Trinasolar, ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 25ක භාවිතයට ගත හැකි සූර්ය බලශක්තියක් උත්පාදනය වෙනුවෙන් Solaris Energy සමඟ අත්වැල් බැඳ ගනියි

Share

Share

Share

Share

උසස් තත්වයේ PV සහ බලශක්ති ගබඩා විසඳුම් ලබා දීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Trinasolar ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෝලා බෙදාහරින්නකු වන Solaris Energy (පුද්) සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹිණි. රට පුරා උපරිම මෙගාවොට් 25ක සූර්ය මොඩියුල සැපයීම හා සවි කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම මෙම ගිවිසුමෙහි අරමුණ විය. ලොව විශාලතම සෝලා කර්මාන්ත ප්‍රදර්ශනය වන ෂැංහයිහි පැවති SNEC 2025 හිදී මෙම ගිවිසුමට නිල අත්සන් තබන ලදී.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා Trinasolar Asia Pacific හි සභාපති Todd Li මහතා සහ Solaris Energy හි ප්‍රධාන විධායක නිලධාරී ටී. තිරියඹගන් යන මහත්වරුන් සහභාගී විය.

මෙම හවුල්කාරීත්වය යටතේ දකුණු ආසියානු වෙළෙඳපොල සඳහා Trinasolar හි කැපවීම මනාව පිළිබිඹු වේ. තවද පිරිසිදු හා තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත මාරුවීම කඩිනම් කිරීම සඳහා වන මෙරට ජාතික ඉලක්කයන් සපුරා ගැනීමටද මෙම හවුල්කාරීත්වය ශක්තියක් සපයනු ලබයි. මෙම ගිවිසුමට අනුකූලව Trinasolar සමාගම ශ්‍රී ලංකාවේ උපයෝගිතා පරිමාණ සූර්ය ව්‍යාපෘති සඳහා සිය උප කොන්ත්‍රාත්කරුවකු ලෙස Solaris Energy සමාගම නම් කරනු ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් Trinasolar Asia Pacific හි දකුණු, අග්නිදිග හා මධ්‍යම ආසියාවේ සමූහ අධ්‍යක්ෂ එල්වා වැන්ග් සඳහන් කර සිටියේ Solaris Energy සමඟ ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය වෙනුවෙන් දිගුකාලීන කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ “අපගේ කර්මාන්තයේ ප්‍රමුඛතම Vertex N මාදිලිය Solaris හි ශක්තිමත් දේශීය පැවැත්ම සමඟ එක් කිරීම තුලින් පිරිසිදු බලශක්ති ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහා සහාය වන විශ්වාසදායී හා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් සෝලා යටිතල පහසුකම් ලබාදීමට අවශ්‍ය හැකියාව අප විසින් ලබා දෙනවා. එමෙන්ම මේ හරහා තිරසාර වර්ධනය වේගවත් කිරීමට සහ ජාත්‍යන්තර තත්වයේ තාක්ෂණය තුලින් ශ්‍රී ලංකාව බලගැන්වීමටත් අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වයෙහි ප්‍රධාන සාධකය ලෙස n-type i-TOPCon cell තාක්ෂණය ඇතුළත් Trinasolar හි Vertex N නිෂ්පාදන පෙළයි. ඉහළ කාර්යක්ෂමතාවය, මනා උෂ්ණත්ව ක්‍රියාකාරීත්වය මෙන්ම අවම බලශක්ති පිරිවැය උදෙසා නිර්මාණය කර ඇති මෙම Vertex N නිෂ්පාදන පෙළ මෙරට නිවර්තන දේශගුණයට හා ජාතික ජාල අවශ්‍යතා සඳහා වඩාත් වැදගත් වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ Solaris Energy හි ප්‍රධාන විධායක නිලධාරී ටී. තිරියඹගන් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි තත්වයේ ව්‍යාපෘති සඳහා උසස් තත්වයේ සෝලා විසඳුම් ලබා දීම සඳහා ගෝලීය තාක්ෂණ ප්‍රමුඛයකු වන Trinasolar සමඟ එක් වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ බලශක්ති හැකියාව ඉහළ නැංවීමේ අනාගතයක් වෙනුවෙන් යටිතල පහසුකම් ලබා දීමේ ප්‍රමුඛ ඉදිරි පියවරක් ලෙස සඳහන් කළ හැකියි. පිළිගත් ගෝලීය නවෝත්පාදනයන් සමඟින් දේශීය විශේෂඥතාව එක් කරමින් කාබන් විමෝචනය අවම අනාගතයක් ශ්‍රී ලංකාවට උරුම කරදීම අපගේ අරමුණ වී තිබෙනවා.” යනුවෙනි.

Trinasolar ගෝලීය වශයෙන් අත්කරගෙන ඇති පිළිගැනීම මත මෙම ගිවිසුමට එළඹි අතර ඒ අනුව ආසියානු පැසිෆික් කලාපය පුරා උසස් තත්වයේ සෝලා තාක්ෂණයන් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ඔවුන් විසින් අඛණ්ඩව ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දෙනු ඇත. විශේෂයෙන් Solaris වැනි විශ්වාසවන්ත දේශීය හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් මෙරට බලශක්ති අනාගතය සවිබල ගැන්වීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරන Trinasolar නවෝත්පාදනය හා තිරසාරභාවය පිළිබඳ සිය කැපවීම හා ඉහළ කාර්යසාධනයක් සහිත සමාගමක් ලෙස ජනතා පිළිගැනීම සමඟින් විශ්වසනීය සූර්ය බලශක්ති විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටියි.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...