අනුග්‍රාහකයින් රැස්ව සිටි අතර ඒ සියලු දෙනා සමඟින් සිය අභිමානය බෙදා හදා ගැනීමට යොහාන් අමතක නොකළේය.

මෙහිදී අදහස් දක්වමින් යොහාන් සඳහන් කර සිටියේ “ හැම කඳු මුදුනක්ම මට විශාල අභියෝගයක් බවට පත් වුණා. අත්තටම ඒවා මගේ ආත්ම ශක්තිය, දරා ගැනීම වගේ දේවල් පරීක්ෂා කළා. නමුත් ඒ සියලු අභියෝගයන් හා දුෂ්කරතාවයන් විඳ ගනිමින් මම මගේ අරමුණ වෙනුවෙන් කැපවී කටයුතු කළා. ඒ හැම මොහොතකදීම දරා ගැනීමේ හැකියාව, අධිෂ්ඨානය වැනි ගුණාංග මම ඉගෙන ගත්තා. මට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමටයි. අවසානයේදී එය සාක්ෂාත් කර ගැනීමට මට හැකි වුණා. ශ්‍රී ලාංකිකයකු වීම ගැන මම මේ තරම් ආඩම්බර වූ අවස්ථාවක් තවත් නැහැ.” යනුවෙනි.

යොහාන්ගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වූ හවුල්කරුවන් වූ AUK Protection, Anlene, Link Samahan, Cinnamon Life – City of Dreams, Qatar Airways, Mastercard, W15, Wow Media Productions සහ Wowlife Church විසින් ඉටු කළ කාර්ය භාරයද ඉතා විශිෂ්ටය. අසාමාන්‍ය ජයග්‍රහණයන් තුළින් ශ්‍රී ලාංකේය ජනතාවගේ හැකියාව හා ශක්තිය ලොවට ප්‍රදර්ශනය කළ යොහාන්ගේ මෙම සුවිශේෂී ජයග්‍රහණය මෙවන් වික්‍රමයන් වෙනුවෙන් නව පරම්පරාවේ උනන්දුව ඉහළ නැංවීමටද හේතුවක් වනු නිසැකය.
යොහාන් පීරිස් සමඟ සම්මුඛ සාකච්ඡා, මාධය ආවරණ හෝ වැඩි දුර විස්තර ලබා ගැනීමට +94 77 735 3002 අංකයෙන් Seven Summits Expedition කණ්ඩායමේ සජේඩා අක්බර්අලි අමතන්න.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...