Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි

Share

Share

Share

Share

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. මෙම වාර්ෂික වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක ක්‍රියාත්මක වන කඩවත, කැලණිය, රත්මලාන, මෝදර සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පාසල්වල සිසු දරු දැරියෝ 640 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ගත්හ.

මෙම වැඩසටහන මගින් ප්‍රාථමික සහ ද්විතීයික පාසල් දෙකම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසු දරු දැරියන්ට වවුචර්පත් ලබා දෙන ලදී. මෙම දරුවන් අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන අතර ඔවුන්ගේ දෙමව්පියන් බොහෝ දුරට දෛනික වැටුප් ලබන රැකියාවල නිරතවන්නෝ වෙති. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට උපකාර කිරීම සඳහාත් නව පාසල් වර්ෂයට හොඳ ආරම්භයක් ලබා දීම සඳහාත් මෙම වවුචරපත් ලබා දෙන ලදීි.

මෙම වැඩසටහන, අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ අත්‍යවශ්‍ය ඉගෙනුම් සම්පත් සැපයීම මගින් ප්‍රජාවන්ට සහාය වීම අරමුණු කරගත් සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමෙ හි අධ්‍යාපන වැඩසටහනේ කොටසකි.

මෙම වැඩසටහන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සන්නිවේදන සහ සමාජ සත්කාරක අංශය විසින් කළමනාකරණය සහ සම්බන්ධීකරණය කරන ලද අතර යශෝධරා ප්‍රාථමික විද්‍යාලය (කැළණිය), දිප්පිටිගොඩ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය (කැළණිය), දළුපිටිය ප්‍රාථමික විද්‍යාලය (කැළණිය), බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය (කඩවත), ක්‍රිස්තුදේව විද්‍යාලය (රත්මලාන), ශාන්ත ජෝන්ස් විද්‍යාලය (මෝදර) සහ තොටවත්ත මෙතෝදිස්ත විද්‍යාලය (කොළඹ උතුර) යන පාසල්වලට මෙම වවුචරපත් බෙදා දෙන ලදී.

සන්ෂයින් නායකත්ව කණ්ඩායමේ සාමාජිකයින්, කළමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් මෙන්ම Sunshine Healthcare Lanka හි ඖෂධ, වෛද්‍ය උපාංග, Healthguard Distribution, හෙල්ත්ගාඩ් ෆාමසි සහ ලීනා මැනුෆැක්චරින් ඇතුළු Sunshine Tea (පුද්) සමාගම සහ Sunshine Consumer Lanka වැනි එහි ව්‍යාපාරික අංශවල නියෝජිතයින් මෙම අවස්ථාව සඳහා එක් වූ අතර ප්‍රජාවන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා සමූහයේ සාමූහික කැපවීම මින් අවධාරණය කරයි.

වාර්ෂිකව පවත්වනු ලබන මෙම වැසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් අධ්‍යාපනික විෂමතා පියවා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දරු දැරියන්ට සහාය වීමට අඛණ්ඩව කටයුතු කරන අතර සමාගම ආසන්නයේ සිටින පවුල්වල සිසු දරු දැරියන්ට වඩාත් සමාන හා බලාපොරොත්තු සහගත අනාගතයක් නිර්මාණය කිරීමට උපකාරී කරයි.

Sri Lanka Unlocks New Market...
Sampath Bank Launches Priority Reserve...
2025 වසරේ මැයි මස අපනයන...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය...