HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෝටර් රථ වාහන කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් වන අයිඩියල් මෝටර්ස් (Ideal Motors) පුද්ගලික සමාගම සමඟ වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය.

මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ මහින්ද්‍රා Bolero City Pickups රථ, ALFA Plus Load රථ සහ KUV AMT ඇතුළු මහින්ද්‍රා වාහන සහ Mahindra Powerol ජෙනරේටර යන්ත්‍ර සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ප්‍රවර්ධනය කිරීමයි. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලදී. තවද මේ හරහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) වලට අවශ්‍ය වාහන සහ ජෙනරේටර්ස් වෙත ප්‍රවේශය පහසු කිරීම මගින් ඔවුන්ව සවිබල ගැන්වීමට අපේක්ෂිතය.

HNB සහ Ideal Motors අතර වන මෙම හවුල්කාරිත්වය මෙරට ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දෙන ව්‍යාපාරවලට සහාය වීම සඳහා HNB කැපවීම පෙන්නුම් කරයි. මෙමගින් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පහසු හා දැරිය හැකි මූල්‍ය විසඳුම් ලබා දෙයි. තවද ඉහළ ඉල්ලුමක් ඇති වාහන සහ ජෙනරේටර්ස්වලට මෙම ලීසිං විකල්ප සඳහා පහසු ප්‍රවේශයක් ලබා දීමෙන් ව්‍යාපාරවලට ඔවුන්ගේ ඵලදායිතාව හා මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීමට ද උපකාර කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “මෙම හවුල්කාරිත්වය මගින් දැරිය හැකි මූල්‍ය විසඳුම් සමඟ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා. Ideal Motors හි මහින්ද්‍රා වාහන සහ ජෙනරේටර්ස් පරාසය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) සාර්ථකව පවත්වාගෙන යාමට සහ වර්ධනය වීමට උපකාර කිරීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. Ideal Motors සමඟ වන හවුල්කාරීත්වය සහ ඔවුන්ගේ විශ්වාසදායක නිෂ්පාදන භාවිතා කිරීමෙන් HNB අපගේ ඉලක්කය වන්නේ ව්‍යාපාරවලට හොඳින් සැලසුම් කරන ලද ලීසිං විසඳුම් ලබා දෙන අතරම විශේෂයෙන් පිරිවැය සහ විශ්වසනීයත්වය පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔවුන්ට වර්ධනය වීමට සහ සාර්ථක වීමට අවශ්‍ය සම්පත් ද සැපයීමයි.” යනුවෙනි

“අපගේ මහින්ද්‍රා වාහන පරාසය සහ බලශක්ති විසඳුම් වෙළඳපොළේ පුළුල් කොටසකට ප්‍රවේශ වීම ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය මූල්‍ය ආයතනයක් වන HNB සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. එමෙන්ම මෙම හවුල්කාරිත්වය උසස් තත්ත්වයේ වාණිජ වාහන සහ බලශක්ති විසඳුම් සැපයීමට අපට උපකාරී වන අතරම ව්‍යාපාරවලට ඔවුන්ගේ මෙහෙයුම් වර්ධනය කර පවත්වා ගැනීමට අවශ්‍ය පහසු මූල්‍ය විසඳුම් ද ලබා දෙනවා. අපගේ නිෂ්පාදන දැනුම, HNB හි ලීසිං සහ මූල්‍යකරණ විසඳුම් සමඟ ඒකාබද්ධ කිරීමෙන් රට පුරා සිටින ව්‍යවසායකයින්ට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මෙන්ම ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාකරුවන්ට උපකාර කිරීමටත් වඩාත් තරඟකාරී වෙළඳපොළක් තුළ ඔවුන්ගේ වර්ධනය වන ප්‍රවාහන සහ මෙහෙයුම් අවශ්‍යතා සඳහා සහාය වීමත් අපගේ අරමුණයි.” යනුවෙන් Ideal Motors නීති, අලෙවිකරණ සහ ආයතනික කටයුතු අධ්‍යක්ෂ නිමිෂා වෙල්ගම මහත්මිය සඳහන් කළාය.

මෙම හවුල්කාරීත්වය සමඟින් දේශීය ව්‍යාපාරවලට ඔවුන්ගේ ප්‍රවාහන සහ බලශක්ති අවශ්‍යතා සඳහා උපකාර කිරීමෙන් ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා HNB වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. තවද ව්‍යාපාරවලට දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට උපකාර කිරීම සඳහා පාරිභෝගික හිතකාමී, තාක්ෂණය මත පදනම් වූ මූල්‍ය නිෂ්පාදන පිරිනැමීම කෙරෙහි ද බැංකුව අවධානය යොමු කරයි.

Softlogic Life Grows 29% with...
TikTok Launches Time and Well-being...
மாற்றுத்திறனாளிகளுக்கான முதல் ஒருங்கிணைந்த நியமன இயக்கத்துடன்...
Sri Lanka Targets Inclusive Economic...
2025 SLIM ජාතික විකුණුම් සම්මාන...
2025 ஜனாதிபதி சுற்றுச்சூழல் விருதுகள் நிகழ்வில்...
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා...
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
2025 ஜனாதிபதி சுற்றுச்சூழல் விருதுகள் நிகழ்வில்...
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා...
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
Global Talent Competes to Solve...