BYD හි ප්‍රථම මගී වාහන තොගය ශ්‍රී ලංකාවට: John Keells CG Auto තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමින් BYD හි පළමු අති නවීන නව බලශක්ති වාහන (NEVs) තොගය හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ BYD මගී වාහන සඳහා මෙරට බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto පහසුකම් සපයන ලද මෙම සුවිශේෂ සන්ධිස්ථානය නව්‍ය සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරයි.

මෙම නවතම මගී වාහන තොගයට BYD හි ජනප්‍රිය ගෝලීය මාදිලි වන BYD SEALION 6, BYD ATTO 3 සහ BYD DOLPHIN ඇතුළු තවත් අති නවීන නව බලශක්ති වාහන (NEVs) ඇතුළත් වේ. EV සහ Plug in hybrid මෝටර් රථවලට බෙහෙවින් ඇලුම් කරන පාරිභෝගිකයින්ට වසර පහකට වැඩි ආනයන සීමාවලින් පසුව ශ්‍රී ලංකා වෙළඳපොළට නැවත පිවිසි BYD මගී වාහන මිලදී ගැනීමට දැන් අවස්ථාව ඇත.

වාහන කලින් වෙන්කරවා ගත් පාරිභෝගිකයින්ට එම වාහන බෙදා හැරීමේ කටයුතු ඉදිරි සතිවලදී ආරම්භ වීමට නියමිතය.

නවෝත්පාදනයන් සමඟ ඉදිරියට
මේ පිළිබඳව අදහස් දක්වමින් JKCG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ “BYD සමඟ අපගේ හවුල්කාරිත්වය පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීමේ අපගේ කැපවීම පිළිබිඹු කරන අතර එය ශ්‍රී ලංකාවේ සුපිරිසිදු, වඩාත් තිරසාර අනාගතයක් පිළිබඳ දැක්මට සහාය දක්වනවා. ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු මෙම නවතම BYD වාහන ශ්‍රී ලංකාවට රැගෙන ආ පළමු ආයතනය වීම ගැන අපි නිහතමනීව ආඩම්බර වනවා. ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාවන් උපරිම ලෙස භාවිත කරමින් රට තිරසාර ගමනාගමනය වෙත ගමන් කිරීම සඳහා උසස් තත්ත්වයේ වාහන, යටිතල පහසුකම් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවන් ලබා දෙමින් ශ්‍රී ලංකාව තිරසාර පරිවර්තනයක් කරා මෙහෙයවීම සඳහා සහාය වීම අපගේ අරමුණයි.”

BYD හි උසස් තාක්ෂණය සහ ක්‍රියාකාරිත්වය මෙරට මහා මාර්ගවලට ගෙන එමින් JKCG Auto ඉදිරි සති කිහිපය තුළ පාරිභෝගිකයින්ට මෙම BYD වාහන ලබා දීමට නියමිතය. තවත් නවීන වාහන හඳුන්වා දෙමින් පරිසර හිතකාමී පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන විප්ලවයේ ප්‍රමුඛයෙකු ලෙස එහි භූමිකාව ශක්තිමත් කිරීමට සමාගම සූදානමින් සිටී.

EFC National Best Employer Awards...
கண்டி நகரில் நவீன விருந்தோம்பல் சேவையின்...
Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...